Skip links

සාධාරණ ඡන්දයක් පැවත්වීම ගැන මැතිවරණ කොමසාරිස්වරයාට ස්තුතිය

ඉතාමත් තීරණාත්මක මැතිවරණයකදී දූෂණයට ඉඩක් ලබා නොදෙමින් මැතිවරණයේ සුපිළිපන් බව ආරක‍ෂා කිරීමට සිදු කළ කැපවීම හා ලබාදුන් නායකත්වය ඉතා අගය කරන බව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල්  ශ්‍රී ලංකා ආයතනය මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා වෙත ලිපියක් යවමින් ස්තුතිය පළ කරමින් සිටී.

මැතිවරණයේ සුපිළිපන් බව බිදලීමට හා එහි වටිනාකම් විනාශ කිරීමට ගෙන ගිය වැඩපිළිවෙළ හමුවේ නොසැළී සිටිමින් සිදුකළ මෙහෙවර පිළිබදව උදක්ම සතුටු වන බවද එහි සදහන් වේ.

මෙවර මැතිවරණයේදී සිදුවූ විවිධ අකටයුතුකම් පිළිබදව හොදින්ම අත්දැකීම් ලබාගත හැකි හා ඒවා අවම කිරීමට ගතහැකි පියවර යෝජනා කිරීමට සුදුසුම පුද්ගලයා ඔබ බව අපගේ විශ්වාසයයි. ඊට ශක්තියක් වීමට යහපාලනය වෙනුවෙන් කැපවුණු ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය ලෙස අප සූදානමින් යැයිද එහි සදහන්ය.

මැතිවරණයේ සුපිළිපන් බව හැකිතාක් දුරකට ආරක‍ෂාකර දීමට ගනු ලැබූ පියවරට අප නැවත අපගේ ගෞරවය ඔබ වෙත පළ කරන්නෙමු.

Leave a Reply to Sie.Kathieravealu

  1. January 20, 2015
    A staggering loss of Rs. 140 million incurred by the SLTB due to the Presidential Election

    Why should it be treated as a loss? Action must be taken by the Board of Management to recover the total amount due from the person concerned.

    In addition action has to be taken against the person for MISUSE or ABUSE of power.

    This abuse of power is one strong concrete example as to why a person should be prevented by law from contesting any election while he holds a post in the Government. There must be a law to make it compulsory that any person who intends to contests any election must first relinquish all posts held by him in the public or private sector before he becomes eligible to hand-over his nomination papers for tat election.

This website uses cookies to improve your web experience.