Skip links

මැතිවරණ නිරීක්ෂණ වාර්තා – 10 – ආපසු බාර නොදුන් රජයේ වාහන 300 ක්

Webthilan

රජයේ විවිධ ආයතන වලට අයත් මෝටර් රථ 300 කට වැඩි සංඛ්‍යාවක් මේ වනවිටත් ආපසු භාරදීමට කටයුතු කර නොමැති බව අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු හා සංස්ථා ඇතුළු රජයේ ආයතන වලින් ලැබූ තොරතුරු ම`ගින් තහවුරු කර ගැනීමට හැකියාව ලැබී තිබේ.
පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේත් විපක්ෂයේත් මැති ඇමතිවරුන් ඔවුන්ගේ කාර්ය මණ්ඩල සාමාජිකයන්, පළාත් සභා මැති ඇමතිවරුන්, පළාත් පාලන ආයතන සභාපතිවරුන්, සංස්ථා සභාපතිවරුන් සහ නිලධාරීන් මෙම වාහන පරිහරණය කරමින් සිටිති.
එලෙස පරිහරණය කරනු ලබන වාහන බොහෝමයක් මේ වනවිට විවිධ දේශපාලන පක්ෂ වල දේශපාලන කටයුතු වලට යොදා ගනිමින් තිඛෙන බවද අප විසින් නිරීක්ෂණය කර ඇත.

මෙම වාහන ආපසු රාජ්‍ය වාහන සංචිතයන්ට ගෙන්වා ගැනීම සඳහා මැතිවරණ පනත ප්‍රකාරව නියෝගයක් පනවන්නැයි අප ඔබගෙන් ඉල්ලා සිටින්නෙමු.

10.1. අනුරාධපුර ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස්රථ අයථා පරිහරණය
එක්සත් ජාතික පක්ෂයේ අද (10 වන දින අනුරාධපුර කඩ පනහ ප්‍රදේශයේ පැවැත්වෙන රැලියට ජනතාව රැගෙන ඒම සඳහා අනුරාධපුර ඩිපෝව සතු බස්රථ 76 ක් ලබාගෙන ඇති බව අපේ නිරීක්ෂකයන් තහවුරු කරති.
ඩිපෝව ම`ගින් මෙම බස් රථ ඉහත පක්ෂයට ලබා දී ඇත්තේ රුපියල් 2000 ත් 3000 ත් අතර ටිකට් නිකුත් කර රැගෙන ඒමේ පදනම මතයි. නමුත් රජයේ චක්‍රලේඛනයට අනුව කිලෝ මීටර් 100 ක් ඇතුළත ධාවනය කිරීමට, එක් බස් රථයක් සඳහා රුපියල් 13,500 ක මුදලක් ගෙවිය යුතුය.

බස් රථ 76 ක් වැනි විශාල සංඛ්‍යාවක් අනුරාධපුර ඩිපෝවෙන් ලබා ගැනීම නිසා මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන් මෙන්ම ජනතාව ද ප්‍රවාහන දුෂ්කරතාවයන්ට මුහුණ දීමට සිදුව තිබේ.

10.2. අනුරාධපුරය
සමාජ සේවා අමාත්‍යාංශයේ මාධ්‍ය ඒකකයේ මාධ්‍ය ලේකම්වරයාත්, වීඩියෝ කැමරාකරුවෙකු සහ නිශ්චල කැමරා ශිල්පියෙකු ඇතුළු කාර්ය මණඩල සාමාජිකයන් පිරිසක් සහ රියදුරුවරයෙක් මේ වනවිට එක්සත් ජාතික පක්ෂයෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයට තර`ග වදින සමාජ සේවා අමාත්‍ය පී. හැරිසන් මහතාගේ ප්‍රචාරක කටයුතු වලට යොදාගෙන ඇත.
මීට අමතරව එම අමාත්‍යාංශයට අයත් WP – NB 0156 දරණ වෑන් රථයද, මාධ්‍ය ඒකකයේ සාමාජිකයන් ප්‍රවාහණය කිරීමට සහ පෝස්ටර්, අත් පත්‍රිකා ප්‍රවාහනයට යොදාගෙන තිබේ. මෙම පිරිසට නවාතැන් පහසුකම් සපයා ඇත්තේද අනුරාධපුර නගරයේ පළමුවන පියවරේ, වැව පාරේ පිහිටි ජාතික පශ සම්පත් සංවර්ධන මණ්ඩලයේ සංචාරක නිවස්නයේය.
මෙලෙස මැතිවරණ නීති උල්ලංඝණය කරමින් රාජ්‍ය සේවකයන් සහ සංචාරක නිවස්න දේශපාලන කටයුතු සඳහා යොදා ගෙන ඇත.

10.3. මහනුවර/ත්‍රිකුණාමලය
මේ ආකාරයටම නාගරික සංවර්ධන හා ජලාපවාහන අමාත්‍යාංශයට අයත් මාධ්‍ය ඒකකයේ මාධ්‍ය ලේකම්වරයා සහ එම ඒකකයේ කැමරා ශිල්පීන් මහනුවර හා ත්‍රිකුණාමලයේදී මහනුවර දිස්ත්‍රික්කයට එක්සත් ජාතික පක්ෂයෙන් තර`ග වදින නාගරික සංවර්ධන අමාත්‍ය රවුෆ් හකීමී මහතාගේ ප්‍රචාරක රැස්වීම් ආවරණය කිරීම සඳහා යොදාගනිමින් සිටී.
ඔවුන් ප්‍රවාහනය කිරීම සඳහා WPPD 4798 අංක දරණ නාගරික සංවර්ධන අමාත්‍යාංශයට අයත් මෝටර් රථය ද යොදාගෙන තිබේ.

10.4. ප්‍රචාරක රැස්වීමෙන් උසස්පෙළ විභාගයට බාධා
කොළඹ දිස්ත්‍රික්කයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තර`ග වදින තිලංග සුමතිපාල මහතාට සහයෝගය පිණිස පුංචි බොරැල්ලේදී පසුගිය අගෝස්තු 08 වැනිදා පැවති ප්‍රචාරක රැස්වීමේ ශබ්ද විකාශන යන්ත්‍ර නිසා කොළඹ නාලන්ද විදුහල ඇතුළු අවට විදුහල්වල උසස්පෙළ විභාගයට පෙනී සිටි සිසුන්ට දැඩි ලෙස බාධා එල්ල වූ බව අප විසින් නිරීක්ෂණය කරන ලදී. මෙම රැස්වීම සඳහා නීති විරෝධී ලෙස මිලිනා සුමතිපාල මාවත සම්පූර්ණයෙන් අවහිර වන ලෙස වේදිකාව ඉදිකර තිබිණි.

 

Webtru

Leave a comment

This website uses cookies to improve your web experience.