Skip links

Local Government – Construction Monitoring

ජනතාවට එදිනෙදා ජීවිතයේදී ප්‍රයෝජනවත් වන්නා වූ යටිතල පහසුකම් රැසක ඉදිකිරීමේ සහ නඩත්තු කිරීමේ වගකීම පැවැරී ඇත්තේ ප්‍රාදේශීය සභාවටයි . මේවාට උදාහරණ වශයෙන් මාර්ග සහ පොදු ගොඩනැගිලි දැක්විය හැකියි. කෙසේ වෙතත් ප්‍රාදේශීය සභා මගින් ඉදිකරන සහ නඩත්තු කරන ලබන්නා වූ මාර්ග සහ අනෙකුත් ඉදිකිරීම් සම්බන්ධයෙන් ජනතාව පැමිණිලි කරන අවස්ථාවන්ද දැකිය හැකිය.
මෙම ඉදිකිරීම්වල ප්‍රමිතිය, කල්පවත්නා බව, අදාළත්වය, වැය කළ මුදලට ප්‍රතිලාභ ලබාදෙන්නේද යනාදී කරුණු මහජන අවධානයට යොමුවු ප්‍රධාන අංශ ලෙසට හදුන්වා දිය හැකිය. මේ අන්දමින් ඇතිවන්නා වූ දුර්වලතා අවම කරගැනීමටත් ඉදිකිරීමේ කාර්යයන්හිදී ප්‍රාදේශීය සභාවන්හි වගවීම ඉහළ නැංවීමටත් ඵලදායී ක්‍රමෝපායයක් ලෙස ප්‍රජා නායකයින්ට මෙම ඉදිකිරීම් සම්බන්ධයෙන් යම් ප්‍රමාණයක හෝ දැනුමක් ලබාදීම වැදගත්ය. එමගින් ඔවුන්ට අදාළ ඉදිකිරීම්වල ආරම්භක පියවරේ සිටම අවස්ථානුකූලව නිරීක්ෂණය හා අධීක්ෂණය කිරීමේ හැකියාව ලැඛෙනු ඇත. මෙම ක්‍රියාමාර්ග යෙන් ලැඛෙන්නාවූ තවත් ධනාත්මක ප්‍රතිලාභයක් වන්නේ මෙම ඉදිකිරීම් සම්බන්ධයෙන් ජනතාවගේ වගකීම සහ ඔවුන්ගේ හිමිකාරිත්වය පිළිබඳ හැඟීමක් ජනිත කිරිමට එය මහෝපකාරී වීමයි.
මෙම අත්පොතෙහි අරමුණ වන්නේ ප්‍රාදේශීය සභා මගින් සිදුකරන ඉදිකිරීම් වලදී ඒ පිලිබඳව විමසිලිමත් වීමට සහ තාක්ෂණික අවබෝධයකින් යුක්තව කරුණු අධීක්ෂණය කිරීමට හා මැදිහත්වීමට අවශ්‍යය මුලික දැනුම ප්‍රජා නායකයින්ට ලබාදීමයි.

Download: 

This website uses cookies to improve your web experience.