Skip links

මැතිවරණ නිරීක්ෂණ වාර්තා – 03

Webdsamurdhi

රජයේ ගොඩනැගිලි සහ වාහන ඡන්ද ප්‍රචාරක කටයුතුවලට යොදා ගැනීම

වනිතා කටයුතු අමාත්‍යාංශයට අයත් වාහන 06 ක් මේ වන විට අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් තරග වදින වනිතා කටයුතු ඇමතීනි චන්ද්‍රානි බණ්ඩාර මහත්මියගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු වලට යොදාගෙන ඇත. මේ වන විට එම වාහන අනුරාධපුර දිස්ත්‍රික්කය තුළ ඡන්ද ප්‍රචාරක කටයුතු සඳහා යොදාගෙන ඇති බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා වෙත ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය විසින් පැමිණිලි කර තිබේ.

එලෙස යොදාගෙන ඇති වාහන අංක මෙසේය.

1. 65-0942 – පැජරෝ ජීප් රථය
2. WP – GE  7101
3. 253 – 0124 – කැබ් රථය
4. 61-5657 – ජීප් රථය
5. WP /KW – 5346 – ලෑන්ඩ් කෘෘස වාහනය
6. WP /KU – 3645 – ජීප් රථය

මෙම වාහන සියල්ල ජූලි 19 වන ඉරිදා පෙරවරුවේ අනුරාධපුර සී.ටී.සී. උත්සව ශාලාවේ පැවති මැතිවරණ ප්‍රචාරක කටයුතුවලට යොදාගෙන තිබූ බව ද එම පැමිණිල්ලේ සඳහන් වේ.

සීමාසහිත එප්පාවල පොස්පේට් සමාගමට අයත් NC-GA  1627 දරන රතු පැහැති ඉසුසු කැබ් රථය අනුරාධපුරය දිස්ත්‍රික්කයේ කලාවැව සහ අනුරාධපුරය යන ප්‍රදේශවල එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂක අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ මැතිවරණ ප්‍රචාරක කටයුතුවලට යොදාගෙන තිබේ. මෙම කැබ් රථය මේ වන විට කලාවැව ප්‍රදේශයේ මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා යොදා ගනිමින් තිඛෙන බවට ද මැතිවරණ කොමසාරිස්වරයාට පැමිණිලි කර ඇත.

වයඹ පළාත් සභාවේ විපක්ෂ නායක ෙජ්. සී. අලවතුවල මහතා මහතා විසින් සිය කාර්ය මණ්ඩලය යොදාගෙන මේ වන විට පළාත් සභාවේ විපක්ෂ නායක කාර්යාලය තුළ මැතිවරණ ප්‍රචාරක කටයුතුවලට අදාළ ලිපි ලේඛන සකස් කරමින් සිටී.

ඒ සඳහා විපක්ෂ නායක කාර්යාලයේ සේවය කරන සේවක සේවකයන් යොදා ගනිමින් ලිපි ලේඛන සකස් කරන ආකාරයන් ඒවා විපක්ෂ නායක ලිපි ශීර්ෂය යටතේ තැපැල් කිරීමට කටයුතු කරමින් සිටින ආකාරයත් ඡායාරූප ගත කර එම ඡායාරූප මැතිවරණ කොමසාරිස් වෙත යැවීමට ද ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය පියවර ගෙන තිබේ.

එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග වදින ටී.බී. ඒකනායක සහ තාරනාත් බස්නායක යන අපේක්ෂකයන් මේ වන විට සමෘද්ධි නිලධාරීන්, ආර්ථීක සංවර්ධන නිලධාරීන් සහ කෘෂි පර්යේෂණ නිලධාරීන් බලපෑම් සිදු කර සිය මැතිවරණ ප්‍රචාරක කටයුතුවලට යොදා ගනිමින් සිටින බව එම පැමිණිල්ලේ සඳහන් වේ.

පසුගිය ජූලි 13 වැනිදා පොල්පිතිගම හා මහව කාර්යාලවලට අයත් එම නිලධාරීන් 150 ක් පමණ මහව පිහිටි ටී.බී. ඒකනායක මහතාගේ නිවසට කැඳවා ඉදිරි මැතිවරණයේ දී තම මැතිවරණ ව්‍යාපාරයට සහාය දෙන ලෙස ඉල්ලා සිටින ලද බවත් ලබන 25 සහ 26 යන දිනවලදී ගල්ගමුව කොට්ඨාසයේ ගෙයින් ගෙට ගොස් ඡන්ද ව්‍යාපාරයේ යෙදෙන ලෙසත් උපදෙස් දී තිඛෙන බව ද පැමිණිල්ලේ සඳහන් වේ.

ඌව පළාතේ මහ ඇමති හරීන් ප්‍රනාන්දු මහතාගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා ද මේ වන විට මහ ඇමතිවරයාට අයත් ගාස්තු රහිත නිදහස් තැපෑල යොදා ගනිමින් සිටී. ඔහුගේ පුද්ගලික ලේකම් මිහිමල් මුණසිංහ මහතා විසින් රැකියා බලාපොරොත්තුවනන්න් සඳහා වන රැස්වීමකට මහ ඇමතිවරයාගේ ලිපි ශීර්ෂ යොදාගනිමින් ලිපි යවා තිබේ. මෙම රැස්වීම ඌව පළාතේ පුස්තකාල ශ්‍රවනාගාරයේ පවත්වා තිබේ. මෙම තොරතුරු සහතික කිරීම සඳහා එයට අදාළ ලිපි පිටපත් ද මැතිවරණ කොමසාරිස්වරයා වෙත යවා තිබේ.

 

______________________

 

Webdsamurdhi2

The use of state owned buildings and vehicles for election campaigning purposes

In a letter to Election Commisioner Mahinda Deshapriya Transparency International Sri Lanka’s Programme for Protection of Public Property (PPPR) made a complaint that six vehicles belonging to Ministry of Women’s Affairs has been utilized as of now in the Anuradhpura District for election campaigning activities of the Minister of Women’s Affairs Mrs. Chandrani Bandara.

The registration numbers of the aforementioned vehicles are as follows:

  1. 65-0942 – Pajero
  2. WP-E 7101
  3. 253-0124 – Cab
  4. 61-5657- Jeep
  5. WP/K.W- 5346 – Land Cruiser
  6. WP/KU-3645- Jeep

PPPR also observed all of the above mentioned vehicles been used for an election campaign held in the C.T.C hall in Anuradhpura on the 19th of July.

A red colored Isuzu cab bearing the number NC-GA 1627, owned by the Eppawala Phosphate Limited Company has been used for campaigning activities of the UPFA election candidate Minister Duminda Dissanayake in the Anuradhapura and Kala Wewa areas.

Kurunegala

The opposition leader of the North Western provincial council Mr J.C Alawathuwala is currently using the opposition leader’s office for the preparation of various campaign related promotional material. PPPR has also obtained photographic evidence that depicts the use of public officials for the preparation of this material and the fact that these letters are to be posted under the official letter head.

The UPFA election candidates Mr. TB Ekanayake and Mr. Tharanath Basnayake have engaged in various activities to coerce Samurdhi officers, Economic development officers and Agricultural research officers to attend their election campaigning activities.

130 such officers from the Polpithigama and Mahawa offices were called to the residence of Mr. TB Ekanayake on the 13th of July and were asked to support his future campaigns.
In addition to this the officers were given instructions to conduct a door to door campaign to be held on the 25th and 26th of this month.

Badulla

The PPPR reported that the chief minister of the Uva Province, Mr.Harin Fernando has been utilizing free postal services to distribute election related material. Furthermore his personal secretary Mr. Mihimal Munasinghe has utilized the official letterhead of the office to send out letters to job-seekers inviting them for a meeting. This above mentioned meeting was held in the auditorium of the Uva Province library.

 

Leave a comment

This website uses cookies to improve your web experience.