This briefing note examines the importance of freedom of expression as a cornerstone of democracy and a vital human right, especially in times of crisis and reform. It explores how the right to free speech enables accountability, supports democratic governance, and empowers citizens to demand justice and reforms. Highlighting the challenges faced in Sri Lanka during the Aragalaya movement and the misuse of laws such as the Prevention of Terrorism Act (PTA) and the Online Safety Act, the note emphasizes the urgent need for legal reforms and institutional safeguards. It also outlines the role of freedom of expression in protecting other rights and fostering inclusive public dialogue. The recommendations focus on legislative changes, judicial safeguards, transparency, and strengthening human rights mechanisms to ensure this fundamental freedom is upheld for all.
අර්බුද පවතින සහ ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කාලවලදී අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස
විශේෂයෙන් අර්බුද පවතින සහ ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කාලවලදී ප්රජාතන්ත්රවාදයේ වැදගත් අංගයක් සහ මූලික මානව අයිතිවාසිකමක් ලෙස අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසේ ඇති වැදගත්කම මෙම කෙටි සටහන මගින් අධ්‍යයනය කරයි. වගවීම ඇති කිරීමටත්, ප්රජාතන්ත්රවාදී රාජ්‍යකරණයට සහාය වීමටත්, යුක්තිය සහ ප්‍රතිසංස්කරණ ඉල්ලා සිටීමට පුරවැසියන් බල ගැන්වීමටත් නිදහස් භාෂණය සඳහා ඇති අයිතිය උපකාරී වන්නේ කෙසේද යන්න එමගින් සොයා බැලේ. අරගලය පැවැති කාලසීමාව තුළ ශ්‍රී ලංකාව මුහුණ දුන් අභියෝග මෙන්ම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත වැනි නීති අවභාවිත කිරීම පිළිබඳව අවධාරණය කරමින්, නීති ප්‍රතිසංස්කරණ සහ ආයතනික ආරක්ෂාවන් ඇති කිරීමේ කාලීන අවශ්‍යතාව මෙම සටහන අවධාරණය කරයි. අනෙකුත් අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සහ සියලු දෙනා ඇතුළත් වූ මහජන සංවාදයක් පෝෂණය කිරීම සඳහා අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසේ ඇති වැදගත්කම එමගින් ගෙනහැර දක්වයි. මෙම මූලික නිදහස සියලු දෙනාට ලැබෙන බව තහවුරු කිරීම සඳහා ව්‍යවස්ථාදායක වෙනස්කම් සහ අධිකරණ ආරක්ෂණයන් ඇති කිරීම සහ විනිවිදභාවය සහ මානව හිමිකම් යාන්ත්‍රණයන් ශක්තිමත් කිරීම කෙරෙහි එහි නිර්දේශ අවධානය යොමු කරයි.