Skip links

මැතිවරණ නීති කඩකරමින් පෙළපාලි පැවැත්වීම

Webppprrally

මෙවර මැතිවරණයේදී එක්සත් ජාතික පෙරමුණේත්, එක්සත් ජනතා නිදහස් සන්ධානයේත් අපේක්ෂකයන් මැතිවරණ නීති රීති කඩ කරමින් පසුගිය ජූලි 13 වැනිදා නාම යෝජනා භාරදීමෙන් පසු සිය ආධාරකරුවන් සමග පෙළපාලි පැවැත්වූහ.
දිවයින පුරා ප්‍රදේශ කිහිපයක මෙම පෙළපාලි පැවති අතර ඒ අතුරින් අපට නිරීක්ෂණය වූ සහ සාක්ෂි මගින් තහවුරු වූ සිද්ධි කිහිපයක වාර්තා මේ සමග ඉදිරිපත් කරන්නෙමු.
මෙලෙස මැතිවරණ නීතිරීති කඩකිරීම් වලට එරෙහිව පොලිස්පතිවරයා හරහා ඔබ විසින් අධිකරණ ක්‍රියාමාග_ ගනු ලැබීමට නියමිතව සිටින බැවින් පහත සඳහන් තොරතුරු ඒ සඳහා ප්‍රයෝජනවත් වනු ඇතැයි අපේක්ෂා කරන්නෙමු.
• කළුතර
කළුතර කච්චේරියේදී නාම යෝජනා ලබාදීමෙන් පසු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ප්‍රධාන ආධාරකරුවන් පිරිසක් අනෙකුත් එජාප අපේක්ෂකයන් සම`ග පෙළපාලියකින් කළුතර බෝධිය වෙතට ගමන් කරනු නිරීක්ෂණය කළ හැකිවිය. (ඡායාරූප අමුණා ඇත)
මේ අතර කළුතර දිස්ත්‍රික්කයට එක්සත් ජාතික පක්ෂයෙන් තර`ග කරන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා ද සිට ආධාරකරුවන් සහ තවත් අපේක්ෂකයෙකු වන ජයන්ත සමරවීර සම`ග පෙළපාලියකින් ගමන් කරනු දක්නට ලැබිණි.
• පුත්තලම
එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් පුත්තලම දිස්ත්‍රික්කයට තර`ග වදින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දයාශ්‍රිත තිසේරා ප්‍රමුඛ ආධාරකරුවන් ලූණුඔය ප්‍රදේශයේ පා ගමනින් ගමන් කර ඉන්පසුව නීති විරෝධී ලෙස රථ පෙළපාලියකින් ප්‍රදේශය පුරා සංචාරය කරනු දක්නට හැකි විය.
මෙයට අමතරව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ තවත් අපේක්ෂකයෙකු වන සරත් නිශාන්ත පෙරේරා මහතා ද මහඔය ප්‍රදේශයේදී තවත් රථ පෙළපාලියකින් ගමන් කරනු නිරීක්ෂණය කරන ලදී.
• කුරුණෑගල

කුරුණෑගල දිස්ත්‍රික්කයට අයත් එක්සත් ජාතික පෙරමුණෙන් තර`ග වදින හිටපු අධ්‍යාපන අමාත්‍ය අඛිල විරාජ් කාරියවසම් මහතා ද නාමයෝජනා භාර දීමෙන් පසු රථ පෙළපාලියකින් පළමුව ඇත්කඳ විහාරයට ගොස් නැවත එහි සිට කුලියාපිටිය දක්වා වාහන පෙළපාලියකින් ගමන් කරනු නිරීක්ෂණය කළ හැකි විය.

• මන්නාරම
මන්නාරම ප්‍රදේශය තුළ එක්සත් ජාතික පෙරමුණේ අපේක්ෂකයන් රථ පෙළපාලියකින් ගමන් කරනු ද නිරීක්ෂණය කළ හැකි විය.

Leave a comment

This website uses cookies to improve your web experience.