Skip links

මැතිවරණ නිරීක්ෂණ වාර්තා – 08 – රාජ්‍ය සේවකයන් දේශපාලන කටයුතු වලට යොදා ගැනීම

Webctbworkers

පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රචාරක කටයුතු සඳහා රාජ්‍ය නිලධාරීන් යොදා ගැනීම මේ වන විට ක්‍රමයෙන් ඉහළ යමින් තිඛෙන අතර පසුගිය දින 05 ක කාලය තුළ පමණක් රාජ්‍ය සේවකයන් 600 කට ආසන්න පිරිසක් මැතිවරණ ප්‍රචාරක කටයුතු වලට යොදා ගැනීම නිරීක්ෂණය කිරීමට ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා පොදු දේපල රැක ගැනීමේ වැඩසටහන විසින් කටයුතු කරනු ලැබ ඇත. මැතිවරණ දිනයේදී මැතිවරණ රාජකාරි වල යෙදීමට නියමිත හා තැපැල් ඡන්ද අයදුම් කර ඇති විදුහල්පතිවරුන් සහ ගුරුවරුන්ට ප්‍රචාරක කටයුතු වල යෙදීම ඔබ විසින් තහනම් කර තිබියදීත් අපේක්ෂකයන් විසින් ගුරුවරුන් ප්‍රචාරක රැස්වීම් වලට සහභාගී කර ගැනීමට කටයුතු කරමින් සිටී.

එමෙන්ම ශ්‍රී ලංගමයේ සේවය කරන සේවක සේවිකාවන් සහ නිළධාරීන් රාජකාරියට වාර්තා කර නිවාඩු ලබා නොගෙන ප්‍රචාරක කටයුතු වල යෙදුනු අවස්ථා කිහිපයක්ම පසුගිය දින කිහිපය තුළදී අප විසින් නිරීක්ෂණය කර තිබේ.

• කොළඹ දිස්ත්‍රික්කය (8.1)
කොළඹ දිස්ත්‍රික්කයෙන් එක්සත් ජාතික පක්ෂයෙන් තර`ග වදින අපේක්ෂකයන්ගේ ප්‍රවර්ධනය සඳහා අගෝස්තු 01 වන දා කැස්බෑව, මහරගම, මොරටුව, කටුබැද්ද, උඩහමුල්ල, තලංගම, මට්ටක්කුලිය, මීතොටමුල්ල සහ හෝමාගම යන බස් ඩිපෝ වල සේවකයන් 200 ක පමණ පිරිසක් යොදාගෙන තිබුණි. ඔවුන්ගෙන් බහුතරයක් පළමුව තම සේවා ස්ථානවලට වාර්තා කර ඇති අතර ඉන්පසුව ඔවුන් බස්රථ වලින් ජාතික සේවක සංගමයේ හිටපු මහ ලේකම් සිරිනාල් ද මෙල් මහතාගේ නිවසට ප්‍රවාහනය කර ඇත. පසුව ඔවුන් පිළියන්දල, මොරටුව, කැස්බෑව සහ මහරගම යන ප්‍රදේශවල ප්‍රචාරක කටයුතුවල යෙදී සිටිනු අප නිරීක්ෂණය කළෙමු.
එම නිලධාරීන් ප්‍රවාහනය කළ බස් රථයක ඡායාරූපය සහ සිරිනාල් ද මෙල් මහතාගේ නිවසේ ගෙවත්තේ එම සේවකයන් රැස්ව සිටින ආකාරය තහවුරු කෙරෙන ඡායාරූප මේ සම`ග ඉදිරිපත් කරන්නෙමු. ශ්‍රී ලංගමයට අයත් 31 ශී්‍ 3178 දරණ ජීප් රථය සහ අංක WPLG – 1574 දරණ රථය ද ප්‍රචාරක කටයුතු වලට යොදාගෙන තිඛෙන ආකාරය ද අප නිරීක්ෂණය කළ අතර එහි ඡායාරූප ද මේ සම`ග ඔබ වෙත ඉදිරිපත් කරන්නෙමු.

• කුරුණෑගල දිස්ත්‍රික්කය (8.2)
ප~ුවස්නුවර නැගෙනහිර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ආර්ථීක සංවර්ධන නිලධාරීන් ඇතුළු ආර්ථීක සංවර්ධන නිළධාරීන් පිරිසක් සේවයට වාර්තා කර සිටියදී පසුගිය ජූලි 29 වැනිදා පෙරවරුවේ කුරුණෑගල දිස්ත්‍රික්කයට එක්සත් ජාතික පක්ෂයෙන් තර`ග වදින එස්. බී. නාවින්න මහතාගේ නිවසට කැඳවා දේශපාලන රැස්වීමක් කැඳවා තිබේ. ඉදිරි මැතිවරණයේදී එජාපයට ඡන්දය ලබාදෙන ලෙස නාවින්න මහතා එහිදී ඉල්ලා සිටි බව ප~ුවස්නුවර නැගෙනහිර ආර්ථීක සංවර්ධන නිලධාරීන් අප හා පැවසූහ.

• ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය (8.3)
එක්සත් ජාතික පක්ෂයෙන් ජාතික ලැයිස්තුවෙන් මෙවර මැතිවරණයට ඉදිරිපත්ව සිටින එම්. කේ. ඩී. එස්. ගුණවර්ධන මහතාගේ නිවසට අගෝස්තු 01 වැනිදා කන්තලේ ප්‍රදේශයේ පාසල්වල විදුහල්පතිවරුන්, ගුරුවරුන් සහ ඩිපෝ අධිකාරිවරුන් කැඳවා එජාපයට ඡන්දය දෙන ලෙස දන්වා ඇත. මෙම රැස්වීම මෙහෙයවා ඇත්තේ කන්තලේ ඩිපෝ අධිකාරි රත්න බණ්ඩාර මහතා විසිනි. කන්තලේ මධ්‍ය මහා විදුහලේ විදුහල්පතිවරයා ඇතුළු ප්‍රදේශයේ විදුහල්පතිවරු සහ ගුරුවරු කිහිප දෙනෙකුද මෙම රැස්වීමට සහභාගීව සිටියහ.
මෙම රැස්වීමේ ඡායාරූප කිහිපයක් ද මේ සම`ග ඔබගේ අවධානයට ඉදිරිපත් කරන්නෙමු.

• අනුරාධපුර දිස්ත්‍රික්කය (8.4)
එක්සත් ජාතික පක්ෂයෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයට තර`ග වදින අපේක්ෂකයන් කිහිප දෙනෙකු ප්‍රවර්ධනය සඳහා පසුගිය ජූලි 31 වෙනි පොහොය දිනයේ අනුරාධපුර CTC ශාලාවේදී පැවති රැස්වීමට ලංගම සේවකයන් 200 කට ආසන්න පිරිසක් සහභාගී කරවාගෙන තිබිණි.

අනුරාධපුරය, හොරොව්පතාන, කැබිතිගොල්ලෑව සහ කැකිරාව යන ඩිපෝවලට අයත් ඩිපෝ අධිකාරිවරුන් ඇතුළු සේවක සේවිකාවන් මීට සහභාගීව සිටියහ.

එදින පොහෝදිනයක් වුවද මෙම රැස්වීමට සහභාගී වූ ලංගම සේවකයින් බහුතරයක් සේවයට වාර්තා කර මෙලෙස දේශපාලන රැස්වීමට පැමිණ සිටියහ. මේ සම්බන්ධව මේ වනවිට අපගේ පැමිණිල්ලකට අනුව අනුරාධපුර මැතිවරණ කොමසාරිස්වරයා ද යම් මැදිහත් වීමක් සිදු කර ඇත.

Leave a comment

This website uses cookies to improve your web experience.