මැතිවරණ කොමසාරිස්තුමනි,
මැතිවරණ අපේකෂකයින් ප්‍රවර්ධනය ස`දහා පොදු දේපළ යොදාගැනීම වැලැක්වීම සදහා නියෝග හා ජනමාධ්‍ය සදහා උපමාන ගැසට් පත්‍රයේ පළකරන ලෙස කරනු ලබන ඉල්ලීමයි
2015 අගෝස්තු මස පැවැත්වෙන පාර්ලිමේන්තු මහා මැතිවරණයේදී අපේකෂකයින් ප්‍රවර්ධනය සදහා පොදු දේපළ යොදා ගැනීම වැලැක්වීම ස`දහා පොදු දේපළ රැකගැනීමේ වැඩසටහන වෙනත් මැතිවරණ වලදී මෙන්ම මෙවරද සිය නිරීකෂණ කටයුතු සිදුකරනු ලබයි.
මැතිවරණයේදී පොදු දේපළ අයථා ලෙස පරිහරණය සිදුවීම වැලැක්වීමේ අරමුණින් ඔබතුමන් විසින් 2015 ජූනි මස 29 වන දින හා අංක ඡෑරැ2015රැ4 දරන චක්‍ර ලේඛණය නිකුත් කිරීම සම්බන්ධයෙන් ප්‍රණාමය පිරිනමමු.
නමුත් මෙම මැතිවරණයේදී තරග කරන දේශපාලන පකෂ හා අපේකෂකයින් විසින් පොදු දේපළ යොදා ගනිමින් සිටින බවට පැමිණිළි ලැඛෙමින් පවතී
එබැවින් 19 වන සංශෝධනයෙන් සංශෝධිත ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 104ආ 5(ඇ) ෂෂ අනු ව්‍යවස්ථාව අනුව යමින් එකී අයථා පරිහරණයන් තහනම් කරන ලිඛිත ර්ණවිධානයන්” ගැසට් පත්‍රයේ පලකරන ලෙස ඉල්ලා සිටිමු.
තවද 19 වන සංශෝධනයෙන් සංශෝධිත ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 104 ආ 5 අනුව ව්‍යවස්ථාවට අනුව ඡන්ද විමසීමක් පැවැත්වීම සහතික කිරීම සඳහා අවශ්‍ය යයි ඔබ විසින් සලකනු ලබන මාධ්‍ය ආයතන සදහා වන ර්ණඋපමාන” ද ඉහත කී 104ආ 5(ඇ) ෂෂ අනු ව්‍යවස්ථාව අනුව යමින් ගැසට් පත්‍රයේ පළ කරන ලෙස ද තවදුරටත් ඉල්ලා සිටමු.
මැතිවරණයේ සුපිළිපන් බව මෙන්ම රාජ්‍ය නිළධාරීන්ගේ වගවීම ඉහල නැංවීම හා පොදු දේපළ ආරකෂාකර ගැනීම සදහා මෙම ක්‍රියාමාර්ග මහෝපකාරී වනු ඇතැයි පොදු දේපළ රැකගැනීමේ වැඩසටහන අපේකෂා කරයි.
ස්තූතියි
ශාන් විජේතුංග
ජාතික සම්බන්ධීකාරක
පොදු දේපල අයථා පරිහරණය වැළැක්වීමේ වැඩසටහන