Stop controversial Port City Project – Public Tribunal

Stop controversial Port City Project – Public Tribunal

pcitycscxc)

The three member panel who officiated at the Public Tribunal on controversial Port City Project in its final conclusion remarks requested the government to immediately stop the project. They took this decision after listening to evidence given by various organaisations and individuals.

 

වරාය නගරය ව්‍යාපෘතිය-මහජන විනිශ්චය සභාව

වරාය නගර ව්‍යාපෘතිය පිළිබඳ සාක්ෂි සහ තොරතුරු විමසීමේ zමහජන විනිශ්චය සභාවක්Z 2015-04-09) පෙරවරුවේ කොළඹ මහජන පුස්ථකාලීය ශාලාවේදී පැවැත්විණි. ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ පැවැති මෙම විනිශ්චය සභාව හමුවේ වරාය නගර ව්‍යාපෘතිය පිළිබඳ උනන්දුවක් දක්වන සංවිධාන සහ සිවිල් වැසියන් 12 දෙනෙක් ඔවුන් සතු සාක්ෂි සහ තොරතුරු ඉදිරිපත් කළහ.

නීති ක්ෂේත්‍රයේ් දීර්ඝ කාලීන අත්දැකීම් ඇති එස්.ජී. පුංචිහේවා, අධිනීතිඥ චන්ද්‍රපාල කුමාරගේ සහ ආචාර්ය ජයම්පතී සමරසේකර විනිසුරුවරුන් ඉදිරියේ සාක්ෂි මෙහෙයවීම් සිදුකරන ලැබුවේ ලක්ෂාන් ඩයස්, හරිෂ්ක සමරනායක සහ වින්සන් බුලත්සිංහල යන නීතිඥවරුන් විසිනි. මෙම විනිශ්චය සභාවේදී ඉදිරිපත් වූ සාක්ෂි සහ තොරතුරු විමර්ශනය කළ  විනිසුරු ම~ුල්ලේ ඒකමතික තීරණය වූයේ පෝරට් සිටි හෙවත් වරාය නගර ව්‍යාපෘතිය පූර්ණ වශයෙන් නවතා දැමිය යුතු බවය. ඒ පිළිබඳ නැවත කිසියම් සළකා බැලීමක් හෝ සිදුකළ යුත්තේ චීනයට ලබාදෙන භූමියේ අයිතිය වසර 20ක උපරිමයකට යටත්වන්නේ නම් පමණක් බවද විනිසුරු ම~ුල්ල අවධාරණය කළහ.

මෙම විනිශ්චය සභාව වෙත පැමිණ කරුණු දක්වන ලෙස වරයා නගර ව්‍යාපෘතිය බාර චීන සමාගමට සහ රජයේ වගකිව යුතු ආයතන ප්‍රධානීන් සියළු දෙනාගෙන් ඉල්ලීමක් කොට තිබුණද කිිසිවෙක් සහභාගි නොවූහ. මේ පිළිබඳ රජය නැවත විමසා බැලීමක් කරමින් සිටින අවස්ථාවක මෙවැනි විනිශ්චය සභාවක් හමුවේ සාක්ෂිදීම ගැටළු සහගත විය හැකි බැවින් මෙයට සහභාගි නොවන බව චීන සමාගම විනිශ්චය සභාව වෙත දන්වා තිබිණ.

 

විනිසුරු මඩුල්ලේ තීන්දුව

1 2014-09-17 වෙනි දින වරාය නගරය ව්‍යාපෘතිය ආරම්භ කෙරිණ. අක්කර 300ක් ගොඩ කිරීම අරඹා එය අක්කර 575ක් ගොඩ කිරීම දක්වා ව්‍යාප්ත කොට ඇත. මෙය ව්‍යාපෘතිය 200%කින් පුළුල් කිරීමකි. එහෙත් ඒ නිසා ඇතිවන පාරිසරික සහ අනෙකුත් තත්ත්වයන්ට අදාළ ඇගයීම් වාර්තා නොමැත.

 

2 කලපු සහ සාගර ජීවින්

සාගරික කලාපයක් ගොඩ කිරීමේදී මුතුරාජවෙල අභය භූමිය, මීගමු කලපුව, මහ වැව කලපුව, හලාවත කලපුව, ආනවිලූන්දාව කලපුවට ඇතිවිය හැකි බලපෑම පිළිබඳ සලකා බැලීමක් සිදුකර නොමැත. බටහිර වෙරළ තීරයේ කඩොලාන ශාඛ විනාශය ගැනද සලකා නැත. මුහුදු ඌරන්, කැස්බෑවන්, මුහුදු තෘණ භූමි, ඩොල්ෆින්, තල්මසුන් ගැනද සලකා බලා නොමැත. ඉස්සන් පොකිරිස්සන් විනාශවීම වළක්වා ගන්නේ කෙසේදැයි දක්වා නොමැත.

 

3 වැලි සහ ගල් දමා ගොඩ කිරීම

මෙම සාගර කලාපය ගොඩ කිරීම සඳහා වැලි ඝන මීටර් 85,00,000.00 ක් අවශ්‍ය කෙරේ. මෙතරම් විශාල වැලි ප්‍රමාණයක් සඳහා කෙරෙන හෑරීම් නිසා සාගර කලාපයට සිදුවන හානි පැහැදිලි කර නැත.ඒ සඳහා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව සහ මධ්‍යම පරිසර අධිකාරිය, සමුද්‍ර සාගර පරිසර අධිකාරියේ අවසරයක්ද ලබාගෙන නොමැත. මේ නිසා මසුන් බෝවීමට හානි පැමිණීම, සමුද්‍ර ජීවීන් වඳවීමේ තර්ජණය, අවශ්‍ය වැලි ප්‍රමාණය ලබාගත නොහැකිවීම මගින් වෙරළ තීරය දැනටමත් විනාශ වී ඇත. කළුගල් ඝන මීටර් 16 ලක්ෂයක්ද මෙම ගොඩ කිරීම සඳහා අවශ්‍ය වන අතර එතරම් කළුගල් ප්‍රමාණයක් කොළඹ, කළුතර සහ ගම්පහ ආශ්‍රිත ප්‍රදේශවලින් ලබාගත නොහැකිය. එම ගල් ප්‍රමාණය ලබාගැනීම සඳහා රට අභ්‍යන්තරයේ ඇති ගල් පර්වත යොදාගැනීමට සිදුවන අතර ඒ හේතුවෙන් රට අභ්‍යන්තරයේද පරිසර ගැටළු මතුවේ.

මේ පිළිබඳ දේශීය අත්දැකීමක්

උණවටුන

මීටර් 300ක් දිග මීටරයක් උස ජැටියක් තැනීමෙන් වෙරළ ඛාදනය හා වෙනත් හානි ඇතිවී තිබේ.

ජාත්‍යන්තර අත්දැකීමක්

ඩුබායි ෆාම් මුහුද ගොඩකර තැනූ මෙවැනි ඉදිකිරීමක් නිසා මුහුදුකෑම සහ සමුද්‍ර ජීවී විනාශයක් සිදුව ඇත.

මේ අත්දැකීම් අනුව ශ්‍රී ලංකාවේ මෙවැනි ඉදිකිරීමක් ගැන ජනතාව විරුද්ධවීම සාදාරණ වේ.

4 නොතකා හරින ලද තත්ත්වයන්

  • මෙම ව්‍යාපෘතිය හේතුවෙන් බලපෑම් ඇතිවන ප්‍රදේශ හඳුනා නොගැනීම
  • ගොඩනැ`ගීමේ මූලික අවශ්‍යතා නොමැතිවීම
  • ව්‍යපෘතියේ පරිමාව 200%කින් ඉහළ දැමීමේදී බරපතල පාරිසරික බලපෑම් ඇතිවීම
  • සමස්ථ ව්‍යාපෘතිය පිළිබඳ සළකා බලා නොමැතිකම
  • ව්‍යාපෘතියේ ක්‍රියාමාර්ග, ප්‍රවාහන කටයුතු, වැලි ගල් භාවිතය හේතුවෙන් ඇතිවෙන බරපතල බලපෑම්
  • මේ පිළිබඳ සිදුකරන විමසීම්වලදී zබලපෑමක් නැතZ යනුවෙන් සරළ ලෙස පිළිතුරු දීම
  • බේරේ වැවෙන් කොටසක් අවහිරවීම
  • වැලි හාරන ක්‍රමයේ පරිසර බලපෑම විශේෂයෙන් සලකා නොතිබීම.

5 නව රැකියා සහ අහිමිවන රැකියා

මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමෙන් රැකි රක්ෂා 83 000ක් ඇතිවෙන බව කියා තිබේ. එහෙත් ව්‍යාපෘතිය නිසා අහිමිවන ධීවර රැකියා සංඛ්‍යාව ඊට වඩා ඛෙහෙවින් විශාල බව පෙනෙයි. එය ලක්ෂ 5ක් පමණ වනු ඇත. සංස්කෘතික හා ආර්ථීක වශයෙන් සිදුවන හානියද විශාලය.

6 කොළඹ ආශ්‍රිතව පමණක් සලකා බැලූවද මේ ව්‍යාපෘතිය නිසා එහි වාතය අපිරිසිදු වේ. වරාය නගරය සඳහා ජලය සහ විදුලිය රටේ අවශ්‍යතාවයෙන් සැපයිය යුතුය. වඩා සුදුසු වන්නේ කොළඹ තවත් නගරයක් තැනීමට වඩා සිංගප්පූරුවේ මෙන් උද්‍යානයක් සෑදීමය.

7 නෛතික තත්ත්වය

1981/51 වෙරළ සංරක්ෂණ පනතේ 15 ඡේදය අනුව වෙරළට හෝ මුහුදු තීරයට හානි වන කිසිදු ඉදිකිරීමකට අවසර දිය නොහැකිය. එහිම 42 ඡේදය අනුව පරිසර ඇගැයීම් වාර්තා අත්‍යවශ්‍යයය. එහෙත් එවැනි වාර්තා ලබාගෙන නොමැත. 24 වන වගන්තිය අනුව අවුරුදු තුනකට වඩා වැඩි කාලයකට බලපත්‍රයක් නිකුත් කළ නොහැකිය. එවැනි අවසරයක්ද ලබාගෙන නොමැත. මෙමගින් වෙරළ සංරක්ෂණ පනත, ජාතික පාරිසරික පනත, වන සත්ව සහ වෘක්ෂලතා පනත පමණක් නොව මෙහිදී ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවද උල්ලංඝනය වී ඇත.

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 1 වන ව්‍යවස්ථාව අනුව ශ්‍රී ලංකාවේ වැඩි කොටසක් නිත්‍ය අයිතියට සහ තවත් කොටසක් 99 අවුරුදු භුක්තියට යටත්වීම මගින් ඒ කොටස් තවදුරටත් ශ්‍රී ලංකාවේ ස්වාධිපත්‍ය දරන්නේ කෙසේද යන ගැටළුව මතුවේ.

2 වන ව්‍යවස්ථාව අනුව ලංකාව ඒකීය රාජ්‍යයකි. එහෙත් ඉහත ආකාරයෙන් ලංකාවේ භූමිභාගයෙන් කොටසක් චීනයට අයත්වූ විට ලංකාව ඒකීය රාජ්‍යයක්ය යන ව්‍යවස්ථාව අර්ථ ගැන්විය යුත්තේ කෙසේද යන්න ගැටළුවකි.

3 වන ව්‍යවස්ථාව අනුව රටේ පරමාධිපත්‍ය බලය ජනතාව සතුය. වරාය නගරයේ කොටසක් චීනය සතුවන බැවින් එහි පරමාධිපත්‍ය දරනු ඇත්තේ චීනයයි. එවිට 3 වන ව්‍යවස්ථාව උල්ලංඝනය වේ.

4 වන ව්‍යවස්ථාව අනුව ශ්‍රී ලංකාවේ විධායක, ව්‍යවස්ථාදායක සහ අධිකරණ බලය වරාය නගරයේ චීනයට අයත් භූමිභාගය තුළත් ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කළ හැකි වන්නේද?

5 වන ව්‍යවස්ථාව අනුව ලංකාවේ පරිපාලන දිස්ත්‍රික්ක 25ක් වේ. වරාය නගරයේ චීනයට අයත් කොටස අයත් වෙන්නේ කවර පරිපාලන දිස්ත්‍රික්කයකටද?

26වෙනි ව්‍යවස්ථාව අනුව වරාය නගරයේ මේ කොටසේ ජීවත්වෙන චීනුන්ගේ රටවැසිභාවය පිළිබඳ ගැටළුවක් මතුවේ. ඔවුන් ශ්‍රී ලංකාවේද? නොඑසේනම් චීනයේද?

118 සහ 147 ව්‍යවස්ථා අනුව ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ අධිකරණ බලය වරාය නරගයේ චීනයට අයත් කොටසටත් අදාළ වන්නේද?

ජාත්‍යන්තර සම්මුතියක් වන චිකාගෝ සම්මුතියේ 1 වෙනි වගන්තිය අනුව යම් රටකට අයත් වෙනත් රටක භූමියක් තුළ ගුවන් තලයේ ඉඩ මුල් රටට මිස අනෙක් රටට අයිති නොවේ. එහෙත් පසුව ඇතිකරගෙන ඇති නව සම්මුතීන් අනුව හදිසි අවස්ථාවකදී එය එසේම ක්‍රියාත්මක කළ හැකිවේද?

8 සංවර්ධනය යන සංකල්පයේ මූලික අර්ථය උල්ලංඝනය කිරීම එනම් සංවර්ධනයේදී පරිසරය මෙන්ම පුද්ගලයාගේ මනුෂ්‍යත්වය වැඩි දියුණු කිරීමද සළකා බැලේ. මෙහිදි සිදුවන භෞතික දියුණුවෙන් එවැනි සංවර්ධනයක් සිදු නොවේ.

9 වකුගඩු රෝහලක් ඉදිකිරීම සඳහා සහ මොරගහ වැව ව්‍යාපෘතියට චීන ආධාර මුදල් ලැබීමෙන් ඉහත සඳහන් සාමුද්‍රික, පරිසර සහ භූමි විනාශය සහ රටේ ස්වාධීනත්වය  නැතිවීමේ පාඩුව පිරිමැසිය නොහැකිය. මේ ගිවිසුම කිසිසේත් නිත්‍යානුකූල එකක්ද නොවේ.

10 ඉහත සඳහන් කරුණු සළකා බලා මෙම ව්‍යාපෘතිය පවතින තත්ත්වය යටතේ මුළුමනින්ම නතර කළ යුතු යැයි  අපි නිර්දේශ කරමු. මේ ගැන යම් සලකා බැලීමක් හෝ කළ යුතුවන්නේ එය නිත්‍යානුකූලව චීනයට පවරන කාලය අවුරුදු 20කට අඩු වන්නේ නම් පමණකි. එහෙත් ඒ සඳහා කරන ඇගයීමේදී තව වසර 50කින් පමණ සාගර ජල මට්ටම මීටරයකින් පමණ වැඩිවන බවට කර ඇති පුරෝකථනයන් ගැනද සලකා බැලිය යුතුවේ.

/ Activities, Advocacy 2014-16

Share the Post

Comments

No comment yet.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *