Skip links

බන්ධනාගාර දෙපාර්තුමේන්තුවේ රැකවරණය යටතේ පසුවන රැදවියන් දේශපාලන ප්‍රචාරක කටයුතු සදහා යොදා ගැනීම

 

බණ්ධනාර කොමසාරිස් ජෙනරාල්
බන්ධනාගාර දෙපාර්තමේන්තුව
කොළඹ-08

බණ්ධනාර කොමසාරිස් ජෙනරාල්තුමණි

බන්ධනාගාර දෙපාර්තුමේන්තුවේ රැකවරණය යටතේ පසුවන රැදවියන් දේශපාලන ප්‍රචාරක කටයුතු සදහා යොදා ගැනීම පිළිබඳවයි

මේ වනවිට ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කර ඒ සදහා අපෙක‍ෂකයින් නාමයෝජනා භාරදී ඇති අතර ආණ්ඩු ක්‍රම ව්‍යවවස්ථාවේ ප්‍රතිපාදන අනුව මේ වන විට පවත්න්නේ මැතිවරණ සමයකි.

මෙම මැතිවරණයේ අපේක‍ෂකයකු ලෙස නාමයෝනා භාරදී ඇති බලයේ සිටින ජනාධිපති මහින්ද රාජපක‍ෂ මැතිතුමාගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු සදහා බන්ධනාගාර රැදවියන් යොදා ගැනීමේ සිදුවීමක් අප වෙත වාර්තා වී ඇත.

පසුගිය දෙසැම්බර් මස 14 දින අකුරැස්ස නගරයේදී ජනාධිපති අපේක‍ෂක මහින්ද රාජපක‍ෂ මැතිතුමාගේ ප්‍රචාරක කටයුතු සදහා මැතිවරණ ප්‍රචාරක වේදීකාවක් තැනීම සදහා බණ්ධනාගාර රැදවියන් 44 දෙනෙකු යොදා ගැනීම එම සිදුවීමයි.

මෙසේ බණ්ඩනාගාර රැදවියන් දේශපාලන ප්‍රචාරක කටයුතු සදහා යොදා ගැනීම බන්ධනාගාර ආඥා පනතට මෙන්ම ජාත්‍යන්තර වශයෙන් පිළිගත් මානව හිමිකම් සම්මුතීන් උල්ලංඝනයක් බැවින් එම ක්‍රියාව පොදු දේපළ රැකගැනීමේ වැඩසටහන දැඩි පිළිකුලෙන් යුතුව හෙලා දකින අතර. රාජකාරී බලය අයුතු ලෙස භාවිතා කරමින් සිදුකරන ලද මෙම කටයුත්ත පිළිබඳව නිසි පරීක‍ෂණයක් සිදු කරන ලෙස ඉල්ලා සිටිමු.

එසේම මෙම අවස්ථාවන් සදහා බන්ධනාගාර නිළධාරීන්, බණ්ධනාගාර සංගීත කණ්ඩායම හා බණ්ධනාගාර බස්රථ යොදවාගෙන ඇති අතර රජයේ දේපළ හා නිළධාරීන් මැතිවරණ ප්‍රචාරක කටයුතු සදහා යොදවා ගැනීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 102 ව්‍යවස්ථාවට පටහැනි ක්‍රියාවක් වන බැවැන් මේ පිලිබඳවද නිසි පරීක‍ෂණයක් සිදුකර වරද සිදුකරන ලද නිළධාරීන්ට දඩුවම් පමුණුවන ලෙසත් ඉදිරියේදී බණ්ධනාගාර දෙපාර්තමේන්තුව මෙවැනි පොදු දේපළ මැතිවරණ ප්‍රචාරක කටයුතු සදහා භාවිතා කිරීම වැළැක්වීම සදහා ආයතන ප්‍රධානීයා ලෙස මෙන්ම ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදි ජනරජයේ නිවේදිත ශ්‍රේණියේ වගකිව යුතු නිළධාරියෙකු ලෙසත් කටයුතු කරනු ඇතැයි අපේක‍ෂා කරමු.

එමෙන්ම මෙම කරුණු මහජන යහපත සදහා වැදගත්වන බැවින් ජනමාධ්‍ය වෙත මෙම ලිපිය නිකුත් කරන බවද වැඩිදුරටත් සදහන් කරමි.

විශ්වාසී
එස් රනුග්ගේ
විධායක අධ්‍යක‍ෂක

පිටපත්

• ලේකම්- බන්ධනාගර හා පුනරුත්තාපන අමාත්‍යංශය

සභාපතිතුමා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව

මැතිවරණ කොමසාරිස් තුමා

සියලූව ජනමාධ්‍ය ආයතන

Photo: http://www.lankadeepa.lk/index.php/top_story/282577

Leave a comment

This website uses cookies to improve your web experience.