Skip links

TISL Launches Nationwide Election Observation Focusing on Misuse of Public Resources

Transparency International Sri Lanka (TISL) has deployed 200 election observers across the country to monitor the misuse of public resources for campaign purposes during the 2024 Presidential Election.

Continuing its efforts since 2004, TISL is scrutinizing the misuse of public officials, public property, and state funds for election campaigning. This observation will continue until the election results are officially announced.

At a media briefing held yesterday (August 12) at TISL’s premises in Nawala, TISL Executive Director Nadishani Perera urged citizens to actively detect and report incidents of public resource misuse during the election. She encouraged citizens to report such incidents with evidence to www.apesalli.lk, or to the hotline at 0763223442 (WhatsApp available), or via fax at 011 2865777. She emphasized that TISL will forward verified complaints to the Election Commission for preventive action and, if necessary, pursue legal action against serious incidents where formidable evidence is available.

She highlighted that the misuse of public resources is a significant form of corruption that affects the country not only during elections but year-round, depriving citizens of access to resources they are entitled to. She stressed that using public officials, their time, and expertise for any candidate’s campaign is unlawful and violates election rules and ethics.

“We appeal to public officials not to succumb to political pressure because, at the end of the day, you will be held responsible for any unlawful action. You could face a fine of up to Rs. 100,000 and/or imprisonment for up to three years if found guilty. Uphold your sacred duty as guardians of public resources and resist all types of temptation. At the same time, we call upon presidential candidates to conduct lawful and ethical campaigns without violating election laws,” she stated.

The Executive Director pointed out that the misuse of public resources skews election outcomes by depriving all competitors of an equal playing field. “It is crucial that the Attorney General takes swift and strong action when the Election Commission forwards complaints, especially those of a grave nature. This will act as a deterrent to candidates and encourage citizens to report more incidents. Empowering the Election Commission to directly take action on these complaints is also necessary to address the prevailing challenges,” she added.

Speaking at the media briefing, Thushanie Kandilpana, National Coordinator of the Programme for the Protection of Public Resources (PPPR) at TISL, stated that TISL has received 45 complaints through election observers regarding the misuse of public resources since the announcement of the Presidential Election.

“These complaints include paying various allowances to public servants, carrying out development activities at religious places, giving scholarships, opening housing projects and buildings, providing computers, using state buildings and sports complexes for election rallies, misusing the President’s Media Division to promote certain candidates, using State Media to influence political perceptions, distributing goods to voluntary organizations, distributing deeds and loans, and creating various beneficiary lists. Many of these complaints have already been forwarded to the Election Commission, which is in the process of taking action. We plan to lodge a new complaint with the Election Commission today (August 12) regarding the proposed pay hike for estate workers,” she explained.

Gowriswaran Kirupairajah, Senior Programme Manager at TISL, urged all citizens to act as watchdogs over candidates’ use of public resources for their campaigns, as a few election-observing organizations alone cannot handle this issue with limited resources.

රාජ්‍ය සම්පත් අවභාවිතය කෙරෙහි අවධානය යොමු කරමින් TISL ආයතනය රටපුරා මැතිවරණ නිරීක්ෂණ කටයුතු දියත් කරයි.  

2024 ජනාධිපතිවරණ කාල සීමාව තුළ මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා රාජ්‍ය සම්පත් අවභාවිතය පිළිබඳ නිරීක්ෂණයන් සිදු කිරීම සඳහා ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය (TISL) රට පුරා මැතිවරණ නිරීක්ෂකයින් 200ක් යොදවා ඇත.

TISL ආයතනය විසින් 2004 සිට දිගටම සිදු කර ඇති පරිදි, මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා රාජ්‍ය නිලධාරීන්, පොදු දේපළ සහ රාජ්‍ය මුදල් අවභාවිත කිරීමේ සිද්ධීන් විමර්ශනය කිරීම මේ වන විට ආරම්භ කර ඇති අතර, මැතිවරණ ප්‍රතිඵල නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන තෙක් එම ක්‍රියාවලිය ඉදිරියට යනු ඇත.

මැතිවරණයේදී රාජ්‍ය සම්පත් අවභාවිතා කිරීමේ සිද්ධීන් හඳුනාගෙන වාර්තා කිරීමට පුරවැසියන්ගේ සක්‍රීය සහයෝගය ලබා දෙන ලෙස TISL විධායක අධ්‍යක්ෂිකා නදීෂානි පෙරේරා ඊයේ (අගෝස්තු 12) නාවල TISL ආයතන පරිශ්‍රයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඉල්ලා සිටියාය. එවැනි සිදුවීම් www.apesalli.lk යන වෙබ් අඩවියට හෝ ක්ෂණික ඇමතුම් අංකය වන 0763223442 (වට්සැප් කළ හැක.) හෝ 011 2865777 යන ෆැක්ස් අංකයට සාක්ෂි සහිතව වාර්තා කරන ලෙස ඇය පුරවැසියන්ගෙන් ඉල්ලා සිටියාය. TISL ආයතනයට ලැබෙන පැමිණිලි සත්‍යාපනය කිරීමෙන් පසු වැඩි දුර ක්‍රියාමාර්ග සඳහා මැතිවරණ කොමිසම වෙත යොමු කරන බව ඇය පැවසුවාය. සාක්ෂි සහිත බරපතල ස්වභාවයේ සිදුවීම්වලට එරෙහිව නීතිමය පියවර ගැනීමට TISL ආයතනය පසුබට නොවන බව ද ඇය සඳහන් කළාය.

විධායක අධ්‍යක්ෂවරිය පෙන්වා දුන්නේ රාජ්‍ය සම්පත් අවභාවිතය මෙරට මැතිවරණ කාලසීමාව තුළ පමණක් නොව දිගටම සිදු වන දූෂණ තත්ත්වයක් බවත් පුරවැසියන්ට ඔවුන්ට හිමි සම්පත්වලට ප්‍රවේශය අහිමි වීමට එය හේතුවක් වී ඇති බවත්‍ ය. ඕනෑම අපේක්ෂකයෙකුගේ ප්‍රචාරක කටයුතු සඳහා රාජ්‍ය නිලධාරීන්, ඔවුන්ගේ කාලය සහ විශේෂඥ දැනුම යොදා ගැනීම මැතිවරණ නීති රීති හා ආචාර ධර්ම උල්ලංඝනය කිරීමක් බව ඇය අවධාරණය කළාය.

“දේශපාලන බලපෑම්වලට යට නොවන ලෙස අපි රාජ්‍ය නිලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා. නීතිවිරෝධී ක්‍රියාවන්ට අවසානයේදී වගකිමට සිදු වන්නේ ඔබටයි. උසාවියේ වරදකරු වුවහොත් රු. 100,000ක් දක්වා දඩයක් සහ/හෝ වසර තුනක් දක්වා සිර දඬුවමකට ඔබ ලක් විය හැකියි. රාජ්‍ය සම්පත් වල භාරකාරයින් ලෙස ඔබගේ යුතුකම ඉටු කරන්න. එවගේම ජනාධිපති අපේක්ෂකයන්ගෙන් අපි ඉල්ලා සිටිනවා මැතිවරණ නීති කඩ නොකර ආචාරධාර්මික මැතිවරණ ව්‍යාපාරයක නිරත වන ලෙස,” ඇය තවදුරටත් පැවසුවාය.

පොදු සම්පත් අවභාවිතය මැතිවරණ ප්‍රතිඵලවලට බලපාන අතර සියලු තරගකරුවන්ට සමාන අවස්ථාවන් අහිමි කරන බව ඇය පෙන්වා දුන්නාය. “මැතිවරණ කොමිෂන් සභාව ඉදිරිපත් කරන පැමිණිලි වලට, විශේෂයෙන්ම බරපතල ස්වභාවයේ ඒවාට, නීතිපතිවරයා කඩිනම් මෙන්ම දැඩි ක්‍රියාමාර්ග ගැනීම වැදගත්. එසේ කිරීම අපේක්ෂකයින් සඳහා පණිවිඩයක් සපයන අතර තවත් එවැනි සිදුවීම් වාර්තා කිරීමට පුරවැසියන් දිරිමත් කරනු ඇත. ලැබෙන පැමිණිලි සම්බන්ධයෙන් ඍජුව පියවර ගැනීමට මැතිවරණ කොමිසමට බලය ලබාදීමද වැදගත් වේ,” ඇය පැහැදිලි කළාය.

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු සති දෙකක් තුළ මහජන සම්පත් අවභාවිතය සම්බන්ධයෙන් මැතිවරණ නිරීක්ෂකයින් හරහා පැමිණිලි 45ක් ලැබී ඇති බව මෙම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ තුෂානි කන්දිල්පාන, ජාතික සම්බන්ධීකාරක, රාජ්‍ය සම්පත් සුරැකීමේ වැඩසටහන, TISL ආයතනය, පැවසුවාය.

රාජ්‍ය සේවකයන්ට විවිධ දීමනා ලබාදීම, ආගමික ස්ථානවල සංවර්ධන කටයුතු සිදුකිරීම, ශිෂ්‍යත්ව ලබාදීම, නිවාස හා ගොඩනැගිලි විවෘත කිරීම, පරිගණක කට්ටල ලබාදීම, රාජ්‍ය ගොඩනැගිලි හා ක්‍රීඩා සංකීර්ණ මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා යොදාගැනීම, ජනාධිපති මාධ්‍ය අංශය සමහර අපේක්ෂකයින් ප්‍රවර්ධනයට යොදා ගැනීම, ඇතැම් දේශපාලන පක්ෂ ප්‍රවර්ධනය කිරීමට හෝ අපකීර්තියට පත් කිරීමට රාජ්‍ය මාධ්‍ය භාවිතා කිරීම, ස්වේච්ඡා සංවිධානවලට භාණ්ඩ බෙදා දීම, ඔප්පු සහ ණය බෙදා දීම සහ විවිධ ප්‍රතිලාභී ලැයිස්තු නිර්මාණය කිරීම ආදී පැමිණිලි ඒ අතර වේ.

“මෙම පැමිණිලි බොහොමයක් දැනටමත් මැතිවරණ කොමිෂන් සභාව වෙත යොමු කර ඇති අතර, කොමිෂන් සභාව ඒ සම්බන්ධයෙන් පියවර ගනිමින් පවතී. වතු කම්කරුවන් සඳහා යෝජිත වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් අද (අගෝස්තු 12) මැතිවරණ කොමිසමට නව පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට අපි සැලසුම් කර තිබෙනවා,” ඇය පැහැදිලි කළාය.

සීමිත සම්පත් සමඟ මැතිවරණ නිරීක්ෂණ සංවිධාන කිහිපයකට පමණක් මෙම වැඩ කටයුත්ත තනිව සිදු කළ නොහැකි බැවින්, අපේක්ෂකයින් තම ප්‍රචාරක කටයුතු සඳහා රාජ්‍ය සම්පත් අවභාවිතා කිරීම සම්බන්ධයෙන් අවදියෙන් සිටින ලෙස මාධ්‍ය හමුව ඇමතූ TISL ආයතනයේ ජ්‍යෙෂ්ඨ වැඩසටහන් කළමනාකරු ගෞරිස්වරන් කිරුපයිරාජා සියලු පුරවැසියන්ගෙන් ඉල්ලා සිටියේය.

This website uses cookies to improve your web experience.