Skip links

Corruption Perceptions Index 2019 – Sri Lanka Stagnant

Sri Lanka remains stagnant in the Corruption Perceptions Index (CPI), compiled by Transparency International (TI), the global coalition against corruption. Sri Lanka has scored 38 on the CPI 2019 retaining the same score from the previous year; on a scale of 0 (highly corrupt) to 100 (very clean). The country’s score also places Sri Lanka behind Bhutan (68) and India (41) in the South Asian region. Sri Lanka’s score of 38 is also far behind the Asia Pacific regional average of 45. This underscores Sri Lanka’s stagnant anti-corruption environment, which has seen the country’s CPI score fluctuate between 36 and 38 since 2013. Sri Lanka ranks 93rd in CPI 2019, compared to 89th in 2018.

Speaking on the country’s performance on the CPI 2019, Transparency International Sri Lanka’s Executive Director Asoka Obeyesekere said, “The CPI deals with perceived levels of public sector corruption. The stagnation in the CPI score is validated by the numerous corruption cases which have seen limited progress. The causes for these challenges can range from skills gaps to deeply entrenched inefficiencies in the criminal justice system.”

Analysis shows that countries that perform well on the CPI also have stronger enforcement of campaign finance regulations and a broader range of political consultation. Countries where campaign finance regulations are comprehensive and systematically enforced have an average score of 70 on the CPI, whereas countries where such regulations either don’t exist or are poorly enforced score an average of just 34 and 35 respectively. Sixty per cent of the countries that significantly improved their CPI scores since 2012 also strengthened regulations around campaign donations.

Obeyesekere added “Despite the ongoing conversation around public access to politicians’ asset declarations and the regulation of campaign financing, progress on these fronts has been limited. The new government has an opportunity to rebuild public trust by driving these reforms.”

Delia Ferreira Rubio, Chair of Transparency International said in her global statement, “Frustration with government corruption and lack of trust in institutions speaks to a need for greater political integrity. Governments must urgently address the corrupting role of big money in political party financing and the undue influence it exerts on our political systems.”

To reduce corruption and restore trust in politics, Transparency International recommends that governments:

  • Reinforce checks and balances and promote separation of powers.
  • Tackle preferential treatment to ensure budgets and public services aren’t driven by personal connections or biased towards special interests;
  • Control political financing to prevent excessive money and influence in politics;
  • Promote open and meaningful access to decision-making;
  • Empower citizens and protect activists, whistleblowers and journalists

The 2019 CPI is computed using 13 surveys and expert assessments to measure public sector corruption in 180 countries and territories. Denmark and New Zealand top the index with a score of 87 each whilst Somalia comes in last with a score of 9.

For More Details: https://www.tisrilanka.org/cpi2019/

_____________________________________________________________

දුෂණ සංජානන දර්ශකය 2019 – ශ්‍රී ලංකාව කිසිදු ප්‍රගතියක් අත්කර නොගනී

දුෂණයට එරෙහි ගෝලීය එකමුතුව වන ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් (TI) ආයතනය විසින් එලි දක්වනු ලැබූ දුෂණ සංජානන දර්ශකයට (CPI) අනුව ශ්‍රී ලංකාව කිසිදු ප්‍රගතියක් පෙන්නුම් කිරීමට අසමත් ව ඇත. දුෂණ සංජානන දර්ශක පරිමාණය, ලකුණු 0 (බෙහෙවින් දුෂිත) සිට 100 (ඉතා පිරිසිදු) යන ආකාරයට අගයයන් ලබා දෙමින් රටවල් ශ්‍රේණිගත කරන අතර, ඒ අනුව ශ්‍රී ලංකාව පෙර වසරේ ලබා ගත් අගයම ලබා ගනිමින් දුෂණ සංජානන දර්ශකය තුල 38ක අගයක් ලබා ගෙන ඇත. දකුණු ආසියානු කලාපය තුළ ශ්‍රී ලංකාව ලබා ගත් අගය අනුව එය පසු වන්නේ භූතානය (68) සහ ඉන්දියාව (41)  යන රටවල් දෙකටත් වඩා පිටුපසිනි. එමෙන්ම ආසියානු පැසිෆික් කලාපිය සාමාන්‍ය අගය 45 වන අතර ශ්‍රී ලංකාව එයටද වඩා පිටුපසින් පසු වේ. ඒ අනුව, 2013 වසරේ සිට 36 සහ 38 යන අගයයන් අතර ඉහළ පහළ යමින් වාර්තා වන දූෂණ සංජානන දර්ශක දත්ත හරහා පිළබිඹු වන්නේ, ශ්‍රී ලංකාවේ දුෂණ විරෝධී වාතාවරණය එක තැන පල්  වන තත්වයකට පත්ව ඇති බවයි. 2018 වර්ෂයේ දී  දුෂණ සංජානන දර්ශකයේ, 89 වන ස්ථානයේ පසු වූ ශ්‍රී ලංකාව 2019 වන වර්ෂයේදී 93 වන ස්ථානයට පත් ව ඇත.

ශ්‍රී ලංකාව, දූෂණ සංජානන දර්ශකයේ ලබා තිබෙන අගය පිළිබඳ අදහස් දක්වමින් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනයේ විධායක අධ්‍යක්ෂ අසෝක ඔබේසේකර මහතා මෙසේ ප්‍රකාශ කර සිටියේය.“ දූෂණ සංජානන දර්ශකය හුවා දක්වන්නේ රාජ්‍ය අංශයේ සිදු වන දූෂණයන්. මෙම දර්ශකය තුළ අප එක තැන පල් වීමට හේතුවක් බවට පත් වී ඇත්තේ යහපත් ප්‍රගතියක් පෙන්වීමට නොහැකි වූ දුෂණ නඩු විශාල සංඛ්‍යාවක් අධිකරණ පද්ධතිය තුල හිර වී පැවතීමයි. මෙම අභියෝගයන්ට හේතුන්, නිපුනතාවයන්හි ඇති හිඩැස්වල සිට අපරාධ යුක්ති විනිශ්චය පද්ධතියේ ගැඹුරින් මුල් බැස ඇති අකාර්යක්ෂමතාවයන් දක්වා විහිදී පවතී.

විශ්ලේෂණයන් පෙන්වාදෙන අන්දමට, දුෂණ සංජානන දර්ශකයේ ඉහලින්ම පවතින රටවල් වල මැතිවරණ ප්‍රචාරණ මුල්‍ය රෙගුලාසින් ශක්තිමත්ව බලාත්මක කර ඇති අතර පුලුල් පරාසයක විහිදුනු දේශපාලන දැනුවත්භාවයක් ද පවතී. මැතිවරණ ප්‍රචාරණ මුල්‍ය රෙගුලාසි සංකිර්ණව හා ක්‍රමානුකුලව බලාත්මක කර ඇති රටවල් දුෂණ සංජානන දර්ශකය තුල ලබාගෙන ඇති සාමාන්‍ය අගය 70ක් වන අතර එවැනි රෙගුලාසි බලාත්මක කර නැති හෝ දුර්වල ලෙස ක්‍රියාත්මක වන රටවල සාමාන්‍ය අගය පිලිවෙලින් 34 සහ 35 වේ. මේ අනුව, 2012 සිට දුෂණ සංජානන අගය සැලකිය යුතු මට්ටමින් වර්ධනය කරගත් සියයට හැටක් පමණ වන රටවල්, මැතිවරණ ප්‍රචාරණ පරිත්‍යාගයන් පිලිබඳ රෙගුලාසි ශක්තිමත්  කරගත් රටවල් වේ.

ඔබේසේකර මහතා වැඩිදුරටත් ප්‍රකාශ කලේ, දේශපාලනඥයින්ගේ වත්කම් හා බැරකම් ප්‍රකාශයන සඳහා මහජන ප්‍රවේශය ලබා ගැනීමේ අවශ්‍යතාවය සහ මැතිවරණ ප්‍රචාරණ රෙගුලාසි පිළිබඳව පවතින කතාබහ හැරුණු විට, මේවා සම්බන්ධයෙන් ඇත්තේ ඉතා සීමිත ප්‍රගතියක් බවත්, මෙම ප්‍රතිසංස්කරණයන් ඉදිරියට පවත්වාගෙන් යාම තුලින් මහජන විශ්වාසය නැවත ගොඩනැගීමට නව ආණ්ඩුවට අවස්ථාව තිබෙන බවත්ය.

ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ආයතනයේ සභාපති, Delia Ferreira Rubio ඇයගේ ගෝලීය ප්‍රකාශනයේදී ” රජයේ දුෂණයන් පිලිබඳ කලකිරීම හා රාජ්‍ය ආයතන කෙරෙහි විශ්වාසය අඩුවීම, දේශපාලනික සුපිලිපන්භාවයෙහි අවශ්‍යතාවය පිලිබඳ හඬ අවදි කරයි. දේශපාලන පක්ෂ මුල්‍යකරණයේදී මහාපරිමාණයෙන් සැපයෙනු ලැබෙන මුදල් වල දුෂිත භූමිකාවත්, එය අපගේ දේශපාලන පද්ධතීන් කෙරෙහි දක්වන අනවශ්‍ය බලපෑම කෙරෙහිත් රජයයන් වහාම අවධානය යොමු කල යුතු බව ප්‍රකාශ කලාය.

දූෂණය පිටු දැක දේශපාලනයේ විශ්වාසය නැවත පිහිටුවීම සඳහා, ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ආයතනය, සියලු රජයන් වෙත පහත දැක්වෙන ඉල්ලීම් යොමු කර සිටියි.

  • සංවරණය හා තුලනය නැවත පිහිටුවීම සහ බලය බෙදීම ප්‍රවර්ධනය කිරීම.
  • අයවැය සහ පොදු සේවාවන් සම්බන්ධ කටයුතු වලදී, පෞද්ගලික සම්බන්ධතා හෝ විවිධ පුද්ගලයින්ගේ විශේෂ කැමැත්ත මත තීරණය නොකරන බවට සහතික වීම සඳහා යාන්ත්‍රණයන් ක්‍රියාත්මක කිරීම.
  • දේශපාලනය තුල අධික ලෙස මුදල් සංසරණය සහ ඒ මගින් දේශපාලනයට වන බලපෑම වැලැක්වීම සඳහා මැතිවරණ ප්‍රචාරණ මුල්‍යයන් පාලනය කිරීම
  • තීරණ ගැනීමේදී , විවෘත හා අර්ථවත් ප්‍රවේශයන් ප්‍රවර්ධනය කිරීම.
  • පුරවැසියා සවිබල ගැන්වීම සහ ක්‍රියාකාරීන්, අකටයුතුනාද කරන්නන් සහ මාධ්‍යවේදීන් ආරක්ෂා කිරීම.

රටවල් 180 ක රාජ්‍ය අංශයේ වාර්තා වන දූෂිත ක්‍රියාකාරකම් මැනීම සඳහා 2018 වසරේ දූෂණ විරෝධී  සංජානන දර්ශකය ගණනය කිරීමේදී, සමීක්ෂණ සහ විශේෂඥ ඇගයීම් 13 ක් යොදා ගනු ලැබූ අතර, ඉන් ලැබුණු ප්‍රථිපල අනුව, පිළිවෙලින් ඩෙන්මාර්කය සහ නවසීලන්තය ලකුණු 87 අගයක් ලබා ගනිමින් ප්‍රථම ස්ථානයේ රැඳී සිටින අතර ලකුණු 9 ක අගයක් ලබා ගත් සෝමාලියාව අවසාන ස්ථානයේ පසු වෙයි.

 

____________________________________________

ஊழல் மதிப்பாய்வுச் சுட்டி –2019 – இலங்கை முன்னேற்றத்தைக் காட்டவில்லை. 

ஊழலுக்கெதிரான உலகளாவிய கூட்டமைப்பான ட்ரான்ஸ்பேரன்ஸ்சி இன்டர்நெஷனல் நிறுவனத்தினால் வருடாந்தம் வெளியிடப்படும் ஊழலுக்கெதிரான தரப்படுத்தல் சுட்டியின் பிரகாரம், இலங்கை 2019ஆம் ஆண்டில்  எவ்விதமான முன்னேற்றத்தையும் அடையவில்லை. 2019ஆம் ஆண்டு 38 புள்ளிகளைப் பெற்று முன்னைய ஆண்டின் அதே நிலையையே தக்கவைத்துள்ளது. புள்ளிகளின் அடிப்படையில் 0 புள்ளி (அதிக ஊழல் நிறைந்த) நாடாகவும் 100 புள்ளி (ஊழலற்ற மிகவும் தூய்மையான) நாடு என்ற அடிப்படையில் நாடுகள் தரப்படுத்தப்படுகின்றது. தெற்காசிய பிராந்தியத்தில் இலங்கையானது பூட்டான் (68) மற்றும் இந்தியா (41) ஆகிய நாடுகளிலும் பார்க்கப் பின் தங்கிய நிலையிலேயே காணப்படுகின்றது. இலங்கையினால் பெற்றுக்கொள்ளப்பட்ட 38 புள்ளியானது ஆசிய பசுபிக் பிராந்தியத்தில் சராசரியான 45 புள்ளிகளையும் விட பின்தங்கிய நிலையிலுள்ளது. அதேவேளை, 180 நாடுகளில் இலங்கை 89வது இடத்திலும் தெற்காசியாவில் 3வது இடத்திலும் உள்ளது. ஊழலுக்கு எதிரான சூழலை உருவாக்குவதில் இலங்கை எவ்விதமான வளர்ச்சியையும் காட்டவில்லை. இலங்கை ஊழல் சுட்டியானது 2013ஆம் ஆண்டு தொடக்கம் 36 – 38 புள்ளிகளையே பெற்றுள்ளது. 2019 ஆம் ஆண்டுக்கான ஊழல் சுட்டியானது 2018 ஆம் ஆண்டில் பெறப்பட்ட 89ஆம் நிலையிலிருந்து பின்னடைவு பெற்று 93ஆம் நிலைக்கு தள்ளப்பட்டுள்ளது.

நிறைவேற்றுப் பணிப்பாளர் அசோக்க ஒபேசேக்கர மேலும் கூறும் போது “தற்போது நிலவுகின்ற வாதப்பொருளான அரசியல்வாதிகளின் சொத்துக்கள் பொறுப்புக்கள் பற்றிய பிரகடனம், தேர்தல் பிரச்சாரத்திற்கான நிதி என்பன தொடர்பாக எந்தவித முன்னேற்றமும் இல்iலை. ஆகவே புதிய அரசாங்கம் மக்கள் மத்தியில் நன்மதிப்பைக் கட்டியெழுப்புவதற்கான சந்தர்ப்பம் இதுவாகும் எனத் தெரிவித்தார்”.

ட்ரான்ஸ்பேரன்சி இன்டர்நெஷனல் அமைப்பின் தவிசாளர் டெலியா பெரெய்ரா ருபியோ அவர்களின் உலகளாவிய அறிக்கையில் “அரசின் மீதான ஏமாற்றம் மற்றும் அரச நிறுவனங்கள் மீதான அவநம்பிக்கை என்பவற்றை அகற்ற பரந்தளவு நேர்மைத்தன்மையான அரசியலை உருவாக்க வேண்டும். அரசியல் கட்சிகளுக்கான பாரிய நிதியளித்தல் மற்றும் அரசமுறைமை மீதான தேவையற்ற செல்வாக்குக் காரணமாக ஏற்படும் ஊழலை ஒழிப்பதற்கு அரசுகள் உடனடியாக நடவடிக்கை எடுக்க வேண்டியது அவசியமாகும்”.

ஊழலை குறைப்பதற்கும் அரசின் மீது நம்பிக்கையை உருவாக்குவதற்கும் ட்ரான்ஸ்பேரன்சி இன்டர்நெஷனல் சகல அரசாங்கங்களிடமும் பின்வரும் சிபாரிசுகளை முன்வைக்கிறது:

  • அரசுகள் அதிகாரப் பரவலாக்கத்தை மேற்கொள்ளுவதுடன் அதனிடையே அதிகாரச் சமநிலையைப் பேணுதலை மீள் உறுதிப்படுத்தல்
  • பக்கச்கார்பான நடத்துகை மற்றும் பொதுச் சேவைக்கான அரச வரவு செலவுத்திட்ட நிதியொதுக்கீடு என்பன தனிப்பட்ட செல்வாக்கு மற்றும் அரசியல் ரீதியிலான அதிகாரத்திலிருந்து நடுநிலையாக செயற்படுவதையும் உத்தரவாதப்படுத்தல்.
  • அரசின் மீதான அதிகூடிய செல்வாக்கு மற்றும் அரசியலுக்கான நிதியுதவி என்பவற்றை கட்டுப்படுத்துதல்
  • வெளிப்படையான அர்த்தமுள்ள தீர்மானம் எடுக்கும் நடைமுறைகளைப் பின்பற்றுதல்
  • பிரஜைகள்> செயற்பாட்டாளர்கள், குற்றத்தை வெளிப்படுத்துவோர் மற்றும் ஊடகவியலாளர்களுக்கான வலுவூட்டல்

2019 ஆண்டின் ஊழல் சுட்டி 180 நாடுகளில் 13 வகையான மதிப்பாய்வுகளின் அடிப்படையில் கணணியூடாக செய்யப்படும் நிபுணத்துவ அறிக்கையாகும். இதில் டென்மார்க் மற்றும் நியூசிலாந்து  87 புள்ளிகளைப் பெற்று  1வது இடத்தைப் பெற்றுக்கொண்டதுடன் சோமாலியா 9 புள்ளிகளைப் பெற்று 180வது இடத்திலுள்ளது.

Leave a comment

This website uses cookies to improve your web experience.