Skip links

මැතිවරණ නිරීක්ෂණ වාර්තා – 07 – රාජ්‍ය දේපල, වාහන යොදා ගැනීම සහ භාණ්ඩ ඛෙදාදීම

Webprvehi

ලබන අගෝස්තු 17 වැනි දා පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණය සම්පූර්ණයෙන් ස්වාධීනව හා සාධාරණව පැවැත්වීමට මැතිවරණ කොමසාරිස්වරයා ලෙස ඔබ ඉතා කැපවීමෙන් කටයුතු කරමින් සිටීම අප අගය කරන්නෙමු. තවදුරටත් ඒ සඳහා ඔබට ශක්තියක් වීමට අප විසින් කළ නිරීක්ණයන් කිහිපයක් ඔබගේ දැනගැනීමට අප පහතින් ඉදිරිපත් කරන්නෙමු.

• වෘත්තීය සමිති කාර්යාලය
කොළඹ නාගලගම් වීදියේ අංක 161 දරන ස්ථානයේ පිහිටි සමස්ථ ලංකා පළාත් පාලන කම්කරු වෘත්තීය සමිතියට අයත් කාර්යාලය ලංකා සමසමාජ පක්ෂය විසින් දේශපාලන ප්‍රචාරක කාර්යාලයක් බවට පරිවර්තනය කර ඇත.
ලංකා සමසමාජ පක්ෂ ප්‍රධාන ලේකම් මහාචාර්ය තිස්ස විතාරණ මහතාගේ නියමය පරිදි උතුරු කොළඹ පක්ෂ කාර්යාලය ලෙස මෙම කාර්යාලය පරිවර්තනය කර ඇත. මෙලෙස බලහත්කාරයෙන් තම වෘත්තීය සමිති කාර්යාලය තුල දේශපාලන කාර්යාලයක් පවත්වාගෙන යෑම පිළිබඳව සමස්ථ ලංකා පළාත්් පාලන කම්කරු වෘත්තීය සමිතිය දැඩි විරෝධය පළ කර සිටී.

• හෝමාගම ප්‍රාදේශීය සභාවේ නිල රථය
හෝමාගම ප්‍රාදේශීය සභාවේ සභාපති රුවන් ප්‍රබෝද පීරිස් මහතා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැතිවරණ ප්‍රචාරක කටයුතු වලට හෝමාගම ප්‍රාදේශීය සභාවට අයත් PE 6876 දරණ සුදු පැහැති ඩබල් කැබ් රථය යොදා ගනිමින් සිටී. මෙම රථය කොළඹ හෙන්රි පේද්‍රිරිස් ක්‍රීඩාංගණයේ පැවති එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීමේ උත්සවයට ද සභාපතිවරයා විසින් රැගෙන විත් තිබිණි. මේ සම්බන්ධව ඡායාරූප සහිත සාක්ෂි ඔබ වෙත ඉදිරිපත් කරන්නෙමු.

• බස්නාහිර පළාත් ප්‍රවාහන හා ක්‍රීඩා අමාත්‍යාංශයට අයත් වාහන
බස්නාහිර පළාතේ ප්‍රවාහන හා ක්‍රීඩා අමාත්‍ය නිමල් ලන්සා මහතා මෙවර ගම්පහ දිස්ත්‍රික්කයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තර`ග වදී. ඔහු මේ වනවිට තමන්ගේ නිල රථය වන KO 0459 සඳහා මුදල් ගෙවා ඇත. කෙසේ නමුත් ඔහු මෙතෙක් KI 519 දරණ පරිවාර රථය සහ ඔහුගේ පුද්ගලික කාර්ය මණ්ඩලය සතුව තිඛෙන PF 041 දරණ රථය නැවත අමාත්‍යාංශය වෙත ලබාදීමට පියවර ගෙන නොමැත. එම වාහන වහාම නැවත අමාත්‍යාංශයේ වාහන සංචිතයට ගෙන්වා ගන්නා ලෙස අමාත්‍යාංශ ලේකම්වරයාට නියෝග කරන්නැයි අප ඉල්ලා සිටින්නෙමු.

• ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයට අයත් JH 6867 දරණ ඩබල් කැබ් රථය මේ වනවිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිදහස් සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ලෙස්ලි දේවේන්ද්‍ර මහතා දේශපාලන ප්‍රචාරක කටයුතු සඳහා යොදාගෙන තිබේ.
මේ පිළිබඳව අපනයන සංවර්ධන මණ්ඩලයෙන් කළ විමසුමේදී අදාල වාහනය මෙතෙක් ආපසු භාරදී නොමැති බව තහවුරු කෙරිණි.

• විහාරස්ථානය දේශපාලන කටයුතු වලට යොදා ගැනීම
ආගමික සිද්ධස්ථාන දේශපාලන කටයුතු වලට යොදා ගැනීම තහනම් බව ඔබ විසින් ඊයේ (28) සියලූ දේශපාලන පක්ෂ නිත්‍ය නියෝජිතයින්ට දන්වන ලදී. එලෙස නියෝග නිකුත් කර තිබියදී කොළඹ කිරුළපන හන්දියේ පිහිටි බෝධි බෞද්ධ මධ්‍යස්ථානය තුල බොදු ජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක විතාරණදෙනියේ නන්ද හිමියන් පක්ෂ කාර්යාලයක් පවත්වාගෙන යනු ලබයි.

• භාණ්ඩ ඛෙදීම
වයඹ පළාත් කෘෂිකර්ම ධීවර හා සත්ව නිෂ්පාදන අමාත්‍යාංශයේ මුදල් යොදා ගනිමින් පුත්තලම දිස්ත්‍රික්කයේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂක නිශාන්ත පෙරේරා මහතා නාත්තන්ඩිය ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී ව්‍යාපාරිකයින් 22 කුට රුපියල් කෝටි 35, 000 ක් වටිනා තහඩු වලින් සැකසුනු පෙට්ටි කඩ පරිත්‍යාග කර තිබේ. මෙය මැතිවරණයකදී සිදුකළ නොහැකි කටයුත්තකි.

• ඡන්ද දායකයින්ට අල්ලස් ලබා දීම
කෘෂිකර්ම අමාත්‍ය හා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අනුරාධපුර කණ්ඩායම් නායක දුමින්ද දිසානායක මහතා විසින් 3, 4, 5, 6, 7, 8, 9 ශ්‍රේණි වල ඉගෙනුම ලබන පාසල් සිසුන් සඳහා නොමිලේ පරිගණක ශිෂ්‍යත්ව පාඨමාලාවන් පිරිනැමීමට කටයුතු කරමින් සිටී.
මෙම ශිෂ්‍යත්වය අපේ ගම සංවර්ධන හා බර්ටි දිසානායක පදනම ම`ගින් පිරිනමන අතර එක් ශිෂ්‍යතAවයක් සඳහා එම පදනම් දෙක රුපියල් 5000 ක මුදලක් වැය කරනු ලබයි. මැතිවරණ නීතියට අනුව මෙය ඡන්ද දායකයින්ට අල්ලස් ලබා දීමකි.

අපේ ගම සංවර්ධන පදනමේ හා බර්ටි දිසානායක පදනමේ සභාපතිවරයා ලෙස කටයුතු කරන්නේද අමාත්‍ය දිසානායක මහතායි.

Millennium Computer Academy  යන ආයතනයේ ශීර්ෂය යටතේ නිකුත් කර ඇති ලිපියේ ඉහත තොරතුරු ඇතුළත් වන අතර, 2015.08.01 දින පරිගණක පාඨමාලාව සඳහා තෝරා ගන්නා ලද පාසල් සිසුන්ගේ භාරකරුවන්ට එම ආයතනයට පැමිණෙන ලෙසත් සඳහන් කොට තිබේ. මේ සම`ග Millennium Computer Academy ආයතනය ම`ගින් නිකුත් කර ඇති ලිපියේ පිටපතක් ද ඔබේ දැනගැනීම පිණිස අමුණා එවා ඇත.

 

Leave a comment

This website uses cookies to improve your web experience.