Skip links

මැතිවරණ නිරීක්ෂණ වාර්තා – 04 – නිල නිවාස අයථා ලෙස පරිහරණය කිරීම

pdaya

අම්පාර දිස්ත්‍රික්කය තුල එක්සත් ජාතික පෙරමුණ මෙන්ම එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ද තර`ග වදින අපේක්ෂක අපේක්ෂිකාවන් ගණනාවක් මැතිවරණ නීති රීති උල්ලංඝනය කරමින් පොදු දේපල අයථා ලෙස පරිහරණය කරනු ලබන බවට ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනයේ මැතිවරණ නිරීක්ෂණ වැඩසටහන ම`ගින් මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතාට පැමිණිලි කර ඇත.

නාම යෝජනා ලබා දීමෙන් පසු මෙම අපේක්ෂකයන් රජයේ ආයතන වලට අයත් නිල නිවාසවල තම පක්ෂ කාර්යාල පිහිටුවාගෙන ඒවා අයථා ලෙස පරිහරණය කරමින් සිටින බව එම සංවිධානය මැතිවරණ කොමසාරිස්වරයාට යැවූ ලිපියේ සඳහන් වේ.

අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, වාරිමාර්ග දෙපාර්තමේන්තුව සහ අම්පාර හි`ගුරාන සීනි සමාගමට අයත් නිල නිවාස මෙලෙස මැතිවරණ ප්‍රචාරක කටයුතු වලට යොදා ගනිමින් සිටින බවද පැමිණිල්ලේ සඳහන් වේ.

එක්සත් ජාතික පක්ෂයෙන් අම්පාර දිස්ත්‍රික්කයට තර`ග වදින පී. දයාරත්න මහතා අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට අයත් ඊ 8 නැමති නිල නිවස මැතිවරණ කටයුතු සඳහා යොදා ගනිමින් සිටී. මෙම නිල නිවස තුළ කාර්යාලයක් පවත්වාගෙන යන ආකාරය මැතිවරණ නිරීක්ෂකයන් විසින් ඡායාරූප ගත කර ඇත.

මේ අතර එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තර`ග වදින ශ්‍රියානි විෙජ්වික්‍රම මහත්මිය අම්පාර නගරයේ පණ්ඩුකාභය මාවතේ තම නිවස ඉදිරිපිට පිහිටා ඇති වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් නිළ නිවසක් තම දේශපාලන පක්ෂ කාර්යාලය ලෙස භාවිතා කරමින් සිටී. මේ සම්බන්ධව තහවුරු කෙරෙන ඡායාරූප සහිත සාක්ෂි ද ඉදිරිපත් කර තිබේ.

එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් අම්පාර දිස්ත්‍රික්කයට තර`ග වදින සරත් වීරසේකර මහතා ද දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට අයත් (සී 7) අංක දරණ නිල නිවස තම ඡන්ද ව්‍යාපාර කටයුතු වලට යොදාගෙන ඇත. මේ බව තහවුරු කෙරෙන ඡායාරූප සහිත සාක‍ෂි ද ඉදිරිපත් කර ඇත.

අම්පාර නගර සභාවේ හිටපු නගරාධිපති සහ මෙවර එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තර`ග වදින ඉන්දික නලින් මහතා ද අම්පාර නගර සභාවේ ලේකම්වරයාට වෙන් කර ඇති දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට අයත් නිල නිවස තම මැතිවරණ ප්‍රචාරක කටයුතු වලට යොදා ගනිමින් සිටී. එහි ඡායාරූපද අප සංවිධානය විසින් මැතිවරණ කොමසාරිස්වරයාට යවා ඇත.

එක්සත් ජාතික පක්ෂයෙන් අම්පාර දිස්ත්‍රික්කයට තර`ග වදින දයා ගමගේ මහතා ද දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට අයත් ඒ 03 දරණ නිල නිවස ඡන්ද ව්‍යාපාර කටයුතුවලට යොදා ගනිමින් සිටී. එම නිල නිවස ආපසු ඉල්ලා ඇතත් එය මෙතෙක් ආපසු බාරදී නොමැත. මෙයද තහවුරු කෙරෙන ඡායාරූප සහිත සාක්ෂි ඉදිරිපත් කර ඇත.

එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් අම්පාර දිස්ත්‍රික්කයට තර`ග වදින හි`ගුරාණ ගල්ඔය සීනි සමාගමට අයත් ක‍ ජ් 3 නිල නිවස තුල විමල්වීර දිසානායක මහතා තම මැතිවරණ ප්‍රචාරක කටයුතු පවත්වාගෙන යමින් සිටී.

මේ අතර එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තර`ග වදින මොහොමඩ් අතාවුල්ලා මහතා ද අම්පාර දිසා ලේකම්වරයා සතුව තිඛෙන ඩී 23 නිල නිවස මැතිවරණ කටයුතු සඳහා යොදා ගනිමින් සිටී.

මැතිවරණ සමයකදී ඊට තර`ග වදින අපේක්ෂකයන් රජයට අයත් නිල නිවාස තම ප්‍රචාරක කටයුතු හෝ තම ප්‍රයෝජනය සඳහා යොදා ගැනීම පොදු දේපල අයථා පරිහරණය කිරීමකි. එබැවින් මේ පිළිබඳව වහාම කරුණු සොයා බලා මෙම නිල නිවාස ආපසු රජයට ලබා ගැනීමට කටයුතු කරන මෙන් එම සංවිධානය මැතිවරණ කොමසාරිස්වරයාගෙන් ඉල්ලීමක් කර ඇත.

________________________________
Misuse of State-owned Residence

Mr P. Dayaratne election candidate from the Ampara district representing the United National Front is currently using the residence (B8) belonging to the Ampara District Secretariat for campaigning purposes. We have observed an election office been run within these premises.

jw

In addition to this UPFA election candidate Mrs. Shriyani Wijewickrama is currently utilizing a residence belonging to Department of Irrigation as an election office. This premises is located opposite her official residence in the Parakramabahu Mawatha. Photographic evidence confirming the above is attached herewith.

Furthermore, UPFA election candidate for the Ampara District Mr. Sarath Weerasekara is currently using a residence ( C7 ) belonging to the District Secretariat for campaigning purposes. Photographic evidence confirming the above is attached herewith.

Mr. Indika Nalin the ex-governor of the Ampara district and the current UPFA election candidate to the district is currently using the official residence allocated to the District Secretary for his campaigning purposes. Photographic evidence confirming the above is attached herewith.

dayag

Mr. Daya Gamage UPF candidate to the Ampara District is currently using an official residence ( A03 ) belonging to the District Secretariat for his campaigning purposes. Even though Mr. Gamage has been asked to evacuate the premises, campaigning activities in the premises are still ongoing. Photographic evidence confirming the above is attached herewith.

The UPFA election candidate to the Ampara District Mr.Wimalaweera Disanayake is currently using the residence (C3) belonging to the Higurana Galoya Sugar factory for campaigning purposes.

In addition to this, UPFA election candidate Mr. Mohamed Athaulla is currently using a residence belonging to the Ampara District Secretary for campaigning purposes.

The use of state-owned premises for personal campaigning purposes is a misuse of public resources. We urge you to look into this matter and to take the needed steps to revert these back to state use and ownership.

Leave a comment

This website uses cookies to improve your web experience.