Skip links

TISL Trained Youth in Jaffna to Help the Public to Obtain NIC

Webthushaljaffna

Transparency International Sri Lanka (TISL) with the support from European Union conducted a special training session for more than 30 youth in the Jaffna peninsula to work as volunteers to help the public to secure necessary documents to obtain their National Identity Card (NIC).

Hundreds of civilians who live in Jaffna have not able to cast their vote since the end of the war due to the lack of proper documents to obtain their NIC. It is estimated that approximately 100,000 civilians were not able to vote during the past two elections due to this issue.

As a result of the prolonged conflict that affected the county, many citizens in the North had either lost their identification documents or misplaced them while some of them do not even possess a birth certificate.  This has had dire consequences on their day to day activities and have prevented them from exercising their franchise. In an attempt to address this issue, TISL with the support of the EU, have launched a campaign to provide identification documents to citizens in the North, specifically targeting those still living in IDP camps and resettled areas. The trained volunteers will go to the people and collect the required information to issue them with a valid identification that could be used when voting. Through this project TISL will communicate to the public who are living in Jaffna how they should obtain the NIC and documents they will need to do so through the volunteers.

TISL has planned to conduct 10 mobile clinics in the district to issue NIC cards after collecting data through the volunteers.   The same initiative will conducted in all five districts of the Northern Province.

 

______________

 

උතුරේ අවතැන් ජනයාගේ ජාතික හැඳුනුම්පත් ගැටලූ ගැන සොයන්න
ස්වේච්ඡා ක්‍රියාකාරීන් 30 දෙනකුගේ කණ්ඩායමක්

උතුරු පළාතේ ජාතික හැඳුනුම්පත් අහිමි පුද්ගලයින්ගේ තොරතුරු සමීක්ෂණය කිරීම සදහා විශේෂයෙන් ඒ සඳහා පුහුණු කළ ස්වේච්ඡා ක්‍රියාකාරීන් 30 දෙනකු යෙදවීමට ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය පසුගිය 25 වැනි දා පියවර ගත්තේය.

උතුරු පළාතේ නැවත පදිංචි කළ ජනතාවගෙන් අති විශාල පිරිසකට පසුගිය මැතිවරණවලදී සිය ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව අහිමි විය. ඒ සදහා ප්‍රධාන හේතුව වූයේ ඔවුන්්ගෙන් අති බහුතර පිරිසකට ඡන්දය සදහා ලිපාපදිංචි වීමට අවශ්‍ය මූලික ලියවිලි නොමැති වීමයි.

විශේෂයෙන් මෙම ජනතාව පසුගිය යුද සමයේ දිගින් දිගටම අවැත්වීම හේතුවෙන් ඔවුන්ගේ මූලික ලිපි ලේඛන අස්ථානගත වී ඇති අතර තවත් විශාල පිරිසක් විිවිධ හේතු මත සිය උපත් ලියාපදිංචිය සිදු කොට නොමැත. මෙම තත්ත්වය හේතුවෙන් උතුරේ නැවත පදිංචි කළ අති විශාල පිරිසක් මේ වන විටත් ජාතික හැඳුනුම්පත් අහිමිව සිටින අතර එය ඔවුන්ගේ ඡන්ද බලය අයිතියට මෙන්ම එදිනෙකා කටයුතු සදහා ද දැඩි බාධාවක්ව පවතී.

පසුගිය කාලය පුරා මෙම පුද්ගලයින්ට හට ජාතික හැදුනුම්පත් ලබාදීමට විවිධ පාර්ශ්ව පියවර ගෙන තිබුණ ද මේ මොහොත වන විටත් අති විශාල පිරිසකට එම අවස්ථාව අහිමි පවතින්නේ එකී හැඳුනුම්පත් ලබා ගැනීමේ ක්‍රියාවලිය සඳහා ඔවුන් නිසි පරිදි අන්තර්ග්‍රහණය කර නොගැනීමයි. මෙහිදී මෙම පුද්ගලයින් හැනුම්පත් ලබා දීමේ වැඩසටහන් වෙත කැදවා ගැනීමේදී එකී අවස්ථාවන් ඔවුන් වෙත නිසියාකාරයෙන් සන්නිවේදනය නොවීම බහුල වශයෙන් සිදු විය.

ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය මෙම ව්‍යාපෘතිය මගින් බලාපොරොත්තු වන්නේ මෙම ජනතාව වෙත ම ගොස් හැඳුනුම්පත් නොමැති පුද්ගලයින් සහ ඒ සදහා වූ හේතු විමසා බලා ඔවුන් හට හැඳුනුම්පත් ලබා ගැනීමට අවස්ථාව ලබාදීමයි.

මේ සදහා උතුරු පළාතේ ජීවත් වන ස්වේච්ඡා තරුණ ක්‍රියාකාරීන් 30 දෙනකු පුහුණු කිරීමේ විශේෂ වැඩමුළුවක් පසුගිය ඔක්තෝබර් මස 24 වැනි දින යාපනයේදී පවත්වන ලදි. මෙම වැඩමුළුව සදහා සම්පත්දායකත්ව යාපනය මානව හිමිකම් නිලධාරිවරයා විසින් ලබා දෙන ලදි. ඔහු විසින් හැඳුනුම්පත් ලබා ගැනීමේ අවශ්‍යතාව ඒ සඳහා අදාළ ලියවිලි ආදිය පිළිබද දැනුම ස්වේච්ඡා ක්‍රියාකාරීන්ට ලබා දෙන ලදි.

මෙම පුහුණුවෙන් පසු අදාළ ස්වේච්ඡා ක්‍රියාකාරීන් අවතැන්වූවන් පදිංචි කළ ගම්මාන වෙත ගොස් තොරතුරු රැස් කිරීමට නියමිත අතර අදාළ තොරතුරු සමාලෝචනය කිරීමෙන් පසු උතුරේ අවතැන් පුද්ගලයින් සදහා ජාතික හැඳුනුම්පත් ලබාදීමේ ජංගම සේවා 10 ක් උතුරු පළාතේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

ඡන්ද බල අයිතිය පිළිබද ජනතාව දැනුවත් කිරීමේ යුරෝපා සංගම් ව්‍යාපෘතිය මගින් මේ සදහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ලබාදීම සිදුවේ.

Leave a comment

This website uses cookies to improve your web experience.