Skip links

Idam Kadam Denamuthukam

ශ්‍රී ලාංකිකයින් වන අපට තියෙන්නේ බොහොම පුංචි රටක්. රටේ ජනගහනයත් එක්ක බලන විට අපිට ඉඩම් බොහෝම වටිනවා. අපේ සංස්කෘතියට අනුව ඉඩම කියන්නේ ජීවනෝපාය මාර්ගයක් විතරක් නෙවෙයි. එය අපට සමාජ ගරුත්වයක් පිළිගැනීමක් ලැබීමටත් හේතුවෙනවා. ඒත් අපේ රටේ ජනතාවගෙන් බොහෝ දෙනෙකුට ඉඩම් සම්බන්ධයෙන් පවත්නා විධිවිධාන, නීතිරීති පිළිබඳව එතරම් නිවැරදි අවබෝධයක් නැහැ. විශේෂයෙන් අපේ රටේ උතුරුමැද, ඌව සහ නැගෙනහිර වගේ පළාත්වල වැඩි වශයෙන් තියෙන්නේ රජයේ ඉඩම්. රජයේ ඉඩම් කළමනාකරණයට විවිධ අණපනත් තියෙනවා. මේ පනත් ඇසුරෙන් මහජනතාවට තම ඉඩම් රාජකාරී ඉටු කරවා ගැනීමට අවශ්‍ය දැනුම නොමැතිවීම නිසා ඒ අය ගැටලූ රැසකට මුහුණු දෙනවා. ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය පසුගිය කාලේ පවත්වනු ලැබූ —මහජන මණ්ඩප˜ වැඩසටහන් කිහිපයකදීමත් ජනතාව මුහුණදෙන ප්‍රධාන ගැටලූවක් ලෙස ඉඩම් ප්‍රශ්න ගැන මතුවුණා. එසේම ඒ සම්බන්ධයෙන් ජනතාව දැනුම්වත් කරන ලෙස විවිධ ආයතන, සංවිධාන හා පුද්ගලයින් ඉල්ලීම් කළා. මීට අමතරව ප්‍රාදේශීය පරිපාලනයට අදාලව ඉඩම් ගැටලූ ගැන අප කළ සමීඬණවලදීත් මහජනතාව තොරතුරු නොදැන සිටීම නිසා තමන්ගේ ප්‍රශ්න වලට විස`දුම් සොයාගන්න කීයක් හරි අතමිට මොලවන්න සිදුවුණ අවස්ථා ගැනත් වාර්තා වුණා. මේ අත්පොත ඉහත ගැටලූ කිහිපයටම විසඳුම් ලබාගැනීම පහසු කරවීමට අප දැරූ උත්සාහයේ ප්‍රතිඵලයක්.

Download: 

This website uses cookies to improve your web experience.