Towards a Nation of Integrity

Towards a Nation of Integrity

අල්ලස හා දුසැරිය (දූෂණය) රට ම ගිලගත් ව්‍යසනයක් බව හැම දෙනාම දන්නා කරුණක් වූවත් ඊට එරෙහිව, එය මැඩපැවැත්වීමට අවශ්‍ය දැනුම හා හැකියාවන් හි අඩුපාඩු පවත්නා බව අපට පෙනීගොස් ඇති කරුණකි. ශ්‍රී ලංකාවේ පවත්නා දුසැරිය මර්දනයට අදාල නීති රීති, ආයතන රැසක් තිබුණද එකී ප්‍රතිපාදන හා ආයතන පිළිබඳ තොරතුරු උපයෝගී කරගෙන දූෂණය මැඩලීමට හා යහපාලන ප්‍රතිපත්තීන් ප්‍රවර්ධනයට අවශ්‍ය දැනුම සරලව හා ක්‍රමවත්ව ඉදිරිපත් කිරීම මෙම ග්‍රන්ථයේ අරමුණ වේ.