TISL calls for the appointment of an independent RTI Commission in September

RTI

TISL calls for the appointment of an independent RTI Commission in September

  • Legal procedure in RTI Act for appointment of Commissioners should be followed
  • TISL compiles and submits nominations from other CSOs as well

The tenure of the Right to Information (RTI) Commission which is the central oversight and appellate body established under the Right to Information Act of Sri Lanka is set to expire in September this year. Transparency International Sri Lanka (TISL) calls for the appointment of the new commissioners in line with the procedures set out in the Right to Information Act No 12 of 2016.

The RTI Commission is established under section 11 of the RTI Act which defines the constitution of the Commission, which consists of a chairperson and four members who serve a term of five years. Prior to the passing of the 20th amendment to the Constitution, the appointments were made by the President upon the recommendations provided by the Constitutional Council.

However, the 20th amendment changed the manner in which the RTI Commission is appointed. The Constitutional Council which is mentioned in the Act is no longer functional and has been replaced with the Parliamentary Council. Therefore, it is now up to the Parliamentary Council to obtain nominations from the Bar Association of Sri Lanka, organizations of publishers, editors and media persons and other civil society organisations to fill positions in the RTI Commission. The Parliamentary Council is expected to make observations to the President on who should be appointed to the RTI Commission, while the President’s duty to seek such observations is mandatory.

TISL hopes that the President would take these observations into serious consideration when making appointments for the RTI Commission, in keeping with the democratic process stipulated in the RTI Act of Sri Lanka.

Commenting on this, TISL Executive Director Nadishani Perera stated that “Over the Past 5 years the RTI Commission of Sri Lanka was able to deliver commendable decisions that protected the people’s right to information. They were able to do this because the RTI Commission acted in its capacity as an independent body. TISL hopes that the President will make the new appointments to the Commission in line with the provisions of the RTI Act, ensuring the independent nature of the Commission,”

Earlier TISL took steps to invite Civil Society Organisations in the country to join hands in fulfilling their role laid out in the RTI Act. The nominations by a number of Civil Society organisations including TISL for a position in the RTI Commission were compiled and handed over to the Parliamentary Council yesterday.

The RTI Commission can be considered to be a bridge that connects the state with the general populace. During its tenure the current RTI Commission provided progressive rulings from matters ranging from simple RTI requests on local development activities to more controversial issues such as an order to release the asset declarations of the former Prime Minister. These rulings are a testament to the independence of the commission and further proof of why the proper procedure laid out in the RTI Act should be followed when making appointments to the Commission.

TISL Executive Director Nadishani Perera also noted that “the background of the RTI Commissioners and that role that they play have a direct impact on the general public. If the appointed Commissioners are impartial, with no direct ties to politics, they would be able to dole out impartial rulings on behalf of the people. Therefore, it is also the responsibility of the general public to pay close attention to the nature of individuals appointed to the RTI Commission.”

The following names were submitted to the Parliamentary Council by TISL and other civil society organisations for consideration when selecting candidates for the RTI Commission:

1) Dr. A.K.C.H. Priyangani Jayasundara
Nominated by : Safe Foundation

2) Mrs. J. H. Nilmini Sunethra Kumari
Nominated by : Child Vision Sri Lanka

3) Mr. P. Sai Balasubramaniam
Nominated by : Peoples’ Development Foundation

4) Rev. Dr. Noel Dias
Nominated by : Centre for Social Justice and Equity

5) Mr. D.M. Samantha Dassanayake
Nominated by : Centre for Human Rights and Community Development

6) Dr. Prathiba Mahanamahewa
Nominated by : Caritas SED

7) Mr. Sampath Pushpakumara
Nominated by : Families of the Disappeared

8) Mr. Nadarajah Sivaranjith
Nominated by : NGO Consortium, Ampara

9) Mr Aingkaran Kugathasan
Nominated by : Transparency International Sri Lanka

 

RTI කොමිසමට නව සාමාජිකයින් පත් කිරීමේදී කොමිසමේ ස්වාධීනත්වය සුරකින්නැයි TISL ආයතනය ඉල්ලා සිටී

  • කොමසාරිස්වරුන් පත් කිරීම සඳහා වන RTI පනතෙහි සඳහන් නීති පටිපාටිය අනුගමනය විය යුතුයි.
  • TISL ආයතනය අනෙකුත් සිවිල් සමාජ සංවිධාන වලින් ලබා ගත් නාම යෝජනාද සහිතව නාම යෝජනා ලැයිස්තුවක් සකස් කර භාර දීමට පියවර ගනී.

වත්මන් තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාවේ (RTI කොමිසම) සේවා කාලය එළඹෙන සැප්තැම්බර් මාසයෙන් අවසන් වන අතර නව කොමිෂන් සභා සාමාජිකයන් / කොමසාරිස්වරුන් පත් කිරීම, තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනතෙහි (RTI Act) සඳහන් කාර්යය පටිපාටිය අනුවම සිදු කරනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය (TISL) ප්‍රකාශ කරයි.

2016 අංක 12 දරණ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනතෙහි 11 වන වගන්තිය ප්‍රකාරව RTI කොමිසම පිහිටුවන අතර මෙය වසර පහක ධූර කාලයකට යටත් වේ. සභාපතිවරයෙකුගෙන් සහ සාමාජිකයන් සිවු දෙනෙකුගෙන් සමන්විත වන තොරතුරු කොමිසම පත්කිරීම, 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පෙර සිදු කරනු ලබන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශ මතයි.

කෙසේ වුවද,20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා මෙම පත්කිරීමේ ක්‍රමවේදය මඳ වෙනසකට ලක් වන්නේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අහෝසි කර ඒ වෙනුවට පාර්ලිමේන්තු සභාව ස්ථාපිත කිරීම හේතුවෙනි. මෙම පත් කිරීම් සම්බන්ධව පාර්ලිමේන්තු සභාවේ කාර්යභාරය වන්නේ පනතේ නියම කර ඇති ආකාරයට නාම යෝජනා ලබා දීමට හැකියාව ඇති සිවිල් සමාජ සංවිධාන, ශ්‍රී ලංකා නීතිඥ සංගමය සහ ජනමාධ්‍ය සංවිධාන වලින් ලබා ගන්නා වූ නාම යෝජනා පිළිබඳ නිරීක්ෂණ ජනාධිපතිවරයාට ලබා දීමයි. ජනාධිපතිවරයා විසින් එකී පත්කිරීම් සිදු කිරීමේදී පාර්ලිමේන්තු සභාවේ නිරීක්ෂණ ඉල්ලා සිටීම අනිවාර්ය කාර්යභාරයකි.මෙහිදී TISL ආයතනය අවධාරණය කර සිටින්නේ, RTI පනතෙහි සඳහන් වන්නා වූ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදය දිගින් දිගටම පවත්වාගනිමින්, ජනාධිපතිවරයා විසින් අදාළ කණ්ඩායම් හරහා ලැබෙන්නා වූ නාමයෝජනා දැඩි සැලකිල්ලකට භාජනය කරනු ඇතැයි බලාපොරොත්තු වන බවයි.

මේ පිළිබඳව අදහස් දක්වමින් TISL ආයතනයේ විධායක අධ්‍යක්‍ෂක නීතීඥ නදීශානි පෙරේරා මහත්මිය මෙසේ පැවසීය. “RTI කොමිසමට පසුගිය වසර 5 ක කාල සීමාව තුළ මහජනතාවගේ තොරතුරු අයිතිය ආරක්ෂා කරමින්, ප්‍රශංසනීය තීන්දු තීරණ ලබා දීමට හැකියාව ලැබුණේ එය සතු වූ ආයතනමය ස්වාධීනත්වය හේතුවෙනි. නව කොමිෂන් සභා සාමාජිකයින් පත් කිරීමේදී ද ජනාධිපතිතුමා, RTI පනතේ දැක්වෙන ක්‍රියාවලිය අනුගමනය කරමින්, ලැබෙනා නිර්දේශ මත පදනම්ව පත් කිරීම් සිදු කර, කොමිසමේ ස්වාධීනත්වය ඉදිරියටත් සුරක්‍ෂිත කරනු ඇතැයි අපි උදක්ම බලාපොරොත්තු වෙනවා”.

කොමිසම සඳහා සාමාජිකයන් නම් කිරීමේ සිවිල් සමාජ සංවිධාන කාර්යභාරය වෙනුවෙන් එක් වන ලෙස TISL ආයතනය පසුගියදා සිවිල් සමාජ සංවිධාන වෙත ඇරයුම් කළ අතර TISL ආයතනය ඇතුළුව අනෙකුත් සිවිල් සමාජ සංවිධාන විසින් යෝජනා කරන ලද නාමයෝජනා ලැයිස්තුව පාර්ලිමේන්තු සභාව වෙත ඊයේ දින (09.08.2021) බාර දෙන ලදී.

තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ කොමිෂන් සභාව, එහි වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම, රාජ්‍ය තන්ත්‍රය සහ පොදු මහජනතාව එකිනෙකට සම්බන්ධ කරන්නා වූ මැදිහත්කරුවෙකු වශයෙන් කටයුතු කිරීම අපේක්ෂා කරයි. වත්මන් තොරතුරු කොමිසම පසුගිය කාල සීමාව පුරාවට, ග්‍රාමීය ජනතාවගේ පොදු මහා මාර්ග සහ ඉඩම් ආදී ගැටළුවල සිට හිටපු අග්‍රාමාත්‍යවරයාගේ වත්කම් බැරකම් ප්‍රකාශ සම්බන්ධ නියෝගයන් ලබා දීම දක්වා ප්‍රගතිශීලී තීන්දු තීරණ රාශියක් ගැනීමට කටයුතු කර තිබෙන ආකාරයෙන් පෙනී යන්නේ, එහි සාමාජිකයින් පත් කිරීමට සහ ක්‍රියාකාරීත්වය පවත්වාගෙන යාම සඳහා RTI පනතේ දැක්වෙන රෙගුලාසි අනුගමනය කිරීමේ වැදගත්කමයි.

නදීශානි පෙරේරා මහත්මිය වැඩිදුරටත් මෙසේ පැවසුවාය. “RTI කොමිසමේ සාමාජිකයන්ගේ පසුබිම සහ එහි කාර්යභාරය මහජනතාවට ඍජුවම බලපාන කාරණාවන් දෙකක්. එහි සාමාජිකයන් සහ ක්‍රියාකාරීත්වය දේශපාලන බැඳියාවන්ගෙන් තොරවන තරමට, කොමිසමට ජනතාවගේ තොරතුරු අයිතිය සම්බන්ධ ගැටළු වලදී සාධාරණ විනිශ්චයන්ට එළඹීමට හැකියාව ලැබෙනවා. එම නිසා,තොරතුරු කොමිසමට සාමාජිකයන් පත් කිරීමේදී එය පනතෙහි සඳහන් වන ස්වාධීන ක්‍රියාපටිපාටියට අනුව සිදුවනවාද යන්න පිළිබඳව විමසිලිමත් වීම සම්බන්ධයෙන් මහජනතාවට ද මෙහිදී වැදගත් කාර්යභාරයක් පැවරෙනවා”

TISL ආයතනය ඇතුළු අනෙකුත් සිවිල් සමාජ සංවිධාන විසින් තොරතුරු කොමිසමේ සාමාජිකත්වය සඳහා යෝජනා කර පාර්ලිමේන්තු සභාව වෙත භාර දී ඇති නම් ලැයිස්තුව පහතින්.

1. ආචාර්ය ඒ.කේ.සී.එච්. ප්‍රියංගනී ජයසුන්දර මහත්මිය
නම යෝජනා කරන ලද්දේ සේෆ් පදනම (Safe Foundation) විසිනි.

2. ජේ.එච්.නිල්මිණී සුනේත්‍රා කුමාරි මහත්මිය
නම යෝජනා කරන ලද්දේ චයිල්ඩ් විෂන් ශ්‍රී ලංකා (Child Vision Sri Lanka) ආයතනය විසිනි.

3. පී.සායි බාලසුබ්‍රමනියම් මහතා
නම යෝජනා කරන ලද්දේ ජනතා සංවර්ධන පදනම (Peoples’ Development Foundation) විසිනි.

4. පූජ්‍ය.ආචාර්ය නොයෙල් ඩයස්
නම යෝජනා කරන ලද්දේ සමාජ සාධාරණත්වය සහ සමානාත්මතාවය පිලිබඳ කේන්ද්‍රය (Centre for Social Justice and Equity) විසිනි.

5. ඩී.එම් සමන්ත දිසානායක මහතා
නම යෝජනා කරන ලද්දේ මානව හිමිකම් සහ ප්‍රජා සංවර්ධනය පිලිබඳ කේන්ද්‍රය (Centre for Human Rights and Community                 Development) විසිනි.

6. ආචාර්ය ප්‍රතිභා මහානාම
නම යෝජනා කරන ලද්දේ කැරිටාස් SED (Caritas SED) ආයතනය විසිනි.

7.සම්පත් පුෂ්පකුමාර මහතා
නම යෝජනා කරන ලද්දේ අතුරුදහන්වුවන්ගේ පවුල් සංවිධානය (Families of the Disappeared) විසිනි.

8. නඩරාජා සිවරන්ජිත් මහතා
නම යෝජනා කරන ලද්දේ අම්පාර NGO කොන්සොර්ටියම් (NGO Consortium, Ampara) විසිනි.

9. අයින්කරන් කුගදාසන් මහතා
නම යෝජනා කරන ලද්දේ ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා (Transparency International Sri Lanka) ආයතනය විසිනි.

 

தகவலறியும் உரிமைக்கான ஆணைக்குழுவினை நியமிக்கும் போது பக்கச்சார்பற்ற தன்மையை கடைபிடிக்குமாறு TISL வலியுறுத்துகின்றது

  • ஆணையாளர்களை நியமிக்கும் போது RTI சட்ட நடைமுறைகளை பின்பற்றுதல் அவசியம்.
  • TISL மற்றும் ஏனைய CSOs ஊடாக பரிந்துரைகள் சமர்பிக்கப்பட்டன

இச்சட்டத்தின் நோக்கங்களுக்காக தாபிக்கப்பட்ட தகவலறியும் உரிமைக்கான ஆணைக்குழுவின் (RTI ஆணைக்குழு) பதவிக்காலம் எதிர்வரும் செப்டம்பர் மாதத்துடன் முடிவடைவதோடு, 2016ஆம் ஆண்டின் 12ஆம் இலக்க தகவலறியும் உரிமைச் சட்டத்தில் குறிப்பிடப்பட்டுள்ள நடைமுறைகளுக்கேற்ப புதிய ஆணையாளர்கள் மற்றும் அங்கத்தவர்கள் நியமிக்கப்படுவார்கள் என ட்ரான்ஸ்பேரன்சி இன்டர்நெஷனல் ஸ்ரீ லங்கா (TISL) நம்புகின்றது.

RTI ஆணைக்குழுவானது 2016ஆம் ஆண்டின் 12ஆம் இலக்க தகவலறியும் உரிமைச் சட்ட பிரிவு 11ன் ஏற்பாட்டின் கீழ் நிறுவப்பட்டதாகும். இவ் ஆணைக்குழுவில் ஒரு தலைவர் மற்றும் நான்கு உறுப்பினர்கள் ஐந்து வருடங்கள் பதவி வகிக்கின்றனர். அரசியலமைப்பின் 20 ஆவது திருத்தம் நிறைவேற்றப்பட முன்னர், அரசியலமைப்புப் பேரவையின் பரிந்துரைகளின் பேரில் ஜனாதிபதியால் குறித்த நியமனங்கள் வழங்கப்பட்டன.

எவ்வாறாயினும், அரசியலமைப்பின் 20 ஆவது திருத்தம் காரணமாக RTI ஆணைக்குழு நியமன முறையில் மாற்றங்கள் ஏற்பட்டுள்ளது. RTI சட்ட ஏற்பாட்டில் குறிப்பிடப்பட்டிருந்த அரசியலமைப்பு பேரவைக்கு பதிலாக பாராளுமன்ற பேரவை உள்வாங்கப்பட்டுள்ளது. எனவே, RTI ஆணைக்குழுவின் பதவி/ நியமனங்களை மேற்கொள்வதற்கு இலங்கை சட்டத்தரணிகள் சங்கம், ஊடகவியலாளர்கள் மற்றும் சிவில் சமூக அமைப்புக்களிடமிருந்து பரிந்துரைகளை பெறுவது பாராளுமன்ற பேரபையின் பொறுப்பாகும். இருப்பினும், அரசியலமைப்பு பேரவை போலல்லாமல், யாரை நியமிக்க வேண்டும் என்பது குறித்து ஜனாதிபதிக்கு வெளிப்படையான பரிந்துரைகளை வழங்குவதற்கு பதிலாக குறித்த நியமனங்கள் தொடர்பான அவதானிப்பை செலுத்துவது மாத்திரமே குறித்த பாராளுமன்ற பேரவைக்கு செய்ய முடியுமான ஒன்றாகும்.

RTI ஆணைக்குழு நியமனங்களை மேற்கொள்ளும் போது சட்டத்தில் குறிப்பிடப்பட்டுள்ள விடயங்களை ஜனாதிபதி கருத்திற் கொள்வார் என TISL எதிர்பார்க்கின்றது. அவ்வாறு கருத்திற் கொண்டு செயற்படுவதானது இலங்கையில் RTI சட்டத்தின் ஜனநாயக தன்மையினை தொடர்ந்தும் நிலைநாட்டப்படுவதை உறுதிப்படுத்தும் அதேவேளை, குறித்த பிரிவினரிடமிருந்து பெறப்படும் பரிந்துரைகள் தொடர்பாக ஜனாதிபதி கவனம் செலுத்துவார் எனவும் TISL நம்புகின்றது.

“கடந்த ஐந்து ஆண்டுகளில் இலங்கையின் தகவல் அறியும் உரிமை ஆணைக்குழுவானது பொதுமக்களின் தகவல் அறியும் உரிமையினை உறுதி செய்யும் பல செயற்பாடுகளை முன்னெடுத்துள்ளது. RTI ஆணைக்குழுவானது சுதந்திரமாக செயற்பட்டதன் காரணமாகவே அவர்களால் இவ் அடைவினை எட்ட முடிந்தது. ஆணைக்குழுவுக்கான புதிய உறுப்பினர்கள் நியமனத்திலும் RTI சட்டத்தில் குறிப்பிடப்பட்டுள்ள நடைமுறைகளைப் பின்பற்றி பெறப்பட்ட பரிந்துரைகளின் அடிப்படையில் நியமனங்களை வழங்குவதன் மூலம் ஆணைக்குழுவின் சுயாதீன செயற்பாட்டினை ஜனாதிபதி தொடர்ந்தும் பாதுகாப்பார்” என TISL நிறுவனத்தின் நிர்வாக பணிப்பாளர் நதிஷானி பெரேரா குறிப்பிடுகின்றார்.

ஆணைக்குழுவுக்கான உறுப்பினர்களை நியமிப்பதில் சிவில் சமூக பங்களிப்பினை நிறைவேற்றுவதற்காக நாட்டிலுள்ள அனைத்து சிவில் சமூக அமைப்புக்களையும் அணிதிரள TISL நடவடிக்கைகளை மேற்கொண்டது. RTI ஆணைக்குழுவின் பதவி நியமனங்களுக்கு TISL மற்றும் ஏனைய சிவில் சமூக அமைப்புக்கள் பரிந்துரைத்த பெயர்கள் நேற்று பாராளுமன்ற பேரவையிடம் ஒப்படைக்கப்பட்டது.

RTI ஆணைக்குழுவானது ஆளும் நிருவாகம் மற்றும் அரச துறைகளை பொது மக்களுடன் இணைக்கும் பாலமாக நாம் கருதலாம். சிறிய அபிவிருத்தி செயற்பாடுகள் தொடர்பான தகவல்கள் தொடக்கம் பிரதமரின் சொத்து அறிவிப்புக்களை வெளியிடுவது போன்ற சர்ச்சைக்குரிய விடயங்கள் வரையிலான RTI கோரிக்கைகளுக்கு தற்போதைய RTI ஆணைக்குழுவின் காலப்பகுதியில் பதில்கள் வழங்கப்பட்டுள்ளன. இவை ஆணைக்குழு சுதந்திரமாக செயற்படுகின்றமைக்கான சிறந்த சான்றுகளாகும் மற்றும் ஆணைக்குழு நியமனங்களை மேற்கொள்ளும் போது RTI சட்டத்தில் குறிப்பிடப்பட்டுள்ள நடைமுறைகளை ஏன் பின்பற்ற வேண்டும் என்பதற்கான காரணத்தினையும் தெளிவுபடுத்துகின்றது.

TISL நிர்வாக பணிப்பாளர் நதிஷானி பெரேரா மேலும் குறிப்பிடுகையில் “RTI ஆணையாளர்களின் பின்னணி மற்றும் அவர்கள் வகிக்கும் பங்கு என்பன பொதுமக்கள் மீது ஏற்படுத்துகின்றது. நியமிக்கப்பட்ட ஆணையாளர்கள் அரசியல் சார்பற்ற அல்லது அரசியலுடன் நேரடி தொடர்புகள் இல்லாதவர்களாக இருந்தால், அவர்களால் மக்கள் சார்பாக பாரபட்சமின்றி தமது செயற்பாடுகளை மேற்கொள்ள முடியும். ஆகவே, RTI ஆணைக்குழுவின் பதவிகளில் நியமிக்கப்படும் தனிநபர்களின் இயல்பை கூர்ந்து கவனிப்பது பொதுமக்களின் பொறுப்பாகும்” என்பதை சுட்டிக்காட்டியுள்ளார்.

தகவலறியும் உரிமை ஆணைக்குழுவின் பதவி வெற்றிடங்களை பூர்த்தி செய்ய TISL மற்றும் ஏனைய சிவில் சமூக அமைப்புக்களூடாக பாராளுமன்ற பேரவைக்கு பின்வரும் பெயர்கள் பரிந்துரைக்கப்பட்டுள்ளன.

1. Dr. A.K.C.H பிரியங்கனி ஜயசுந்தர

பரிந்துரை: SAFE நிறுவனம்

2. திருமதி. J.H நில்மினி சுனேத்ரா குமாரி

பரிந்துரை: Child Vision Sri Lanka

3. திரு. P. சாய் பாலசுப்ரமணியம்

பரிந்துரை: Peoples’ Development Foundation

4. Rev. Dr நோயல் டயஸ்

பரிந்துரை: Centre for Social Justice and Equity

5. திரு. D.M சமந்த தசநாயக்க

பரிந்துரை: Centre for Human Rights and Community Development

6. Dr. பிரதிபா மஹாநாமஹேவா

பரிந்துரை: Caritas SED

7. திரு. சம்பத் புஷ்பகுமார

பரிந்துரை: Families of the Disappeared

8. திரு. நடராஜா சிவரஞ்சித்

பரிந்துரை: NGO கூட்டமைப்பு (Consortium), அம்பாறை

9. திரு. அயிங்கரன் குகதாசன்

பரிந்துரை: ட்ரான்ஸ்பேரன்சி இன்டர்நெஷனல் ஸ்ரீ லங்கா

Share the Post

Comments

No comment yet.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *