Skip links

විශ්වවිද්‍යාල සිසුන් සඳහා ඡායාරූප මාධ්යවේදය, කෙටි චිත්‍රපට නිර්මාණය පිළිබඳ වැඩමුළුවක් සහ අල්ලස, දූෂණය පිටුදැකීම සහ තොරතුරු දැනගැනීමේ අයිතිය (RTI) පිළිබඳ දැනුම්වත් කිරීමේ වැඩසටහනක්

ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය (TISL) විසින් නැගෙනහිර විශ්වවිද්‍යාලයේ සන්නිවේදන අංශයට අයත් සිසුන් සම්බන්ධ කරගනිමින් ඡායාරූප මාධ්යවේදය සහ කෙටි චිත්‍රපට නිර්මාණය පිළිබඳ වැඩමුළුවක් ඊයේ (ජූනි 19) ත්‍රිකුණාමලයේදී පවත්වන ලදී. ජේෂ්ඨ මාධ්‍යවේදී ෂිහාර් අනීස් මහතා සම්පත් දායකයෙක් ලෙස සම්බන්ධ විය. පුහුණුවෙන් පසු ඔවුන් කෙටි චිත්‍රපට තරඟ සහ ඡායාරූප තරඟ සඳහා ඉදිරිපත් වීමට නියමිතයි.

මීට අමතරව, රුහුණ විශ්ව විද්‍යාලයේ සිසුන් සඳහා අල්ලස සහ දූෂණය පිටුදැකීම සහ තොරතුරු දැනගැනීමේ අයිතිය (RTI) පිළිබඳ දැනුම්වත් කිරීමේ වැඩසටහනක් TISL ආයතනය විසින් එම විශ්ව විද්‍යාලයේ වෘත්තීය මාර්ගෝපදේශන ඒකකය සමඟ එක්ව එදිනම පවත්වන ලදී.

 

ட்ரான்ஸ்பேரன்சி இன்டர்நெஷனல் ஸ்ரீ லங்கா நிறுவனமானது நேற்றைய தினம் (ஜூன் 19) கிழக்குப் பல்கலைக்கழகத்தின் திருகோணமலை வளாக ஊடகத் துறை மாணவர்களுக்கான புகைப்பட ஊடகவியல் மற்றும் குறுந்திரைப்பட உருவாக்கம் தொடர்பான செயலமர்வு ஒன்றினை திருகோணமலை நடாத்தியது. இந்த செயலமர்வின் வளவாளராக சிரேஷ்ட ஊடகவியலாளரான திரு. ஷிஹார் அனீஸ் கலந்து கொண்டார். செயலமர்வின் பின்னர் குறித்த மாணவர்கள் புகைப்பட மற்றும் குறுந்திரைப்பட போட்டிகளில் பங்கேற்கவுள்ளனர்.

அதேபோன்று, TISL நிறுவனமானது அதேநாளில், ருஹுணு பல்கலைக்கழகத்தின் தொழில் வழிகாட்டல் பிரிவுடன் இணைந்து இலஞ்சம் மற்றும் ஊழலை கட்டுப்படுத்தல் தொடர்பாகவும் தகவல் அறியும் உரிமைச் சட்டம் (RTI) தொடர்பாகவும் விழிப்புணர்வு அமர்வொன்றினை நடாத்தியது.

This website uses cookies to improve your web experience.