Skip links

ලංගම සේවකයන්ට රාජකාරී කාලය තුළ දේශපාලන කටයුතු වල නිරත වීම තහනම් කෙරේ

Webbus
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සේවකයන් දේශපාලන පක්ෂ වල ප්‍රචාරක කටයුතු සඳහා යොදා ගැනීම ද~ුවම් ලැබිය හැකි වරදක් බැවින් වහාම එම අනීතික ක්‍රියාව නතර කිරීමට පියවර ගන්නා ලෙස මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා අභ්‍යන්තර ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම්වරයාට සහ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපතිවරයාට නියෝග කර ඇත.

මැතිවරණ කොමසාරිස්වරයා මෙම නියෝගය කර ඇත්තේ ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනයේ මැතිවරණ නිරීක්ෂණ වැඩසටහන විසින් සිදු කල පැමිණිල්ලකට අනුවය.

මහරගම, මොරටුව, කටුබැද්ද සහ කැස්බෑව සහ අනුරාධපුරය ඇතුළු ප්‍රදේශ වල පිහිටි ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් ඩිපෝ රාශියක සේවකයන් සේවයට වාර්තා කිරීමෙන් පසු දේශපාලන කටයුතු සඳහා යොදවන බවට එම පැමිණිල්ල ම`ගින් සඳහන් කර තිබිණි. එමෙන්ම ඌව පළාතේ සහ කුරුණෑගල හා කළුතර ඇතුළු දිස්ත්‍රික්කවල ද ඩිපෝවල සේවකයන්ද එජාපයේ දේශපාලන කටයුතු වල නිරත වන බවට මැතිවරණ කොමසාරිස්වරයා පැමිණිලි කර තිබිණි.

රාජ්‍ය නිලධාරීන් හා රාජ්‍ය දේපළ අවභාවිතය මැතිවරණ නීති යටතේ නීති විරෝධී බවත් 19 වන ව්‍යවස්ථා සංශෝධනයේ විධිවිධාන මෙන්ම රජයේ පාලන රෙගුලාසි යටතේ ද මෙය නීති විරෝධී හා ද~ුවම් ලැබිය හැකි වරදක් බවත් මැතිවරණ කොමසාරිස්වරයා අමාත්‍යාංශ ලේකම්වරයාට යැවූ ලිපියේ සඳහන් වේ.

එසේ හෙයින් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ලයේ ප්‍රාදේශීය පාලන අධිකාරීන් හා ඩිපෝ කළමනාකරුවන් දැනුවත් කර මෙම අනීතික ක්‍රියාව නතර කරවීමට පියවර ගන්නා ලෙසත් එම ලිපියේ තවදුරටත් සඳහන් කර ඇත.

අදාල සිද්ධිය සමග මෙහි පළවන ඡායාරූපය් සම්බන්ධයක් නොමැත

Clipboard01

Leave a comment

This website uses cookies to improve your web experience.