Skip links

Supreme Court Allows TISL to Intervene in X-Press Pearl Case

Earlier this year, Transparency International Sri Lanka (TISL) filed an intervention petition in the Supreme Court, seeking permission to intervene in Case No. SC/FR 168/2021, which was filed by the Centre for Environmental Justice seeking fair compensation for the victims of the XPress Pearl disaster. The Attorney General strongly objected to the intervention.
Today (6th October) the Supreme Court delivered its order, allowing TISL’s application for intervention, considering the totality of the circumstances of the case, and the submissions made.
Senior Counsel Mr. Senany Dayaratne appeared for TISL, with Attorneys-at-Law Ms. Lasanthika Hettiarachchi, Ms. Sankhitha Gunaratne, Ms. Nishadi Wickramasinghe and Mr. Thiru Amirthalingam, instructed by Attorney-at-Law Thushari Jayawardena.
ASG Mr. Nerin Pulle, PC, with DSG Ms. Nayomi Kahawita appeared for the Attorney General.
Several key points have been raised in the intervention petition:
– The grave allegations of interference and extraneous pressure surrounding the claim for compensation arising from the X-Press Pearl disaster.
-The statement by the Justice Minister in Parliament on April 25, 2023, that one Chamara Gunasekara alias Manjusiri Nissanka had received a payment of USD 250 million into a private bank account in connection with the X-Press Pearl disaster.
-The media statements of Chinthaka Waragoda, who reportedly invented a machine to remove debris which washed ashore after the shipwreck, alleging that he was offered payment to discontinue the use of his machine, to avoid exposing the full extent of the damage caused by the disaster
– Questions surrounding the quantum of compensation due to Sri Lanka for the damages caused by MV X-Press Pearl.

X-Press Pearl නඩුවට මැදිහත් වීමට TISL ආයතනයට ශ්‍රේෂ්ඨාධිකරණයේ අවසරය

 

X-Press Pearl ව්‍යසනයට ගොදුරු වූවන්ට සාධාරණ වන්දියක් ඉල්ලා පාරිසරික යුක්ති කේන්ද්‍රය විසින් ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සමට (SC/FR/168/2021) මැදිහත්වීමේ පෙත්සමක් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය (TISL) මීට ඉහතදී ගොනු කළේය.

නඩුවට අදාළ වන සියලු තත්ත්වයන් සහ ඉදිරිපත් කරන ලද කරුණු සලකා බලමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඔක්තෝබර් 6 වන දින ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය විසින් ගොනු කළ මැදිහත්වීමේ පෙත්සමට අවසර ලබා දෙන ලදී.

පෙත්සම සලකා බලන අවස්ථාවේදී, එයට නීතිපතිවරයාගේ දැඩි විරෝධය පළ විය. නමුත්, ශ්‍රේෂ්ඨාධිකරණය එයට අවසර ලබා දීමට නියෝග කළේය.

පෙත්සම්කරුවන් වෙනුවෙන් නීතිඥ සෙනානි දයාරත්න සමඟ නීතිඥ ලසන්තිකා හෙට්ටිආරච්චි, නීතිඥ සංඛිතා ගුණරත්න,  නීතිඥ නිෂාදි වික්‍රමසිංහ, සහ නීතිඥ තිරු අමිර්තලිංගම් පෙනී සිටින ලදී.  ලේඛනගත නීතීඥ ලෙස තුශාරි ජයවර්ධන පෙනී සිටියාය.

නීතිපතිවරයා වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් (ජනාධිපති නීතිඥ) නෙරින් පුල්ලේ සමඟ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නයෝමි කහවිට පෙනී සිටින ලදී.

මැදිහත්වීමේ පෙත්සම ප්‍රධාන කරුණු කිහිපයක් මතුකරයි. ඒවා නම්,

  1. X-Press Pearl හානියට වන්දි ඉල්ලීමේ කටයුතු වලදී සිදු කරන ලද අනවශ්‍ය මැදිහත්වීම් සහ බාහිර පීඩනය පිළිබඳ බරපතල චෝදනා,
  2. X-Press Pearl ව්‍යසනයට අදාළව චාමර ගුණසේකර නමින් පෙනී සිටින මංජුසිරි නිස්සංක නැමැත්තෙක්ගේ පුද්ගලික බැංකු ගිණුමකට ඩොලර් මිලියන 250ක මුදලක් ගෙවා ඇති බවට අධිකරණ අමාත්‍යවරයා 2023 අප්‍රේල් 25 වැනිදා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය,
  3. X-Press Pearl නැව මුහුදුබත් වීමෙන් පසු වෙරළට ගොඩගැසූ අපද්‍රව්‍ය ඉවත් කිරීමට යන්ත්‍රයක් නිපදවූ චින්තක වරාගොඩ හට එම අනතුරෙන් සිදු වූ මුළු හානිය හෙළිනොවී තබා ගැනීමේ අරමුණෙන් තවත් පාර්ශවයක් විසින් තම යන්ත්‍රය භාවිතය නතර කිරීමට මුදල් ලබා දීමට උත්සාහ කළ බවට ඔහු විසින් මාධ්‍ය ඔස්සේ කළ චෝදනා, සහ
  4. X-Press Pearl හානිය නිසා ශ්‍රී ලංකාවට ලැබිය යුතු මුළු වන්දි මුදල පිළිබඳ ප්‍රශ්නය, ආදියයි.
This website uses cookies to improve your web experience.