බැඳීම #15

සහභාගීත්ව ආකාරයකින් යුක්තව දරුවාගේ අයිතිවාසිකම් පිළිබඳ වූ එක්සත් ජාතීන්ගේ සම්මුතියෙහි 2018 අවසන් නිරීක්ෂණ ක්‍රියාවට නැංවීම තුලින් ළමා හිතකාමී පරිසරයක් නිර්මාණය කිරීම ප්‍රවර්ධනය කිරිම

බැඳීම #12

2020 වන විට අදාළ අමාත්‍යාංශ විසින් කාන්තාවන්ට එරෙහි සියළු ආකාරයේ වෙනස්කොට සැලකීම තුරන් කිරීමේ සම්මුතියේ (CEDAW) තෝරාගත් අවසාන නිරීක්ෂණ ක්‍රියාත්මක කිරීම සඳහා විනිවිදභාවයෙන් යුත් හා වගකිව යුතු ක්‍රියාවලියක් ස්ථාපනය කිරීම.

බැඳීම #11

පරිසර විෂයභාර අමාත්‍යාංශය විසින් සහභාගීත්ව ආකාරයකින් දේශගුණික විපර්යාස අභියෝගයන් ‍‍‍ජාතික පාරිසරික ප්‍රතිපත්තියට සහ පනතට සවිස්තරාත්මකව ඇතුලත් කිරිම

බැඳීම #10

ආපදා කළමනාකරණ විෂයභාර අමාත්‍යාංශය විසින් සහභාගීත්ව අන්දමකින් යුතුව ආපදා අවමකරණ ක්‍රියාදාමයන් හඳුනා ගැනීම, සකස් කිරීම, ක්‍රියාත්මක කිරීම සහ පසුවිපරම් කිරීම

බැඳීම #9

ආබාධිත සහිත පුද්ගලයින්ගේ අයිතිවාසිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුතියට (UNCRPD ) අනුකූලව පුරවැසි සහභාගීත්වය ද සහිතව ආබාධිත පුරවැසි අයිතිවාසිකම් පනත් කෙටුම්පත සකසා 2020 වන විට එය පාර්ලිමේන්තුව විසින් නීතිගත කිරීම

බැඳීම #8

2020 වර්ෂ අවසානය වන විට හඳුනාගත් අඩු ආදායම්ලාභී පවුල් 3200 ක් සඳහා නිවාස වෙන් කිරීම සම්බන්ධයෙන් තීරණ ගැනීමේ දී අබාධිත ප්‍රජාවගේ සහභාගීත්වය ලබා ගැනීම සඳහා යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කිරීම

බැඳීම #6

රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය(GIC – 1919), රජයේ වෙබ් අඩවි සහ විවෘත දත්ත ඩිජිටල් සංකල්පය වැඩිදියුණු කිරීම තුලින් පුරවැසියන් සඳහා පිරිවැය ඵලදායී සහ විශ්වසනීය රාජ්‍ය තොරතුරු සේවාවන් ලබාදීම