Skip links

අම්පාර රජයේ නිල නිවාස වලින් දේශපාලන කාර්යාල ඉවත් කිරීම

Webwasa

එක්සත් ජාතික පෙරමුණේත්, එක්සත් ජනතා නිදහස් සන්ධානයේත් මැතිවරණ අපේක්ෂකයන් අම්පාර නගරයේ රජයට අයත් නිල නිවාස ප්‍රචාරක කටයුතු වලට යොදා ගනිමින් සිටින බවට ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතාට කළ පැමිණිල්ලකට අනුව එම කාර්යාල ඉවත් කිරීමට අම්පාර දිස්ත්‍රික් ලේකම්වරයා පියවර ගෙන ඇත.

එම අපේක්ෂකයන් ඊයේ (26) දහවල් වන විට නිල නිවාස වල පවත්වාගෙන ගිය දේශපාලන කාර්යාල වසා දැමූ බව අම්පාර දිස්ත්‍රික් ලේකම් හා තේරීම් භාර නිලධාරී තුසිත පී වනිගසිංහ මහතා තහවුරු කළේය.

එක්සත් ජාතික පෙරමුණේ අපේක්ෂක පී. දයාරත්න මහතා අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට අයත් B8 නිල නිවසත්, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂකයන් වන හිටපු මන්ත්‍රිනී ශ්‍රියාණි විෙජ්වික්‍රම මහත්මිය පණ්ඩුකාභය මාවතේ පිහිටි වාරිමාග_ දෙපාර්තමේන්තුවට අයත් නිල නිවසත්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර මහතා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට අයත් C7, නිල නිවසත් මෙලෙස දේශපාලන කටයුතු වලට යොදාගෙන තිබූ බව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය මැතිවරණ කොමසාරිස්වරයාට පැමිණිලි කළේය.

මෙයට අමතරව අම්පාර හිටපු නගරාධිපති නලින් ඉන්දික මහතා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට අයත් නිල නිවසක් සහ හිටපු අමාත්‍ය මොහොමඩ් අතාවුල්ලා මහතා D23 දරණ නිල නිවසත්, දේශපාලන ක්‍රියාකාරකම් වලට පරිහරණය කරන බව දැනුම් දී තිබිණි.

මෙම පැමිණිල්ලට පසවු අදාල නිල නිවාසවලින් මැතිවරණ ප්‍රචාරක කටයුතු ඉවත් කර එම නිල නිවාස තමන්ගේ භාරයට ගැනීමට කටයුතු කරන ලෙස මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරිවරයාට පසුගිය 21 වන අ`ගහරුවාදා උපදෙස් දෙන ලදී. ඒ අනුව අපේක්ෂකයන් එම නිල නිවාසවල පවත්වාගෙන ගිය කාර්යාල ඉවත් කිරීමට තේරීම්භාර නිලධාරිවරයා පෞද්ගලිකවම එම ස්ථාන වලට ගොස් පියවර ගෙන තිබිණි.

නිල නිවාස දේශපාලන කටයුතු වලට යොදා ගැනීම සම්බන්ධව සිදු කළ පැමිණිල්ලට අනුව කඩිනම් පියවර ගැනීම සම්බන්ධව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතාටත් අම්පාර තේරීම්භාර නිළධාරී තුසිත පී. වනිගසිංහ මහතාටත් කෘතඥතාවය පළ කර සිටියි.

Webddgdgdg

Webssssssssss

Leave a comment

This website uses cookies to improve your web experience.