Skip links

තොරතුරු දැනගැනීමේ පනත – මහජනතාවගේ පනතක්

‘තොරතුරු දැන ගැනීම සම්බන්ධයෙන් මහජනතාවට ඇති අයිතිය තහවුරු කිරීම සඳහා අවුරුදු 20ක් තිසේසේ මේ පනත ගෙන ඒමට බොහෝ මහන්සි වුණා. අවසානයේ 2015 වසරේදී මෛත්‍රිපාල සිරිසේන ජනපතිගේ මැදිහත්වීමෙන් මේ පනත ඉදිරිපත් කළා. මහජනතාවගේ මතය ද මේ පනතට ලැබී තිබෙනවා. මේක නියත වශයෙන්ම මහජනතාවගේ පනතක්. පසුගිය මහ මැතිවරණයේදී ප්‍රධාන පක්ෂ සියල්ලක්ම තම ප්‍රතිපත්ති ප්‍රකාශනවල තොරතුරු දැනගැනීමේ පනතක අවශ්‍යතාවය සඳහන් කර තිබුණා. අනෙක් අණ පනත්වල නීති රෙගුලාසි පැනවෙන්නේ සාමාන්‍යයෙන් මහජනතාව මත. නමුත් තොරතුරු පනතේ වි‍ශේෂත්වය තමයි රජයට එම රෙගුලාසි පැනවීම. රජය කරවන බලධාරින් මත එහි වගකීම් පැවරෙනවා‘

තොරතුරු දැනගැනීමේ පනත මගින් රජයේ අමාත්‍යංශ හා ඒවාට අයත් ආයතන මගින් ක්‍රියාත්මක කිරීමට නියමිත ව්‍යාපෘති සම්බන්ධ තොරතුරු ජනතාවට දැනගැනීමට ලැබෙන බවත් මෙම පනත මගින් මාධ්‍යයට නීති පැනවෙන බවට හා මේ හරහා තවදුරටත් තොරතුරු වසන් කිරීමට උත්සාහ කරනවා වැනි බොරු ප්‍රචාරවලට නොරැවටී මෙය ක්‍රියාත්මක කිරීමට සහාය දෙන ලෙසත් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ආයතනය ඉල්ලා සිටී.

Leave a comment

This website uses cookies to improve your web experience.