Skip links

මැතිවරණ නිරීක්ෂණ වාර්තා – 09 – මැතිවරණ නීති උල්ලංඝණය කර රජයේ පොදු දේපළ අයථා පරිහරණය සම්බන්ධයෙනි

Webpppr09

ආයෝජන ප්‍රවර්ධන හා මහාමාර්ග අමාත්‍ය, එක්සත් ජාතික පක‍ෂයේ මහ ලේකම් හා එ.ජා.ප. යේ කෑගල්ල දිස්ත්‍රික් කණ්ඩායම් නායක කබීර් හෂීම් මහතා ඔහු අමාත්‍ය ධූරය දරණ එම අමාත්‍යාංශයේ මාධ්‍ය ඒකකයට අයත් මානව හා භෞතික සම්පත් මැතිවරණ නීති කඩමින්, මැතිවරණ ප්‍රවර්ධන කටයුතු සඳහා භාවිතා කරන බවට අපගේ නිරීක‍ෂකයින් අප වෙත තොරතුරු වාර්තා කර තිබේ.

එක්සත් ජාතික පක්ෂයේ නායක හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මාවනැල්ලේ පැවැති මැතිවරණ ප්‍රචාරක රැලියට ඉහත මාධ්‍ය ඒකකය මැතිවරණ ප්‍රවර්ධන කටයුතු වල නිරත වන අයුරු අපගේ නිරීක‍ෂකයින්ගේ නිරීක‍ෂණයන්ට හසු වී ඇත. මෙම මාධ්‍ය ඒකකයේ සාමාජිකයන් දිගින් දිගටම ඇමතිවරයාගේ මැතිවරණ රැස්වීම් ආවරණය කරමින් සිටී.
මේ සම`ග ඉහත පැමිණිල්ලට අදාල ඡායාරූප අමුණා ඇත.

• මැතිවරණ නීතියට පටහැනිව පත්වීම් ලබාදීම
රජයේ ආරක්ෂක අමාත්‍යාංශයට අනුයුක්තව සේවය කරන සිවිල් ආරක්ෂක නිලධාරීන් සියයකට (100) 2015.08.01 දින මොණරාගල මහානාම විද්‍යාලයේදී පත්වීම් ලිපි ලබා දී ඇත. මෙයට අමතරව සිවිල් ආරක්ෂකයින් දෙදහසක් (2000) අම්පාර ඉගිනියාගල කලාප කාර්යාලයට කැඳවා පත්වීම් ලිපි ලබා දීමේ උත්සාහයක් පිළිබඳව ද අපගේ නිරීක්ෂකයින් වාර්තා කරයි.

අම්පාර ඉගිනියාගල කලාප කාර්යාලයේ පැවැති ඉහත පත්වීම් ලිපි ලබා දීමේ උත්සවයට සිවිල් ආරක්ෂක බලකායේ අධ්‍යක‍ෂ ජනරාල්වරයා ද සහභාගිවීමට නියමිතව සිටි නමුත් පසුව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර මහතා ඔබ වෙත කළ පැමිණිල්ලක ප්‍රතිඵලයක් ලෙස මෙම උත්සවය අවලංගු කරන ලදී.

IMG0130A

• නිදහස් තැපෑල සේවය භාවිතාකොට පෙර පාසල් ගුරුවරුන්ට ලිපි යැවීම

නාගරික සංවර්ධන ජල සම්පාදන හා ජලප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය හා එක්සත් ජාතික පක්ෂයේ රත්නපුර දිස්ත්‍රික් කණ්ඩායමේ අපේක්ෂක දුනේෂ් ගන්කන්ද මහතා සිය මැතිවරන ප්‍රචාරක කටයුතු සඳහා නිදහස් තැපැල් සේවය යොදා ගත් බව අප විසින් නිරීක්ෂණය කර ඇත.

නියෝජ්‍ය අමාත්‍ය ගන්කන්ද මහතා 2015.07.09 දින පැල්මඩුල්ල, විද්‍යාල මාවතේ ඔහුගේ නිවසේ පැවති හමුවට, රත්නපුර දිස්ත්‍රික්කයේ පෙර පාසල් ගුරුවරුන් සඳහා ආරාධනා පත්‍ර යැවීම සඳහා නිදහස් තැපැල් සේවය යොදාගෙන ඇත. අමාත්‍ය ගන්කන්ද මහතා පෙරපාසල් පාලිකාවන් වෙත යවන ලද ආරාධනා පත්‍රය සහ ලියුම් කවරය මේ සම`ග අමුණා ඇත.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ගාල්ල දිස්ත්‍රික් කණ්ඩායමේ අපේක්ෂක හා හිටපු ගාල්ල නගරාධිපති මෙත්සිරි ද සිල්වා මහතා 2015 ජූලි 28 දින ගාල්ල, මකුළුව, හර්කියුලර් පාරේ පිහිටි සුනිරු ලංකා උත්සව ශාලාවට ගාල්ල දිස්ත්‍රික්කයේ සියලූම පෙර පාසල් පාලිකාවන් කැඳවා ඔහුගේ ඡන්ද ප්‍රවර්ධන කටයුතු සඳහා යොදාගෙන ඇත. සිල්වා මහතා පෙර පාසල් පාලිකාවන් සඳහා යවන ලද ලිපිය මේ සම`ග අමුණා ඇත. මෙහිදී නගරාධිපතිවරයා ලිපි යැවීමට යොදා ගෙන ඇත්තේද නිදහස් තැපෑලයි.

• රජයට අයත් SE-KA 1162 ජීප් රථය හා WPPF 8721 ඩබල් කැබ් රථය සම්බන්ධයෙනි.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සබරගමුව පළාත් සභාවේ සභානායක කංචන ජයරත්න මහතාගේ පෞද්ගලික ලේකම් රත්නායක මහතා එම පළාත් සභාවට අයත් අංක SGKA 1162 ජීප් රථය හිටපු ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු භාවිතා කරන බවට අප වෙත තොරතුරු ලැබී ඇත.

මෙම ජීප් රථය ඇහැලියගොඩ ප්‍රදේශයේ නිතර ධාවනය වන අයුරු දැක ගත හැකිය. ඉහත ජීප් රථයේ ඡායාරූපයක් මේ සම`ග අමුණා ඇත.

නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය හා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ගාල්ල කණ්ඩායම් නායක පියසේන ගමගේ මහතාගේ මැතිවරණ ප්‍රවර්ධන කටයුතු සඳහා වෘත්තීය පුහුණු අධිකාරියට අයත් ණඛ 8721 අංක දරණ ඩබල් කැබ් රථය යොදා ගන්නා බවට අප වෙත තොරතුරු ලැබී ඇත.

මෙම ඩබල් කැබ්රථය අමාත්‍යවරයාගේ ඥාති පුත්‍රයෙකු වන, “රන් මහත්තයා” නැමැත්තා විසින් අමාත්‍ය ගමගේ මහතා පොස්ටර් ඇලවීම සඳහා යොදා ගන්නා බව අපගේ නිරීක‍ෂකයින් නිරීක්ෂණය කර තිබේ.

රාජය අමාත්‍ය හා එක්සත් ජාතික පක්ෂයේ පුත්තලම් දිස්ත්‍රික්ක අපේක්ෂක නිරෝෂන් පෙරේරා මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයා රජයට අයත් කේ. එල්. 2769 අංක දරණ කැබ් රථය මැතිවරණ ප්‍රචාරණ කටයුතු වලට යොදා ගන්නා බවට අප වෙත තොරතුරු ලැබී ඇත.

මෙම කැබ් රථය තරුණ කටයුතු අමාත්‍යාංශයට අයත් එකකි. ඉහත කැබ් රථයේ ඡායාරූපයක් මේ සම`ග අමුණා ඇත.
ඉහත සඳහන් කර ඇති පැමිණිලි සම්බන්ධයෙන් ඔබගේ අවධානය යොමු කර අවශ්‍ය පියවර ගන්නා මෙන් අපි ඔබතුමාගෙන් ඉතාමත් කරුණාවෙන් ඉල්ලා සිටින්නෙමු.

Leave a comment

This website uses cookies to improve your web experience.