Skip links

පාස්කු ත‍්‍රස්තවාදයෙන් ප‍්‍රතිත‍්‍රස්තවාදයට ඉඩ ලබෙන ලකූණු

මෙරට වෙසෙන ජනතාවගේ මෙන්ම පාලකයින්ගේ ද ඉහමොල රත්කරමින් එල්ල වූ පාස්තූ ඉරිදා ප‍්‍රහාරයෙහි පසු කමිපනයන් මේ වන විට කෙමෙන් කෙමෙන් කරලියට පැමිණීමට පටන් ගෙන ඇත. මෙම ප‍්‍රහාරයත් සමගම අසරණ වූ පවුල් සිය ගණනක් මේ වන විට සිය ජීවිතය ගැටගසා ගැනීමට වෙර දරමින් සිටිනු පෙනේ.මේ අතරට එම ප‍්‍රහාරයට කිසිඳු සෘජු සබඳතාවක් නොමැති පවුල් දස දහස් ගණනක් ද මෙමගින් පීඩාවට පත්ව සිටින බව පෙනෙන්නට ඇත. ඒ අතරට එදා වේල යාන්තමින් ගැටගසා ගන්නා පදික වෙළෙන්දාගේ සිට ඉහළ පැලැන්තියේ සංචාරක හෝටල් හිමියා ද වේ. මෙය කලාතූරකින් දක්නට ලැබෙන්නා වූ අවස්ථාවක් වන්නේ බොහෝ ආර්ථික අවපාතයන් හමුෙවී බොහෝ විට පීඩාවට පත් වුනයේ ඉහල පැලැන්තියේ ජනතාව වුවද මෙවර එය ධනපතියා දක්වාම බලපා ඇති බව පෙනෙන්ට ඇති බැවිණි.

මෙකී අලකලංචි මධ්‍යයේ කටයුතූ කෙරීගෙන යන අතරතූර ආණ්ඩුව විසින් ඉදිරියේ දී ගෙන ඒමට බලාපොරොත්තූ වන යෝජිත ත‍්‍රස්තවාදය වැලැක්වීෙමී පනත් කෙටුමිපත හෙවත් ප‍්‍රතිත‍්‍රස්ත පනත (Counter Terrorism Act) වෙත මේ වන විට බොහෝ දෙනාගේ අවධානය යොමූ වී ඇත. මෙහිදී මෙරට බහුතරයක් ජනතාව අසරණ තත්වයට පත්වී ඇති අවස්ථාවක මෙවැනි පනතක් ලහි ලහියේ ගෙන ඒමට කටයුතූ කිරීම පිළිබඳව බොහෝ පාර්ශවයන්ගේ ප‍්‍රසාදයක් නොමැති බව පොනෙන්නට ඇත. නමුත් ආණ්ඩුවට සමිබන්ධ බොහෝ පාර්ශවයන්ගේ අදහස මෙයට හාත් පසින්ම වෙනස්ය. මෙම මත දෙකට අතරමැදිව මොලෝ හසරක් පිළිබඳව දැනුමි තේරුමක් නොමැතිව බලා සිටින මහජනතාවට මෙම ප‍්‍රති ත‍්‍රස්ත පනතින් කවර ආකාරයක බලපෑමක් ඇති කරන්නේ දැයි යන්න සලකා බැලිය යුතූය.

මෙරට මේ වන විට ත‍්‍රස්තවාදය වැලැක්වීම සහ මහජනයාගේ ආරක්‍ෂාව සමිබන්ධව කටයුතූ කරනු ලබන ප‍්‍රදානතම නීති මූලාශ‍්‍ර දෙක වන්නේ ත‍්‍රස්තවාදය වැලැක්වීෙමී පනත සහ මහජන ආරක්‍ෂාව පිළිබඳ ආඥා පනතයි. මෙහිදී මෙරට ආණුඩක‍්‍රම ව්‍යවස්ථාවෙහි 155 වන වගන්තිය අනුව යමි හදිසි අවස්ථාවක දී හෝ අන්තරාදායක අවස්ථාවක දී මහජන ආරක්‍ෂාව පිළිබඳව වූ ආඥා පනත ප‍්‍රයෝජනයට ගනිමින් හදිසි නීතිය බලාත්මක කිරීෙමී බලය විධායකයෙහි ප‍්‍රදානියා වන ජනාධිපතිවරයා හට ලබා දී ඇත. මෙම තත්වය පිළිබඳව කදිම, ප‍්‍රායෝගික නිදසුනක් මේ අවස්ථාෙවී දී දැක ගැනීමට හැකිය. එනමි පාස්කූ ප‍්‍රහාරයෙන් පසු මෙරට ඇති වූ තත්වය සමනය කිරීෙමී අරමුනෙන් හදිසි නීතිය පිළිබඳව වූ අතිවිශේෂ ගැසටි පත‍්‍රය නිකූත් කිරීම පෙන්වා දියහැකිය. එහිදී සැකකරුවන් අත්අඩංගූවට ගැනීම,ත‍්‍රස්තවාදී කටයුතූ සඳහා යොදාගත් දේපල රාජසන්තක කිරීම වැනි වැඩ කටයුතූ රාශියක් සාමාන්‍ය නීතිය තූල දී කි‍්‍රයාත්මක වනවාට වඩා වැඩි වෙනස්කමකින් යුතූව යොදා ගනුලබන බව පෙනෙන්ට ඇත. එයට හේතූව වන්නේ එම හදිසි නීතිය තූලදී වඩා වැඩි බලතල ප‍්‍රමාණයක් නීතිය කි‍්‍රයාත්මක කරනු ලබන ආයතන වෙත ලබා දීම හා එම ආයතන අනුගමනය කල යුතූ නීතිමය කි‍්‍රයා පටිපාටිය සාමාන්‍ය ක‍්‍රමෙවීදයෙන් බැහැරව වඩා ලිහිල්ව තිබීමයි.

නමුත් මෙම ත‍්‍රස්තවාදය වැලැක්වීෙමී පනත කෙරෙහි එල්ල කරනු ලබන චෝදනා අතරට මූලික අයිතිවාසිකමි උල්ලංඝණය කිරීම, මානව හිමිකමි කි‍්‍රයාකාරීන් හා නීත්‍යානුකූලව පවත්වනු ලබන විරෝධතා මැඩ පැවැත්වීමටත් මෙමගින් අනිසි ලෙසට පාලකයින් හට බලයක් ලැබෙන බවට පැහැදිලිය.

මෙම හේතූව නිසාම මෙම ත‍්‍රස්තවාදය වැලැක්වීෙමී පනත මෙරට බොහෝ අසීරුතම කාලයන්හිදි පාලකයින් විසින් පිහිටට ගනු ලැබූව ද ඒ පිළිබඳව සෑම විටම විෙවීචනයන් එල්ල වන්නට ද විය.

තත්වය මෙසේ තිබියදී 2015 වර්ෂය සැප්තැමිබර් මස එක්සත් ජාතීන්ගේ මානව හිමිකමි කවන්සිලයේ අංක 30/1 යෝජනාව යටතේ ත‍්‍රස්වාදය වැලැක්වීෙමී පනත අහෝසි කොට නව නීති සෑදීම සඳහා මෙරට පූර්ණ සහය දැක්වීම මත එම යෝජනාෙවීම 12 වන පරිචිඡේදය මගින් එම ගනු ලැබූ තීරණය පිළිබඳව ඇගයීමට ලක්කොට ඇත. මෙය මෙරට නව ප‍්‍රති ත‍්‍රස්ත පනත හඳුන්වාදීම සඳහා ගනු ලැබූ මූලාරමිභයක් ලෙසට සනිටුහන් කල හැකිය.

ත‍්‍රස්වාදය වැලැක්වීෙමී පනත සමිබන්ධයෙන් ගෙන ඒමට බලාපොරොත්තූ වන සංශෝධන හා එම පනතට පරිභාහිරව නීති රාමුවක් සැකසීෙමී අරමුනින් යුතූව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් 2016 වර්ෂයේ අපේ‍්‍රල් මස පත් කරන ලද කමිටුව විනිවිද භාවයකින් තොරව සංවෘතව කටයුතූ කිරීම නිසා එම සාකචිඡුාවට සමාජයේ අදහස් හා යෝජනා ලබා ගැනීම උන් තැනම ලොග් විය. ෙමීනිසාම නව ප‍්‍රති ත‍්‍රස්ත පනත පිළිබඳව වූ පැහැදිලි චිත‍්‍රයක් සමාජගත කිරීම එනයින්ම වැලකී ගොස් ඇත්තේ ඒ පිළිබඳව සමාජය තූල ද බරපතල සැකයක් ඉතිරි කරමින්ය. සාමාන්‍ය නීතියට හා දැනට පවතින ත‍්‍රස්තවාදය වැලැක්වීෙමී පනතට අමතරව යෝජනා වී ඇති මෙම නව ප‍්‍රතිත‍්‍රස්ත පනතෙහි 17 වන වගන්තිය මගින් යමි පුද්ගලයෙකූ අත්අඩංගූවට ගත හැකි අධිකාරියක් සහිත නිළයන් ලෙසට දක්වා ඇත්තේ පොලිස් නිලධාරියෙකූ හෝ සන්නද්ධ හමුදා නිලධාරියෙකූ හෝ වෙරළ ආරක්‍ෂක නිලධාරියෙකූ යන පුද්ගලයින් හටය. මෙවැනි පුද්ගලයෙකූ කරනු ලබන වරෙන්තූවක් නොමැති අත්අඩංගූවට ගැනීමක දී එම අත්අඩංගූවට ගනු ලැබූ තැනැත්තා ලගම ඇති පොලිස් ස්ථානයට ඉදිරිපත් කිරීමට 18 වන වගන්තිය යටතේ පැය 24ක කාලයක් ලබා දී ඇත. සාමාන්‍ය ක‍්‍රමෙවීදයට අනුව යමි පුද්ගලයෙකූ අත්අඩංගූවට ගනු ලැබූ විට දී එම පුද්ගලයා අධිකරණයක් වෙත ඉදිරිපත් කිරීෙමී හැකියාව ඇත්තේ පොලිස් නිලධාරියෙකූහටය. නමුත් මෙම නව ක‍්‍රමෙවීදයට අනුව පොලිස් නිලධාරියෙකූ නොවන නිලයක් දරන පුද්ගලයෙකූ කරනු ලබන අත්අඩංගූවට ගැනීමක දී එම අත්අඩංගූවට ගනු ලබන පුද්ගලයා පොලිස් ස්ථානයට භාර දීමට පැය 24 ක කාලයක් ලබා දීම යමි සැකකරුවෙකූ හට යුක්තිය පසිඳලීෙමී කි‍්‍රයාවලියට ඇතූලූ වීමට ඇති අයිතිය යමි කාලයකට බැහැර කරන්නකි. එහිදී ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 2 වන අනු ව්‍යවස්ථාවෙහි දක්වා ඇති පරිදි අත්අඩංගූෙවී තබා ගන්නා අයෙකූ නීතියෙන් නියම කරනු ලැබූ කාර්ය පටිපාටියට අනුව යමි අධිකරණයක විනිසුරුවරයෙකූ විසින් කරනු ලැබූ ආඥාවකින් මිස රඳවා තබා නොගත යුතූය, යන මූලික අයිතිවාසිකම උල්ලංඝණය කිරීමකි.

මීට අමතරව 27(2) වගන්තිය යටතේ රැුඳවුමි නියෝගය ලබාදුන් පලමු සති දෙක ඇතූලත අධිකරණය මගින් අධීක්‍ෂණයක් සිදු කිරීමට හැකියාව නොමැති වීම හා රැුඳවුමි කාලසීමාව අවසානයේ 39(4) වගන්තිය මගින් සැකකරුවෙකූ නිදහස් කිරීමට හෝ ඇප ලබා දීම පිළිබඳව ප‍්‍රතිපාදන සලසා දී නැති වීම ද මෙම යෝජිත පනත තූල පවතින අඩුපාඩු ලෙසට දැක්විය හැකිය. මීට අමතරව නීතිඥවරයෙකූ හට සැකකරුවෙකූ සමිබන්ධව ලබා ගත හැකි තොරතූරු සීමාකොට ඇති අතර පොලිස් නිලධාරියා අදාල මහේස්ත‍්‍රාත්වරයා හට ලබා දෙන වාර්තාව රහස්‍යය වාර්තාවක් වීම හේතූවෙන් මෙම යෝජිත පනතෙහි 36 වන වගන්තිය මගින් සිවිල් හා දේශපලාන අයිතීන් පිළිබඳ ජාත්‍යන්තර සමිමුතියේ වගන්තීන් ද උල්ලංඝණය වන බව පෙනේනට ඇත. මීට අමතරව අභියාචනා සලකා බැලීම සඳහා පිහිටුවීමට නියමිත සමාලෝචන මණ්ඩලයෙහි සාමාජිකයින් බහුතරයක් අමාත්‍යාංශය නියෝජනය කරන අයවලූන් වීමට යෝජනා කිරීම 41 වන වග්නිය යටතේ දක්වා තිබීමෙන් එම මණ්ඩලයෙහි ස්වාධීනත්වය හා අපක්‍ෂපාතිත්වය කෙරෙහි බලපෑමක් ඇති කිරීෙමී හැකියාවක් ඇත.

මෙම යෝජිත පනතෙහි ඇති ප‍්‍රතිපාදන මත නීතිපතිවරයා හට මහාධිකරණයෙහි විභාග වන නඩුවක අධිචෝදනා අත්හිටුවීම, කල්තැබීම හෝ ඉවත් කිරීමට බලතල පැවරේ. මෙම බලය දැනටත් නීතිපතිවරයා හට පැවතූන ද නව පනත මගින් වසර 5කට නොඅඩු හා වසර 10කට නොවැඩි කාලයකට අපරාධ නඩුවල කටයුතූ අත්හිටුවීම හෝ කල් තැබීමට ඉඩ ලබා දීම පනතේ 72(1) සහ 77(1) මගින් සිදු කිරීම තූල යමි සැකකරුවෙකූට අධිකරණ කි‍්‍රයාවලියකට භාජනය වීෙමී ඇති මූලික අයිතිවාසකම උල්ලංඝණය වීෙමී අවධාමනක් පවතින බව කිව යුතූය.

මෙම කරණු මගහැර ගැනීමට ඇති හොදම සහ එකම විසඳුම වන්නේ මෙම පනත පිළිබඳව විවෘත සංවාදයක් වඩාත් විනිවිදභාවයකින් සමාජය තූල ඇති කොට එම යෝජනා මත මෙම පනතෙහි සංශෝධණය කල යුතූ තැන් සැකසීමට පියවර ගැනීමයි. ත‍්‍රස්තවාදී කටයුතූ මගින් ආරක්‍ෂා කිරීමට ගෙනෙනු ලබන ත‍්‍රස්වාදය වැලැක්වීෙමී නීති මාලාවන් නැවතත් මහජනතාව වෙත ත‍්‍රස්තවාදයක් ඇති කරන්නේ නමි එම නීති කිසිඳු පලක් නොවනු ඇත.

-නීතිඥ කසුන් පොන්නමිපෙරුම.

Leave a comment

This website uses cookies to improve your web experience.