Skip links

IJ STORY BOOK

මෙම ලිපි එකතුව, ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනයේ මෙහෙයවීමෙන් ජනමාධ්‍යවේදීන් උදෙසා පැවැත්වූ zගවේෂණාත්මක මාධ්‍යකරණයZ පිළිබඳ පුහුණු වැඩමුළුවකින් පසුව, ඊට සහභාගී වූ ජනමාධ්‍යවේදීන් විසින් සිය මාධ්‍ය සඳහා සම්පාදනය කරන ලද ලිපි අතුරින් තෝරාගත් කිහිපයක සංස්කරණයකි.

රජය විසින් පත් කරන ලද උගත් පාඩම් හා ප්‍රතිසංධානය පිළිබඳ කොමිසමේ වාර්තාවට ඇතුළත්, පොදු ජන ජීවිතයට සංවේදී නිර්දේශ ක්‍රියාත්මක වී ඇති ආකාරය කෙරෙහි එම පුහුණු වැඩමුළුවේදී විශේෂයෙන් අවධානය යොමු කෙරිණි. මෙම ලිපිවලින් බහුතරයකට තේමා වී ඇත්තේද පශ්චාත් යුද සමයේදී විවිධ ප්‍රදේශවල ජනතාවට මුහුණපෑමට සිදුව ඇති ගැටලූ ය. වැඩමුළුවෙන් ලබාගත් දැනුම හා නිපුණතා ද උපයෝගී කරගෙන, එදිනෙදා තොරතුරු වාර්තාකරණයෙන් ඔබ්බට ගොස් ජන ජීවිතයට සංවේදී තේමාවන් කෙරෙහි ගැඹුරු අවධානයක් යොමු කිරීමටත්, එම තේමාවන්ට අදාළව බලය දරන පාර්ශ්ව විසින් ආවරණය කර ඇති තොරතුරු ගවේෂණය කොට හෙළිදරව් කිරීමටත් ජනමාධ්‍යවේදීන් විසින් දරා ඇති උත්සාහය මෙම ලිපිවලින් පිළිබිඹු වෙයි.

Download: 

This website uses cookies to improve your web experience.