පුහුණුකරුවන් පුහුණු කිරීමේ වැඩසටහනක් මොරටුවේ දී
තොරතුරු දැනගැනීමේ අයිතිය (RTI) සම්බන්ධයෙන් පුහුණුකරුවන් පුහුණු කිරීමේ වැඩසටහනක් 2022 මාර්තු 03 සහ 04 යන දෙදින පුරා මොරටුව සර්වෝදය මූලස්ථානයේ දී පැවැත්විණි.
රට පුරා පිහිටා ඇති RTI මධ්‍යස්ථානවල සාමාජිකයන් 50 දෙනෙකු පමණ මෙලෙස පුහුණුවට ලක් විය. පළමු දිනයේ දී තොරතුරු දැනගැනීමේ පනතට අදාළ කරුණු සම්බන්ධයෙන් පුහුණුව සිදු කළ අතර දෙවන දින දූෂණය සන වංචාවට එරෙහිව කටයුතු කිරීම පිළිබඳ පුහුණු කෙරිණි. තොරතුරු දැනගැනීමේ පනතට අදාළ පුහුණුවේ දී නිසි පරිදි තොරතුරු ඉල්ලීමක් සිදු කිරීම සහ ඉන්පසු ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳ අවධාරණය කෙරිණි.
වැඩසටහන අවසානයේ මෙම පුහුණුකරුවන් විසින් සිය මධ්‍යස්ථානවල සාමාජිකයන් සඳහා පුහුණු සැසි පවත්වන ලදි.
Comments
No comment yet.