Skip links

මැතිවරණ නිරීක්ෂණ වාර්තා – 06 – මැතිවරණ නීති උල්ලංඝණය කරමින් ඡන්ද දායකයන්ට අල්ලස් ලබාදීම

homahotelnub

පාර්ලිමේන්තු මැතිවරණය සඳහා එක්සත් ජනතා සන්ධානයෙන් තරඟ වදින අනුරාධපුර දිස්ත්‍රික්ක නායක හා නියෝජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා එම දිස්ත්‍රික්කයේ ඡන්දදායකයින් සඳහා රියදුරු බලපත්‍ර ලබා දීමට කටයුතු කරමින් සිටින බව අප විසින් නිරීක්ෂණය කර ඇත.

නියෝජ්‍ය ඇමතිවරයා මෙම රියදුරු බලපත්‍ර පිරිනමා ඇත්තේ එම ඇමතිවරයාගේ පියා වන හිටපු උතුරු මැද මහ ඇමතිවරයකුව සිට අභාවප්‍රාප්ත වූ බර්ටි ප්‍රේමලාල් මහතාගේ නමින් යුත් පදනමේ පරිත්‍යාගයක් ලෙසිනි. බර්ටි ප්‍රේමලාල් පදනමෙන් මේ සඳහා එක් අයදුම්කරුවෙකු සඳහා රුපියල් 9000ක මුදලක් ලබා දී තිබේ.

මැතිවරණ සමයක මෙවැනි පරිත්‍යාගයන් කිරීම අපගේ නිරීක්ෂණයන්ට අනුව අල්ලස් දීමක් වන අතර මේ පිළිබඳව ඔබතුමාගේ නිසි අවධානය යොමු කොට එය නවතාලීමට අවශ්‍ය පියවර ගනු ඇතැයි අපි විශ්වාස කරමු.
බර්ටි ප්‍රේමලාල් පදනමෙන් එම පදනමේ ලිපි ශීර්ෂ සහිතව ඡන්ද දායකයින් අතට පත් කරන ලද අයදුම් පත්‍රය ද මේ සම`ග අමුණා එවා ඇත.

• මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා රාජ්‍ය සේවකයින් යොදා ගැනීම
පාර්ලිමේන්තු මැතිවරණය සඳහා කර`ග වදින එක්සත් ජාතික පක්ෂයේ නුවරඑළිය දිස්ත්‍රික් කණ්ඩායම් නායක හා අමාත්‍ය නවීන් දිසානායක මහතා මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී තමාට ඡන්දය ලබා දෙන්නැයි ගුරුවරුන්, විශ්‍රාමකයින්, විදුහල්පතිවරුන්, වෛද්‍යවරුන්, සමූපකාර සේවකයින් සහ දහම් පාසල් ගුරුවරුන් කැඳවා ඉල්ලා ඇති බව අපගේ නිරීක්ෂකයින් විසින් තහවුරු කර තිබේ.

පසුගිය ජූලි 28 වන දින නුවරඑළිය හෝමා හෝටලයට ඉහත පිරිස් කැඳවා අමාත්‍යවරයා එම ඉල්ලීම කර ඇත.
මැතිවරණයක් පවතින මෙවැනි අවස්ථාවක රාජ්‍ය සේවකයින් කැඳවා තමන්ට ඡන්දය දෙන්නැයි කරන ඉල්ලීම ඡන්ද දායකයින් සඳහා කරන අයුතු බලපෑමක් වන අතර මේ පිළිබඳව සොයා අවශ්‍ය පියවර ගන්නා ලෙස ඉල්ලා සිටින්නෙමු.
නුවරඑළිය හෝමා හෝටලය නමැති ස්ථානයේ දි අමාත්‍ය දිසානායක මහතා පැමිණ සිටින පිරිස් අමතන අයුරු සහ එම රැස්වීමට සහභාගි වූ පිරිස සිටින ඡායාරූප මේ සම`ග අමුණා ඇත.

• 2015 මැතිවරණ කටයුතු සඳහා රාජ්‍ය සේවකයින් යොදා ගැනීම
එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තර`ග වදින හිටපු අමාත්‍ය ටී. බී. ඒකනායක සහ තාරානාත් බස්නායක යන මහත්වරුන් මැදින්ඕරුව, වැලියාව සහ පොතානේ යන ග්‍රාම කොට්ඨාශ වල නිළධාරීන් සහ පර්යේෂණ නිළධාරියෙකු ද ඔවුන්ගේ මැතිවරණ ප්‍රචාරණය සඳහා යොදා ගනිමින් සිටින බව අපගේ නිරීක්ෂකයින් තහවුරු කර තිබේ.
මැතිවරණ කටයුතු සඳහා මෙසේ යොදාගෙන ඇත්තේ ග්‍රාම නිළධාරීන් වන මැදින්ඕරුව ආනන්ද කෝදාගොඩ, වැලියාව ආර්. එම්. රත්නායක සහ පොතානේ කෘෂි පර්යේෂණ නිලධාරි ආරියදාස යන රජයේ නිළධාරීන්ය.

මැතිවරණය පැවැත්වෙන අවස්ථාවක රජයේ නිළධාරීන් මැතිවරණ කටයුතු සඳහා යොදා ගැනීම මැතිවරණ නීති උල්ලංඝණය කිරීමක් වන අතර ඉහත කාරණාව පිළිබඳව සොයා බලා අවශ්‍යය නීතිමය පියවර ගන්නා ලෙස අපි ඔබගෙන් ඉතාමත් ඕනෑකමින් ඉල්ලා සිටිමු.

Leave a comment

This website uses cookies to improve your web experience.