තොරතුරු දැනගැනීමේ අයිතිය පිලිබඳ පනත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය හා පනත් කෙටුම්පතේ අනාගතය

RTI

තොරතුරු දැනගැනීමේ අයිතිය පිලිබඳ පනත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය හා පනත් කෙටුම්පතේ අනාගතය

තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත් කෙටුම්පත 2016 මාර්තු 24 වන දින පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය කටයුතු අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී. එකී පනත් කෙටුම්පතෙහි සදහන් සමහර වගන්ති ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ සමහර ව්‍යවස්ථාවන්ට පටහැනි බව ප්‍රකාශ කරමින් පෙත්සම් 5ක් ශ්‍රේෂ්ඨාධිකරණයට යොමුකර තිබිණි. මෙම පෙත්සම් අතරින් එක් පෙත්සමක් පිළිබඳ මූලික විරෝධතාවයක් මත ආරම්භයේදීම විභාගයෙන් ඉවත් කරන ලදී. 

පෙත්සම් අතරින් සමහර පෙත්සම් මගින් ඉල්ලා සිටියේ පනත් කෙටුම්පත මගින් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ සදහන් තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ සීමාවන්ටත් වඩා සීමා පනවන බැවින් මෙම පනත් කෙටුම්පතේ සමහර වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණි බවයි. එහෙත් සමහර පෙත්සම් මගින් ප්‍රකාශකර සිටියේ මෙම පනත් කෙටුම්පතේ සදහන් ප්‍රතිපාදන ජාතික ආරක‍ෂාවට තර්ජනයක් වන බැවින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණි බවයි. 

පනත් කෙටුම්පත පිළිබඳව පෙත්සම් විභාගය ආරම්භවූ අප්‍රේල් 5 වනදා වන විට මෙම පෙත්සම් සදහා මැදිහත්වන පෙත්සම් 8ක් ද ඉදිරිපත්වී තිබිණි. ඒ අතර ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනයද නීතිඥ සංගමයේ සභාපතිතුමා හා ලේකම්තුමාද, තවත් පුද්ගලයන් කිහිප දෙනෙක් ද විය. 

පෙත්සම් පිළිබඳ විභාගය අපේ්්‍රල් 5 හා 6 යන දිනවලදී අගවිනිසුරු කේ.ශ්‍රීපවන් මැතිතුමා, ශ්‍රෙෂ්ඨාධිකරණ විනිසුරු අනිල් ගුණරත්න මැතිතුමා හා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු නලීන් පෙරේරා මැතිතුමා ඉදිරියේදී පවත්වන ලදී. 

එකී විභාගයෙන් අනතුරුව පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය ගරු කථානායකවරයාට දැනුම්දී තිබූ අතර ගරු කථානායකතුමන් විසින්  මැයි 3 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී. 

එකී ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය අනුව පනත් කෙටුම්පතේ වගන්ති 5ක සුලූ සංශා්ධනයන් සිදු කිරිමෙන් පාර්ලිමේන්තුවේ සරල බහුතරයකින් පනත්කෙටුම්පත සම්මත කළ හැකි බව පැහැදිලිවේ. 

එකී තිරණයට අනුව පහත සංශෝධන සිදුකරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයේ මගින් සදහන් කර තිබේ. 

  • පනත් කෙටුම්පතේ 5(1(එ) වගන්තියේ සදහන් එම තොරතුරු හෙළිදරව් කිරීම අධිකරණයට අපහාස කිරීමක් වන අවස්ථාවක දී  යන  කොටස වෙනුවට ර්‍ණඑම තොරතුරු හෙළිදරව් කිරීම අධිකරණයට අපහාස කිරීමක් වන අවස්ථාවක දී හෝ අධිකරණයේ බලාධිකාරයට හා අපක‍ෂපාතීත්වය ආරක‍ෂාකිරීමට අගතියක් සිදුවන අවස්ථාවකදීයන්න යෙදිය යුතුය. 
  • පනත් කෙටුම්පතේ 9(2)(අ) වගන්තියේ සදහන් වන ර්‍ණමහජන සාමාජිකයකුයන වචනය වෙනුවට ර්‍ණපුරවැසියකුලෙස සංශෝධනය කිරීම. 
  • පනත් කෙටුම්පතේ 19 වගන්තියේ -රජයේ නිලධාරීන් (Public office) යන වචනය වෙනුවට – රජයේ සේවකයින් (Public Servant) ලෙස සංශෝධනය විය යුතුය. 
  • පනත් කෙටුම්පතේ 43(ඒ) වගන්තියේ පෞද්ගලික විශ්ව විද්‍යාල සහ වෘත්තීය ආයතන ඇතුළුව උසස් අධ්‍යාපන ආයතන¦ යන්න වෙනුවට ර්‍ණ ඔිනෑම ලිඛිත නීතියක් යටතේ ස්ථාපනයකර ඇති, අවසර ලබාදෙන ලද, අනුමැතිය ලබා දෙන ලද හෝ පූර්ණ වශයෙන් හෝ අර්ධ වශයෙන්  රජයේ ආධාර ලබාදෙන හා/හෝ පලාත් සභා ප්‍රඥ්ඥප්තියක් යටතේ ස්ථාපනය කරන ලද හෝ නිර්මාණය කර ඇති, පෞද්ගලික විශ්ව විද්‍යාල සහ වෘත්තීය ආයතන ඇතුළුව උසස් අධ්‍යාපන ආයතනයනුවෙන් සංශෝධනය විය යුතුය. 
  • පනතේ 43(ඔී) වගන්තයේ සදහන් ර්‍ණවෘත්තීය හෝ කාර්මික අධ්‍යාපනය ලබා දෙන ආයතන ඇතුළුව පුද්ගලික අධ්‍යාපන ආයතන¦” වෙනුවට ර්‍ණඔිනෑම ලිඛිත නීතියක් යටතේ ස්ථාපනයකර ඇති, අවසර ලබාදෙන ලද, අනුමැතිය ලබා දෙන ලද හෝ පූර්ණ වශයෙන් හෝ අර්ධ වශයෙන් රජයේ ආධාර ලබාදෙන හා/හෝ පලාත් සභා ප්‍රඥ්ඥප්තියක් යටතේ ස්ථාපනය කරන ලද හෝ නිර්මාණය කර ඇති, වෘත්තීය හෝ කාර්මික අධ්‍යාපනය ලබා දෙන ආයතන ඇතුළුව පුද්ගලික අධ්‍යාපන ආයතනයනුවෙන් සශෝධනය විය යුතුය. 

මෙම ආකාරයට සංශෝධනයන්  සිදුකරන්නේ නම් පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සරල බහුතරයකින් සම්මත කළ හැකි බව ශේ්්‍රෂ්ඨාධිකරණය දක්වා ඇත. 

මේ අනුව රජයට  ප්‍රධාන වශයෙන් තෝරා ගැනීම් 2ක් ඇත. පළමු තෝරාගැනීම නම් ශ්‍රේෂ්ඨාධිකරණය දක්වා සිටින පරිදී පනත් කෙටුම්පත සංශෝධනය කර පාර්ලිමේන්තුවේ සරල බහුතරයක් මගින් සම්මත කිරීමයි. දෙවැන්න නම් පනත් කෙටුම්පත මාර්තු 24 වන දින ඉදිරිපත් කළ ආකාරයෙන්ම පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක විශේෂ බහුතරයකින් සම්මත කිරීම හා ජනමත විචාරණයක් මගින් සම්මත කිරීමට උත්සාහ කිරීමයි. 

නමුත් ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය මගින් දක්වා ඇති සංශෝධන මගින්  සිදුවී ඇත්තේ පනත් කෙටුම්පත මගින් අපේක‍ෂිත ජනතා අපේක‍ෂාවන් හීන කිරීමක් නොව වඩාත් විධිමත් කිරීමක් බව පෙනීයයි. එබැවින් රජය විසින් එකී සංශෝධන ඇතුලත් කරමින් සරල බහුතරයක් මගින් පනත් කෙටුම්පත සම්මත කිරීම වඩාත් උචිත බව මගේ හැගීමයි. 

විශේෂයෙන්ම තුනෙන් දෙකක බහුතරයකින් අනුමත කිරීමට උත්සාහ කිරීමේදී මෙම පනත් කෙටුම්පත යම්තාක් දුරකට දියාරුවීමට ඇති අතර ජනමත විචාරණයකට යාම යනු ඉතා සංකීර්ණ ක්‍රියාවලියක් විය හැකියි. 

කෙසේ නමුත් පනත් කෙටුම්පතට යෝජනා කිහිපයක් පළාත් සභා මගින්ද ඉදිරිපත් වී තිබේ. එකී සංශෝධන සම්බන්ධයෙන්ද පනත් කෙටුම්පත පිළිබඳ දෙවනවර කියවීමේදී සලකා බලන බව රජය දැනටමත් දැනුම් දී ඇත. කෙසේ නමුත් දෙවනවර කියවීමේදී පනත තවදුරටත් ශක්තිමත් වීමට මෙන්ම 19 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේදී සිදුවූවාක් මෙන් දියාරුවීමටත් ඉඩක් පවතී. එබැවින් ශක්තිමත් පනතක් පාර්ලිමේන්තුව තුළින් සම්මතවීම සිවිල් අයිතිවාසිකම් සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන සැමගේ අපේක‍ෂාවයි. 

නීතිඥ ජගත් ලියන ආරච්චි

 

මෙම ලිපිය -තොරතුරු පනත් කෙටුමිපතට උසාවියෙන් සුලූ සංශෝධන කිහිපයක්- යන ශීර්ශය යටතේ 2016 මැයි 8 වන දින රාවය පුවත්පතේ පලවිය

/ News, News Room

Share the Post

Comments

No comment yet.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *