Airbus Deal Deserves Special Attention – TISL

Clipboard01

Airbus Deal Deserves Special Attention – TISL

Transparency International Sri Lanka (TISL) has alerted the Commission of Inquiry (CoI) into Allegations of Large Scale Fraud & Malpractice in SriLankan Airlines to alleged corruption surrounding the controversial procurement of Airbus A350 aircraft by the national carrier. The German publication Der Spiegel has on repeated occasions flagged the allegations of bribery and corruption in the procurement of Airbus aircraft.

In a letter to the CoI in August this year, TISL highlighted that the aircraft manufacturer Airbus and its subsidiaries are under investigation in several jurisdictions for allegedly paying bribes in order to win billions of dollars of contracts. TISL believes these investigations are of particular interest to the Sri Lankan people given the fallout following the cancellation of SriLankan Airlines’ planned purchase of Airbus A350 aircraft which led to the state having to pay in excess of Rs. 15 Billion as cancellation costs.

In June this year, TISL co-signed a letter along with Civil Society Organisations (CSOs) from France, Indonesia, Tunisia, the UK and the US, addressed to the Head of the UK’s Serious Fraud Office and copied to France’s Parque National Financier, the US Department of Justice and the Organisation for Economic Cooperation & Development (OECD) calling on their investigating agencies to ensure that any allegations connected to the procurement of Airbus aircraft are properly investigated and where necessary, legal action is initiated. Key among the recommendations made by the CSO’s is that in instances where it is proven that Airbus or its agents have paid bribes, the aggrieved countries are compensated for harm caused.

The CSO’s joint statement and a report compiled by Corruption Watch UK on the allegations of bribery and corruption at Airbus were also referred to the Commission of Inquiry. TISL Executive Director Asoka Obeyesekere said, “We respectfully call on the Commissioners to ensure a comprehensive and transparent investigation of the A350 deal, especially considering the burden placed on the country as a result of the cancellation costs. As Airbus’ parent company EADS is listed in France, the OECD guidelines for multinational enterprises apply. This provides a framework for the recovery of any monies that may have been earned through bribery or corruption”.

 

The statement, letters and report mentioned in this statement can be downloaded below:

http://www.tisrilanka.org/wp-content/uploads/2018/10/Airbus-Corruption-Watch-Report.pdf

http://www.tisrilanka.org/wp-content/uploads/2018/10/Airbus-CSOs-Joint-Letter-to-Investigating-Agencies.pdf

http://www.tisrilanka.org/wp-content/uploads/2018/10/Airbus-Joint-Press-Release.pdf

http://www.tisrilanka.org/wp-content/uploads/2018/10/Airbus-Letter-to-CoI.pdf

 

_________________________________________

 

එයාර්බස් ගනුදෙනුවට විශේෂ අවධානය යොමු විය යුතුයි – TISL

ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය ශ්‍රී ලංකන් ගුවන් සමාගම විසින් එයාර්බස් A350 වර්ගයේ ගුවන් යානා මිලදී ගැනීමේදී එල්ලවී ඇති දූෂණ චෝදනා, ගුවන් සේවය පිළිබඳව විමර්ශන පවත්වන ජනාධිපති කොමිසමේ අවධානයට ලක් කර ඇත. එයාර්බස් ආයතනයෙන් ගුවන් යානා මිලදීගැනීමේදී විටින් විට එල්ලවී ඇති අල්ලස් හා දූෂණ චෝදනා ජර්මනියේ ‘ඩ ස්පිගල්’ පුවත්පත විසින් ද අනාවරණය කර ඇත.

ජනපති කොමිසමට අගෝස්තු මස යොමු කළ ලිපියක, ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය පෙන්වාදුන්නේ දැනටමත් රටවල් කිහිපයක එයාර්බස් ආයතනය සමග පැවති ගනුදෙනු විමර්ශනය වන බවයි.  මෙහිදී එයාර්බස් ආයතනය හා ආයතනයට  සම්බන්ධ පාර්ශවයන් ගෝලීයව ගුවන් යානා සැපයුම් කොන්ත්‍රාත්තු ලබා ගැනීමට අල්ලස හා දූෂණයේ  යෙදී ඇති බවට චෝදනා එල්ල වී ඇත. A350 ගුවන් යානා සැපයුම් ගනුදෙනුව උල්ලංඝනය කිරීම හේතුවෙන් ශ්‍රී ලංකා රජය රුපියල් බිලියන 15ට අධික මුදලක් ගෙවා ඇති බැවින්, එයාර්බස් ආයතනය සම්බන්ධයෙන් විදේශීයව පවත්වන පරීක්ෂණ ශ්‍රී ලංකා ජනතාවගේ විශේෂ අවධානයට යොමු විය යුතු බව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය විශ්වාස කරයි.

2018 ජුනි මාසයේදී  ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය ප්‍රංශය, ඉන්දුනීසියාව, තූනිසියාව, එක්සත් රාජධානිය හා අමෙරිකා එක්සත් ජනපධයේ සිවිල් සමාජ සංවිධාන කිහිපයක් සමග එක්ව එක්සත් රාජධානියේ දැවැන්ත වංචා විමර්ශන කාර්යාලයටත්, ප්‍රංශයේ ‘පාර්ක්වේ නැසියෝනාල් ෆිනැන්සියර්’ ආයතනයටත්, අමෙරිකාවේ යුක්ති දෙපාර්තමේන්තුවට හා OECD හෙවත් ආර්ථික සහයෝගිතා හා සංවර්ධන සංවිධානයටත් ඒකාබද්ධ ලිපියක් යොමු කරමින් ඉල්ලා සිටියේ, එයාර්බස් ගුවන් යානා ප්‍රසම්පාදන ක්‍රියාවලියේ එල්ල වී ඇති දූෂණ චෝදනා සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණ පවත්වන ලෙසත්, අදාල අවස්ථාවන්හිදී නීතිමය ක්‍රියාමාර්ග ආරම්භ කරන ලෙසත් ය.

සිවිල් සමාජ සංවිධාන විසින් නිකුත් කළ ඒකාබද්ධ නිවේදනයත් සමග එයාර්බස් ආයතනය හා ඊට සම්බන්ධ පාර්ශවකරුවන්ට එල්ල වී ඇති දුෂණ චෝදනා විදහා දක්වමින් ‘කරප්ෂන් වොච් UK’ ආයතන සම්පාදනය කළ වාර්තාවක්ද ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය විසින් ජනපති කොමිසමට ලබා දී ඇත. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනයේ විධායක අධ්‍යක්ෂ අසෝක ඔබේසේකර මහතා පැවසුවේ – “ගනුදෙනුව අවලංගු කිරීම හේතුවෙන් රටට දැරීමට සිදුවූ විශාල පිරිවැය සැලකිල්ලට ගෙන, එයාර්බස් A350 ප්‍රසම්පාදනය පිළිබඳව විධිමත් හා විනිවිද පරීක්ෂණයක් පවත්වන ලෙස අප ජනාධිපති කොමිසමේ සාමාජිකයින්ගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. එයාර්බස් ආයතනයෙන් මව් සමාගම වන EADS ආයතනය ප්‍රංශයේ ලියාපදිංචි වී තිබීම හේතුවෙන් OECD ආයතනය විසින් බහුජාතික ව්‍යවසායන් සඳහා නිකුත් කර ඇති මාර්ගෝපදේශයන් මෙහිදී ක්‍රියාත්මක වන බවද සැලකිල්ලට ගත යුතුයි. මේ තුලින් අයථා පරිහරණයට ලක්වූ මුදල් නැවත ලබා ගැනීමටත් නීතිමය රාමුවක් සපයා තිබෙනවා”.

මේ  නිවේදනයට සම්බන්ධ ලිපි ලේඛන පහතින් බාගත කළ හැක.

http://www.tisrilanka.org/wp-content/uploads/2018/10/Airbus-Corruption-Watch-Report.pdf

http://www.tisrilanka.org/wp-content/uploads/2018/10/Airbus-CSOs-Joint-Letter-to-Investigating-Agencies.pdf

http://www.tisrilanka.org/wp-content/uploads/2018/10/Airbus-Joint-Press-Release.pdf

http://www.tisrilanka.org/wp-content/uploads/2018/10/Airbus-Letter-to-CoI.pdf

/ Activities, Press Releases

Share the Post

Comments

No comment yet.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *