Skip links

මැතිවරණ නිරීක්ෂණ වාර්තා – 05 – රජයේ සම්පත් හා මානව සම්පත් අවභාවිතා කිරීම, උසස් වීම්, පත් කිරීම්, තාවකාලික අනුයුක්ත කිරීම්

Wedsdsdsdsdb

මැතිවරණ නීති උල්ලංඝණය කරමින් රජයේ සම්පත් හා මානව සම්පත් අවභාවිතා කිරීම, උසස් වීම්, පත් කිරීම්, තාවකාලික අනුයුක්ත කිරීම් සහ නීතිවිරෝධී කටයුතු සම්බන්ධයෙනි

ඉහත මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් පහත සඳහන් පැමිණිලි අපි ඔබගේ අවධානයට යොමු කරන්නෙමු.

• මැතිවරණ නීති උල්ලංඝණය කරමින් ව්‍යාජ අංක තහඩු සහිත කැබ් රථයකින් ඡන්ද පත්‍රිකා සහ
පෝස්ටර් ප්‍රවාහනය කිරීම
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ 2015 පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තර`ග වදින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතාගේ ඡන්ද පෝස්ටර් ප්‍රවාහනය කරමින් තිබූ කැබ් රථයක් අද (2015.07.24) අළුයම කැබිතිගොල්ලෑව කොංගෝල්ල ප්‍රදේශයේදී පොලීසිය (මැදවච්චිය) ම`ගින් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ එම කැබ් රථයේ මැදවච්චිය ප්‍රාදේශීය සභාවට අනුයුක්තව සේවය කරන සංවර්ධන නිළධාරියෙකු වන සිරිමෙවන් සේනාරත්න නමැති රාජ්‍ය නිළධාරියා එහි ගමන් කොට ඇත.
පොලීසිය ම`ගින් අත්අඩංගුවට ගත් කැබ් රථයේ මුද්‍රණාලයේ හෝ මුද්‍රණාලකරුගේ නම සඳහන් නොකළ, දිසානායකගේ ඡායාරූපය සහ අංක සහිත පෝස්ටර් සහ අත් පත්‍රිකා 4700 ක් එහි තිබී ඇත.
මෙම රථය කැබිතිගොල්ලෑවේ කාන්තාවකට අයත් කැබ් රථයක් වන අතර, මෙම කැබ් රථය අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ එහි සවිකර තිබී ඇත්තේ යුධ හමුදාවට අයත් අංක තහඩුවකි.
මෙම රථය කළක් යුධ හමුදාවට කුලී පදනම මත ලබා දී තිබූ රථයක් බවද හෙළිදරව් වී ඇත.

• මැතිවරණ නීති උල්ලංඝණය කරමින් සෞඛය සේවය සඳහා කාර්ය සහායක තනතුරු වලට
බඳවා ගැනීම් සිදු කිරීම සම්බන්ධයෙනි
2015.07.01 දාතම සෞඛ්‍ය, දේශීය, වෛද්‍ය, පරිවාස හා ළමා රක්ෂණ සේවා, සමාජ සුභසාධක හා ග්‍රාමීය විදුලි බලය යෙදීමේ අමාත්‍යාංශයේ ලිපි ශීර්ෂය යටතේ ග්‍රාම අංක 08, 32/ A මුවංගල, හි`ගුරාණ අම්පාර ලිපිනයේ පදිංචි ජී. නුවන් කෝසල ද සිල්වා (හැඳුනුම්පත් අංක 811483966V) මහතාට 2015.07.02. දින සිට නැගෙනහිර සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ සෞඛ්‍ය කාර්ය සාධක (සාමාන්‍ය) III තනතුරට පත් කර ඇති බව ලිපියක් යොමු කරමින් දන්වා ඇත.
මෙම තනතුර සඳහා සිල්වා මහතා පත් කර ඇත්තේ, නැගෙනහිර පළාත් ආණ්ඩුකාරතුමා විසින් නිකුත් කළ අංක ජී/ ඊ අයි සී/ 15/ එච්/ 2/ බී චක්‍ර ලේඛනය අනුව, 2015. 06. 03 දින නැගෙනහිර පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පවත්වන ලද සම්මුඛ පරීක්ෂණයේ ප්‍රතිඵල අනුව බව එම ලිපියේ සඳහන් කොට ඇත.
(2015. 07. 02 දින සිට සිල්වා මහතාව ඉහත තනතුර සඳහා පත් කර ඇතැයි 2015. 07. 01 දාතම නැගෙනහිර පළාත් සෞඛ්‍ය සේවා අමාත්‍යාංශයේ අධ්‍යක‍ෂකවරයා ඔහුට ලිපියක් යොමු කරමින් දන්වයි.
මෙම පත්කිරීම පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වන අවස්ථාවක සිදු කළ නීති විරෝධී පත් වීමක් වන අතර එම පත්වීම අවලංගු කිරීම සඳහා අවශ්‍ය නීතිමය පියවර ගන්නා මෙන් ඔබතුමාගෙන් කෘතඥතා පූර්වකව ඉල්ලමි.
මෙම පත්වීම සම්බන්ධයෙන් නැගෙනහිර පළාත් සෞඛ්‍ය සේවා අමාත්‍යාංශයෙන් අධ්‍යක‍ෂක වන සිල්වා මහතා යවන ලද ලිපියේ පිටපතක් ද මේ සම`ග ඇත.

• මැතිවරණ නීති උල්ලංඝණය කරමින් පත්වීම් හා උසස්වීම් ලබාදීම සම්බන්ධයෙනි.
මැතිවරණ නීති උල්ලංඝණය කරමින් නාරා ආයතනය තුළ පත්වීම් හා උසස්වීම් පිරිනමන බව එම ආයතනයේ ජාතික සේවක සංගමය, නිදහස් සේවක සංගමය, පර්යේෂණ සහකරුවන්ගේ සංගමය සහ රියදුරු සංගමය අප වෙත 2015 ජූලි 20 දාතම ලිපියක් යොමු කරමින් දන්වා ඇත. නාරා ආයතනයේ වෘත්තීය සංගම් අප වෙත යොමු කර ඇති ඉල්ලීම අප ඔබ වෙත යොමු කරන අතර ඒ පිළිබඳව සොයා බලා අවශ්‍ය පියවර ගන්නා ලෙස අප ඔබගෙන් කෘතඥතා පූර්වකව ඉල්ලා සිටින්නෙමු.
මෙම ලිපිය සම`ග නාරා ආයතනයේ වෘත්තීය සංගම් අප වෙත එවන ලද ලිපියේ පිටපතක් ද අමුණා එවා ඇත.

• මැතිවරණ නීති උල්ලංඝණය කරමින් තාවකාලිකව අනුයුක්ත කිරීම සම්බන්ධයෙනි
සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක‍ෂක ජනරාල්වරයා 2015.07.20 දාතම එම අමාත්‍යාංශයේ අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ වෑද්දුම්කරුවකු ලෙස සේවය කරන, පී. ඕ. ආසිරි ප්‍රනාන්දු මහතා 2015. 07.21 දින සිට 2015. 08. 20 දින දක්වා අමාත්‍යවරයා කාර්ය මණ්ඩලයට තාවකාලිකව අනුයුක්ත කිරීමට පියවර ගත් බව ලිපියක් ම`ගින් දැනුම් දී ඇත. සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශ අධ්‍යක‍ෂක ජනරාල්වරයා මැතිවරණ නීති උල්ලංඝණය කරමින් සිදු කර ඇති ඉහත අනුයුක්ත කිරීම නතර කිරීමට අවශ්‍ය පියවර ගැනීමට කටයුතු කරන මෙන් අපි ඔබතුමාගෙන් ඉල්ලා සිටිමු.
අධ්‍යක‍ෂ ජනරාල්වරයා අමාත්‍යවරයාට යවන ලද ලිපියේ පිටපතක් ද මේ සම`ග අමුණා ඇත.

• රාජ්‍ය වාහන
කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩා සංකීර්ණයේ වාහනයක් සහ රාජ්‍ය කළමනාකරණ අමාත්‍යංශයට අයත් වාහනයක් මේ වනවිට කොත්මලේ ප්‍රදේශයේ මැතිවරණ ප්‍රචාරක කටයුතු වලට යොදා ගනිමින් තිබේ. සුගතදාස ගෘහස්ථ ක්‍රීඩා සංකීර්ණයට අයත් ප්‍රාඩෝ වර්ගයේ වාහනයේ අංක WP KR  5519 වන අතර රාජ්‍ය කළමනාකරණ අමාත්‍යාංශයට අයත් වාහනය WP GR  8370 වේ.

• රාජ්‍ය සේවකයන්
සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ සේවය කරන ආරක්ෂක නිළධාරීන් තිදෙනෙක් මේ වනවිට කොත්මලේ ප්‍රදේශයේ එක්සත් ජාතික පක්ෂ මැතිවරණ කටයුතුවල නිරතව සිටී. අවශ්‍ය නම් මෙම ආරක්ෂක නිළධාරීන්ගේ නම් ද ඔබ වෙත ඉදිරිපත් කිරීමට හැක.

Leave a comment

This website uses cookies to improve your web experience.