Skip links

A Guideline on Community Projects Monitoring

මහජන මුදලින් ක‍්‍රියාත්මක ප‍්‍රජා ව්‍යාපෘති අධීක්‍ෂණයට මග පෙන්වීමක්

රජය වාර්ෂිකව ග‍්‍රාමීය ජනතාව වෙත වෙන්කරනු ලබන මුදල් මගින් ජනතාවට සැබවින්ම ප‍්‍රයෝජනයක් වනවාද යන්න මැන බැලීමේ එක් දර්ශකයක් වන්නේ එකී අරමුදල් මගින් සිදුකරන ඉදිකිරීම් නියමිත ප‍්‍රමිතියෙන් යුක්තව සිදුවීමයි. පසුගිය වසර කිහිපයක් පුරා ගම්මාන කරා විමධ්‍යගත අයවැය මෙන්ම විවිධ ව්‍යාපෘති හරහා ද කුඩා පරිමාණ ව්‍යාපෘති රැුසක් පැමිණියද
ඒවා බොහොමයක ඉදිකිරීමේ ප‍්‍රමිතියේ ගැටලූ පවතින බව නිරන්තරයෙන්ම ජනතාවගෙන් චෝදනා එල්ල විය. එමෙන්ම ඉදිකිරීම් කොන්ත‍්‍රාත් ගිවිසුම් ප‍්‍රජාපාදක සංවිධාන විසින් අත්සන් කළ ද, ඒවා සැබවින්ම සිදුකරනු ලැබූයේ වෙනත් කොන්ත‍්‍රාත්කරුවන් විසිනි.

මෙම සිදුවීම්වල අවසාන ප‍්‍රතිඵලය වන්නේ රජයේ ප‍්‍රතිපාදන වෙන්කිරීම්වල උපරිම ප‍්‍රතිලාභය ගමට නොලැබීමයි. එබැවින් ගම්මානවලට ලැබෙන සුඵපරිමාණ ව්‍යාපෘතීන් අධීක්‍ෂණය පිළිබඳව ප‍්‍රජා ක‍්‍රියාකාරීන් දැනුම්වත් කිරීමේ වැඩසටහන් මාලාවක් ‘‘සුසැරි සෙවන’’ මාතර කාර්යාලය විසින් පසුගිය වසරේදී සිදුකරන ලදී. එහිදී අප මුහුණදුන් ප‍්‍රධාන ගැටලූවක් වූයේ ඒ පිළිබඳව ජනතාව දැනුම්වත් කිරීම සදහා මාර්ගෝපදේශ ග‍්‍රන්ථයක් නොමැති වීමයි. මෙම ග‍්‍රන්ථය සම්පාදනය සදහා අවශ්‍යතාවය මතුවූයේ එලෙසිනි. නිසි පුහුණුවක් හා අධ්‍යාපනයක් ලැබූ තාක්‍ෂණික නිලධාරීන් විසින් සිදුකළ යුතු කාර්යයක් සරල බසින් ජනතාවට තේරුම්කර දීම පහසු නොවේ.

Download: 

This website uses cookies to improve your web experience.