Skip links

මැතිවරණ නිරීක්ෂණ වාර්තා – 02

dilip

රාජ්‍ය සේවකයන්, නිල නිවාස අයථා පරිහරණය

මෙවර මැතිවරණයේදී එක්සත් ජාතික පෙරමුණේත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේත් මැති ඇමතිවරු රාජ්‍ය සේවකයන්, නිල නිවාස සහ නිල වාහන අයථා ලෙස පරිහරණය කිරීමට පටන් ගෙන ඇති බව නිරීක්ෂණය කළ හැකි විය.

විශේෂයෙන් අමාත්‍යාංශ සතුව පවතින මාධ්‍ය ඒකක මෙලෙස මැතිවරණ ප්‍රචාරක කටයුතු සංවිධානය කිරීම හා ඒවා ආවරණය කර මාධ්‍යයට වාර්තා කිරීමට යොදා ගනිමින් සිටින බවට තහවුරු කළ හැකි සාක්ෂි සම`ග අනාවරණය කර ගැනීමට හැකි වී තිබේ.

ඒ අතුරින් නිවාස හා සමෘද්ධි අමාත්‍යාංශයේ මාධ්‍ය ඒකකයේ නිලධාරීන් තිදෙනෙක් සහ රියදුරුවරයෙක් මේ වනවිට පරිහරණය කරනු ලබන WPNA 3038 දරණ සුදු පැහැති වෑන් රථය ද සමෘද්ධි අමාත්‍යාංශයට අයත්ය. එක්සත් ජාතික පෙරමුණේ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ රැස්වීම් වාර්තා කිරීමට හා සංවිධානය කිරීමට හම්බන්තොට දිස්ත්‍රික්කයට කැඳවාගෙන තිබේ. එම පිරිසට නවාතැන් පහසුකම් සපයා ඇත්තේ හම්බන්තොට ලූණු ලේවායට අයත් නිල නිවසකි. මෙයද පොදු දේපල අයථා පරිහරණයකි.

 

• බස්නාහිර
බස්නාහිර ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ මාධ්‍ය ඒකකය ද මේ වනවිට ඒ මහතාගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු වල යෙදෙමින් සිටිති. මාධ්‍ය ඒකකයේ ඡායාරූප ශිල්පීන් සහ එහි ප්‍රධානියා NB – 4836 දරණ වෑන් රථයෙන් මහ ඇමතිවරයා සම`ග ගම්පහ දිස්ත්‍රික්කය තුළ ඔබමොබ ගමන් කර තිබේ. එම වෑන් රථය පසුගිය පූලි 15 වැනිදා මහ ඇමතිවරයා මල්වතු මහා නායක මාහිමියන් මුණ ගැසීමට මහනුවරට ගිය අවස්ථාවේදී ද මල්වතු විහාරයට ගොස් තිබූ ආකාරය ඡායාරූප ගත කරන ලදී

NB4836

 

• හම්බන්තොට
හම්බන්තොට එක්සත් ජාතික අපේක්ෂක දිලිප් වෙදාරච්චි මහතා ද තම මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා ධීවර අමාත්‍යාංශයේ මාධ්‍ය ඒකකයට අනුබද්ධ සේවකයෙක් යොදා ගෙන තිබේ. රාජකාරියට වාර්තා කර මෙම නිළධාරියා දේශපාලන කටයුතු වල නිරතව සිටින බව නිරීක්ෂණය විය. මෙය තහවුරු කිරීමට ඡායාරූප ගත සාක‍ෂි ඉදිරිපත් කළ හැක.

 

• නුවරඑළිය
එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයට තර`ගවදින ආරුමුගම් තොණ්ඩමන් මහතා මැතිවරණ නාමයෝජනා ලබා දීමෙන් පසුව සිය ආධාරකරුවන් සම`ග වාහන පෙළපාලියකින් හැටන්, දික්ඔය, කොටගල, තලවකැලේ ආදී ප්‍රදේශ වල පෙළපාලි පවත්වන ආකාරය නිරීක‍ෂණය කළ හැකි විය.

 

Leave a comment

This website uses cookies to improve your web experience.