ජිනීවා මානව හිමිකමි චෝදනාවන්ට තිත තබමු.

SWITZERLAND-UN-RIGHTS-US

ජිනීවා මානව හිමිකමි චෝදනාවන්ට තිත තබමු.

නීතිඥ කසුන් පොන්නමිපෙරුම

ජිනීවා මානව හිමිකමි සමුළුව සෑම වසරකදීම මෙරට වෙසෙන හා විදේශික ලාංකිකයන්ගේ ඉහමොළ රත් කරමින් වාර්ෂිකව පැවැත්වෙයි. සාමාන්‍ය ජනතාවට මෙන්ම මෙරට පාලකයන්ට ද ජිනීවා මානව හිමිකමි සැසිය යනු අතිශය සුවදායි යුරෝපීය සංචාරනයට එහා ගිය බරපතල හිස රදයකි. මෙය පැවැත්වෙන කාලය තූල මෙරට පාලකයන්ගේ පුටු ගිණි ගණිමින් තිඛෙන්නේ එහි කථාබහට ලක් වන කරුනු මත මෙරටට ලැඛෙන විදේශ ආධාර බොහෝ විට සීමාවකට ලක් වන නිසාය. මෙය රටක් ලෙසට යුධ ජයග්‍රහණය ලැබූ 2009 වර්ෂයේ සිටම වර්ධනය වෙමින් පැවතීම හේතූවෙන් දැනට එය කල් ගත වූ තූවාලයක් ලෙස රටෙහි පැවැත්මට බලපෑමි කරමින් ඇත.
මෙම ජිනීවාහි මෙරටට විරුද්ධව ගෙනෙනු ලබන යෝජනා අතරට මෙරට පැවති යුධ සමය අවසාන කාලයේ සිදු කලා යැයි කියනු ලබන යුධ අපරාධ චෝදනාවන්ට අමතරව එම කාලය තූල සිදුවූවා යැයි සලකන අතූරුදන් වූවන් සමිබන්ධයෙන් ද දැනට දීර්ඝ කාලයක් තිස්සේ මෙරට බන්ධනාගාර තූල චෝදනා ගොනු කිරීමකින් තොරව රඳවා තිඛෙන රැඳවියන් සමිබන්ධව වූ කරුණු ද ඉදිරිපත් වන බව නොරහසකි.

මෙය බොහෝ විට මෙරට කි්‍රයාත්මක වන රාජ්‍ය නොවන හා සිවිල් සංවිධාන හරහා මෙම ජාත්‍යන්තර සංවිධානයන්ගේ කණ වැකෙන බව නොරහසකි. මෙහිදී අප බොහෝ දෙනෙකු කරනුයේ මුව හමට තඩිබාන්නාක් මෙන් මෙරට තූල කි්‍රයාත්මක වන සංවිධාන හා ආයතනවලට බැණ වදීමින් විදේශයන්හි සිටින ඩයස්පෝරාව වෙත ඇගිල්ල දිගූ කිරීමයි.

මෙය අවාසනාවන්ත තත්වයකි. ලියුමිකරුද මෙරට යුද්ධය අවසන් වූ ආසන්නතම කාලයේ අනුරාධපුර මහාධිකරණයෙහි රජයේ නීතිඥවරයා ලෙසට හිඳිමින් මෙලෙස චෝදනා ගොණු කොට හා විමර්ශණයන්හි තත්වය පිළිබඳව සැකකරුවන් හෝ ඔවුන්ගේ නීතිඥවරුන්හට නිසි පරිදි කරුණු පැහැදිලි නොකර සිටින ලද අවස්ථා බොහොමයක් දැක ඇත. මෙනිසාම මෙම තත්වය සමිබන්ධව පහත පරිදි සංවාදයකට පිවිසීම සුදුසු යැයි සිතමි.

’ සිරකරුවන් ද මනුෂ්‍යයෝය¶ යන වැකිය වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපස මහමග ගමන් කරනු ලබන ඔීනෑම අයෙකූ හට නිතැතින්ම සිට දෑස්වෙතට යොමු වන්නේ වැලිකඩ බන්ධනාගාරය එහි ඉදිරිපස වූ මහා ප්‍රාකාරයක් ලෙසට පිහිටා ඇති තාප්පයෙහි ඉහත වැකිය ඉතා පැහැදිලිව දෘශ්‍යමාන වන අයුරින් නිරූපණය කර ඇති නිසාවෙනි. මෙය කියවනු ලබන බොහෝ දෙනෙකූ හට සිරකරුවන් පිළිබඳව ඇති හැගීම යමි ප්‍රමාණයකට හෝ වෙනස් වනු දැකිය හැකිය.

බන්ධනාගාරය යනු නේවාසිකයින් පුනරුත්ථාපනය තූලින් යහපත් පුරවැසියන් ලෙස සමාජගත කිරීම දැක්ම කොට ගත් මෙරට සැකකරුවන්, වැරදිකරුවන් හා රැඳවියන් පිළිබඳව ප්‍රධාන ලෙසටම කි්‍රයාත්මක වන්නා වූ ආයතනයකි. මෙහිදී කෙටි කාලීන මෙන්ම දීර්ඝ කාලීන රැඳවියන් ලෙසට ප්‍රධාන ලෙසට කොටස් 02ක් පවතී. මෙහිදී වරදේ ස්වභාවය, ද~ුවමෙහි ස්වභාවය හා අධිකරණයේ විමර්ශණ කටයුතූ පවත්වන කාලය යන කරුණු මත මෙම පුද්ගලයන් රඳවා තබනු දැකිය හැකිය. මෙම රැඳවීෙමී දී ප්‍රධාන ලෙසටම අරමුණු කොට ගනුයේ රැඳවියන්ගේ පුනරුත්ථාපනය වන අතර එය රැඳවිය්නගේ සුභසිද්ධිය ද මුල් කොට ගත්තකි.

මුල් කාලීනව බන්ධනාගාරයෙහි ඉහලම පුටුව පොලිස් ඉන්ස්පෙක්ටර් ජනරාල් විසින්ම පාලනය කෙරුනද, පසුව එය බන්ධනාගාර කොමසාරිස් තනතූර දක්වාම ෙමී වන විට එය පැමිණ ඇත. මෙලෙස කි්‍රයාත්මන වන බන්ධනාගාර දෙපාර්තෙමීන්තූවෙහි සිටින සිරකරුවන් සමිබන්ධව විටෙන් විට සමාජය තූල කති්කාවන් නිර්මාණය වෙමින් ඇත. එහිදී අධිකරණය මගින් වරදකරු කොට නොමැති රඳවා තබන්නේ හා දැනටමත් අධිකරණ කි්‍රයාදාමයන්ට යොමුව ඇප නොතබා බන්ධනාගාරගතව සිටින පුද්ගලයින් ලෙසටද ඔවුන් කෙරෙහි අවධානයට ලක් කිරීෙමී දී මුල් තැනක් ලබා දිය යුතූය.

මෙහිදී ත්‍රස්තවාදය වැලැක්වීමෙමී පනත යටතේ රඳවා ගනු ලබන රැඳවියන් සමිබන්ධව බොහෝ දේශපාලකයින් හා සිවිල් සංවිධාන ද හඩක් නගනු දැකිය හැකිය. මෙහිදී ත්‍රස්තවාදය වැලැක්විෙමී පනතෙහි කටයුතූ සඳහා ත්‍රස්ත විමර්ශණ ඒකකය හා අපරාධ පරීක‍ෂණ දෙපාර්තෙමීන්තූව සෘජුව මැදිහත් වීමත් එම කරුණු සමිබන්ධව කෙරෙන විමර්ශණය්හි දී දැකගත හැකිය. මෙහිදී ත්‍රස්තවාදී කටයුතූ සමිබන්ධයෙන් අත්අඩංගූවට ලත් වන සැකකරුවන් හට ඉතා දීර්ඝ ලෙස ප්‍රශ්ණ කිරීමට හා විමර්ශණයන්ට භාජනය වීමට සිදු වන්නේ එම කටයුතූ සඳහා සමිබන්ධ වෙනත් පුද්ගලයින් හා ඉදිරි සැලසුමි සොයා ගැනීෙමී අටියෙනි. නමුත් ෙමී සඳහා අත්අඩංගූවට පත් වූවන් චෝදනා පත්‍ර හෝ විමර්ශණයන්ගේ ප්‍රගතිය නිසි පරිදි නොදැන දීර්ඝ කාලයක් තිස්සේ බන්ධනාගාරගතව සිටින බවද නොරහසකි. මෙය නීතියේ ආධිපත්‍ය හා සමානාත්මතාව අපේක‍ෂා කිරීෙමී දී යහපත් තත්වයක් නොවන බව නමි කිව යුතූය.

ශි්‍ර ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි ෂෂෂ කොටස මෙරට සියලූ පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකමි වෙුනවෙන් කි්‍රයාත්මන වන මෙරට උත්තරරීතර නීතිය ෙවී. එහි 13 වන ව්‍යවස්ථාවෙහි අනු ව්‍යවස්ථාවන්හි සඳහන් අන්දමට අත්අඩංගූවට පත් වූ රඳවා ගනු ලැබූ සෑම තැනැත්තෙකූම නීතියෙන් නියම කරනු ලැබූ කාර්ය පටිපාටියට අනුකූලව කටයුතූ කළ යුතූය. ඊට අමතරව සෑම තැනැත්තෙකූ හටම අධිකරණයෙන් ද~ුවමි නියම කරනු ලබන තෙක් නිර්දෝෂී භාවයේ පූර්ව නිගමනය හිමි විය යුතූ බවට මූලික අයිතිවාසිකමි පරිචිඡේදයෙහි පැහැදිලිව දක්වා ුඇත. ෙමී අනුව සෑම රැඳවියෙකූම ද~ුවමකට යටත් නොකොට දීර්ඝ කාලයක් බන්ධනාගාර ගත කිරීෙමී දී එම තැනැත්තා හට තමාට එල්ලවන චෝදනා සහ විමර්ශණ වල ප්‍රගතිය පිළිබඳව දන්වා සිටිමත්, විනිවිදභාවයකින් කටයුතූ කිරීමත් අතිශය වැදගත්ය.

මෙම තත්වය ඇති කිරීමෙන් මෙරට රජයට ද බොහෝ වාසි අත්පත් කර ගත හැක. දැනට මෙරට මුහුණ දී සිටින ජිනීවා මානව හිමිකමි කවුන්සිලය තූල චෝදනා එල්ල වීම වැනි බොහෝ ප්‍රශ්ණ ද අපට ඉතා කෙටි කාලයක් තූල අවසන් කර ගැනීෙමී හැකියාව ද පවතී. බොහෝ පුද්ගලයන් අත්අඩංගූවට පත් වීෙමී දී එදෙස ඉතා විමසිල්ලෙන් පසු වන්නේ එම තැනැත්තාගේ සමීපතයන් පමණක්ම නොෙවී. සිවිල් හා මානව හිමිකමි සංවිධාන ද ෙමී පිළිබඳව අවධානයෙන් පසු වන බව පැහැදිලිව අවබෝධ කර ගත යුතූය. ෙමී හරහා යමි සිරකරුවකූ හෝ රැඳවියකුගේ තොරතූරු ඉතා පහසුවෙන් අප රට ද සාමාජිකත්වය දරන ජාත්‍යන්තර සංවිධාන වෙත යොමු වීම වැලැක්විය නොහැක. මෙයට අමතරව එම සැකකරුවන්ගේ සමීපතයින් ඔවුන් වෙනුවෙන් පෙනී සිටිනු ලබන නීකිඥවරුන්ට ද යමි රැඳවියෙකූ දීර්ඝ කාලයක් තබා ගැනීෙමී දී හේතූ දන්වා සිටිීම මෙම ජාත්‍යන්තර දෝෂාරෝපනයන්ගෙන් වැලකී සිටීමට ඉතා පහසු මගක් බව මෙරට රජයන් ද තේරුමි ලත යුතූය.

2016 වර්ෂයේ ජනවාරි මස සිට සැප්තැමිබර් මස අවසානය දක්වා මහේස්ත්‍රාත් සහ මහාධිකරණයන්හි පවරන ලද නව නඩු සංකයාව 343,000 ක් පමණ ෙවී. මෙම නඩු ප්‍රමාණයෙන් සැකකරුවන් හා වැරදි කරුවන් ප්‍රමාණය සලකා බැලීෙමී දී බහුතර ප්‍රමාණයක් මෙරට විවිධ බන්ධනාගාරයන් වෙත යොමු කර ඇති අතර අනෙක් පිරිස ඇප ලබා පිටව ගොස් ඇත. 2016 වර්ෂයේ කාලය තූල මෙම ඉහතින් සඳහන් කරන ලද පවරන ලද නඩු සහ ඊට පෙර වර්ෂයේ එනමි 2015 වර්ෂය අවසානයේ ඉතිරි වූ නඩු සංඛ්‍යාවෙන් නඩු ගොණු 322,655 ක ප්‍රමාණයක් අවසන්ව ඇති බව අධිකරණ අමාත්‍යාංශය සතූව ඇති සංඛ්‍යා දත්ත මගින් තහවුරු කරනු ලබයි.

2016 වර්ෂයේ හදිසි නීති රෙගූලාසි යටතේ සහ ත්‍රස්තවාදය වැලැක්වීෙමී පනත යටත් අධිකරණයන් විසින් වැරදි කරුවන් කරන ලද සංඛ්‍යාව 25කි. ඒ අනුව මෙම කාලය තූල සහ ඉන් පෙර අදාල නීති පනත් ප්‍රකාරව රඳවා තබා ගෙන ඇති සැකකරුවන් පිළිබඳව සලකා බැලීෙමි දී මෙම දදුවමි ලැබූ ප්‍රමාණයට වඩා වැඩි පිරිසක් රඳවා සිටින බව පැහැදිලිය. එම සැකකරුවන් සමිබන්ධයෙන් නීතියේ ක්‍රමෙවීදයට අනුව වඩාත් ඉක්මනින් පියවරක් ගැනීම රටක් ලෙසට ජාත්‍යන්තරය ඉදිරියේ මෙරටට එල්ල වන චෝදනා බොහෝමයක් වලක්වා ගැනීෙමී හැකියාව පවතිනවා ඇත.

මෙම නීති ක්‍රමෙවීදයේ දි ඇති වන ප්‍රමාදයට අමතරව රැඳවියන් විසින්ම දැනුවත් හෝ නොදැනුවත්ව සිදු කරන නොසැලකිලිමත් කරුණු නිසා ද බන්ධනාගාර තූල අනිසි ලෙස රැඳවියන් වැඩි වීමට හේතූවක් වී ඇත. වර්තමාන ඇප පනතෙහි ලබා දී ඇති ප්‍රතිපාදන යටතෙහි යමි සැකකරුවෙකූ වසරකට අධික කාලයක් රඳවා තබා ගැනීමට නීතිපතිගේ ඉල්ලීමක් මත පමණක් සිදු කල හැක. නමුත් මෙි පිළිබඳව අවබෝධයක් නොමැති බොහෝ සැකකරුවන් පිරිසක් වසරකට අධික කාලයක් තිස්සේ නීතිපතිගේ ඉල්ලීමක් නොමැතිව වුවද බන්ධනාගාර ගතව සිටිනු දැකිය හැකිය. මෙහි දී එම සැකකරුවන්හට නිසි නීතිඥ නියෝජනයක් නොමැති වීම නිසාම ඇප සමිබන්ධ ඉල්ලීමක් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නොහැකි වී ඇත. මෙම තත්වයට සෘජුව මැදිහත් විය හැකි ප්‍රදානතම ආයතනයක් ලෙසට නීති ආධාර කොමිසම හඳුන්වාදය හැකිය. නිදසුනක් ලෙස එම ආයතනයෙහි සභාපතිධූරය දැරූ ජනාධිපති නීතිඥ යූ. ආර්. ද සිල්වා මහතාගේ ධුූර කාලය වූ වර්ෂ 2012 සිට 2013 දක්වා කාලය තූල අනුරාධපුර මහාධිකරණය මගින් වසරකට වැඩි කාලයක් නීතිපති ඉල්ලීමකින් තොරව රඳවා සිටි සැකකරුවන් බොහොමයකට නීතිඥ නියෝජනය ලබා දී ඇප ලබාගැනීමට කටයුතූ කෙරිණි. නමුත් එවැනි සකි්‍රය නීති නියෝජනයක් එවැනි සැක කරුවන් සමින්ධයෙන් ඉන්පසුව මෙරට දී බොහෝ විට දැක ගැනීමට නොලැබීම කණගාටුදායකය.

බන්ධනාගාර දෙපාර්තෙමීන්තූ හා සංඛ්‍යා ලේඛණ දත්තයන්ට අනුව වර්ෂ 2013 සිට 2017 දක්වා කාලය තූල සෑම වර්ෂයකදීම ලක්ෂයකට ආසන්න සිරකරුවන් පිරිසක් (අධිකරණ මගින් වැරදිකරු කරන ලද හෝ නොකරන ලද) බන්ධනාගාර වෙතට යොමු කර ඇති බවට පැහැදිලි ෙවී. නිදසුනක් ලෙස 2017 වර්ෂයේ දී කාන්තා සිරකරුවන් 5251 ක් සහ පිරිමි සිරකරුරවන් 83785 ක් ඇතූලූව මුලූ සිරකරුවන් ප්‍රමාණය 99036 ක් බන්ධනාගාරගතව සිට ඇත. මෙම සංඛ්‍යා දත්ත අනුව පවරනු ලැබූ නඩු සඳහා වැරදිකරුවන් කරනු ලැබූ ප්‍රමාණය සහ බන්ධගාර තූල පවතින නඩු වලට සාපේක‍ෂව රඳවා සිටින රැඳවියන් සංඛ්‍යාව අතර පවතින්නා වූ වෙනස මගින් මෙම චෝදනා පත්‍ර රහිතව දීර්ඝ තාගයක් මුලූල්ලේ රඳවා ගබා ගනු ලබන රෑඳවියන් සමිබන්ධව පැහැදිලි අවබෝධයක් ලබා ගත හැක. මෙම පිරිස වෙත චෝදනා ගොනු කිරීම සහ විමර්ශණ ප්‍රගතිය පිළිබඳ විස්තරාත්මකව දැනුමි දීම මගින් වඩාත් විනිවිදභාවයකින් යුතූව කටයුතූ කිරිම සමිබන්ධයෙන් වන ඇගයීම මෙරට පාලයන් හට ද අනිවාර්යයෙන්ම ලැඛෙනවා ඇත.

මෙරට හෝ කිසිඳු රටක ජාතික හා මහජන ආරක‍ෂාව පිළිබඳව කෙරෙන විමර්ශණ හා තීන්දු තීරණ කෙරෙහි මැදිහත් වීමට යමෙකූ සිතන්නේ නමි එය අතිශය අනුවන කි්‍රයාවක් වන්නේ එය තමාගේම වටපිටාව ද අනතූරේ හෙලීමට හැකි වන බැවිනි. නමුත් මෙරට උත්තරරීතරම නීතිය වන ශි්‍ර ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ද සුරක‍ෂිත කොට ඇති නීතියේ සාමානාත්මතාවය සහ සාධාරණවත්ය තූල වැරදිකරුවන් හෝ සැකකරුවන් කෙරෙහි කි්‍රයාත්මක වීෙමී නිසි ක්‍රමෙවීදයක් සකසා ඇත්තේ එමගින් නිර්දෝෂී පුද්ගලයන්ගේ අයිතීන් අනවශ්‍ය ලෙස උල්ලංඝණය වීම වැලැක්වීමටය. එය කි්‍රයාත්මක වීෙමී දී රටකට ජාත්‍යන්තර තලයේ පිලිගැනීම අනායාසයෙන්ම ලැඛෙන අතරම රෙටී මහජනතාව තූල ද නීතිය පිළිබඳව ඇති විහ්වාසය තහවුරු ෙවී. එවැනි සාමාජයකට මගපෙන්වීම ස\හා ප්‍රමුඛ කාර්යභාර්යයක් කරනු ලබන ආයතන වන අධිකරණ, බන්ධනාගාර සහ නීතිපති දෙපාර්තෙමීන්තූව යන ආයතන වඩාත් ක්‍රමවත් හා විනිවිද භාවයකින් කටයුතූ කලයුතූය. එලෙසට නිවැරදිව කටයුතූ නොකරන්නේ නමි තවදුරටත් එහි වාසිය හිමි වනුයේ ජිනීවා මානව හිමිකමි කවුන්සියලය තූල දී මෙරටට විරුද්ධව හඩ නගන කි්‍රයාකාරීන්ට හා ආයතන වලට බව තේරුමි ගත යුතූය.

බන්ධනාගාරය මගින් රැගෙන එනු ලබන සැකකරුවන් හට අධිකරණ ශාලාව තූල දී නීතිඥ නියෝජනයක් ලද පමනින් නීතියේ සාධාරණවත්ය හිමිවනවා යැයි අපේක‍ෂා කල නොහැක. එම තැනැත්තා රඳවා තබා ගනු ලබන කාරණය හා වමර්ශණයන්හි ප්‍රගතිය පිලිබඳව ඔවුන් හෝ ඔවුන්ගේ නීතිඥවරුන් නිසි පරිදි දැනුවත් කරන්නේ නමි ෙමී සමිබන්ධව පැහැදිලි අවබෝධයක් ලැබීමෙන් පසුව ඔවුන්ට සිය චෝදනාවන් ජාත්‍යන්තරය වෙත ගෙන යෑමට අවස්ථාවක් නොලැඛෙනවා ඇත.

මෙලෙසටම චෝදනා ගොණු කර නොමැති සැකකරුවන් ස\හා කඩිනමින් චෝදනා ගොණු කොට අධිකරණ කි්‍රයාවලියට භාජනය කිරීමට පියවර ගත යුතූය. ෙමී සඳහා අවශ්‍ය වන්නේ අපරාධ පරීක‍ෂණ දෙපාර්තෙමීන්තූව, ත්‍රස්ත විමර්ශණ ඒකකය සහ නීතිපති දෙපාර්තෙමීන්තූව අතර වඩාත් කාර්්‍යක‍ෂම, අනෝනය්‍ය, කි්‍රයාවලියක් සැකසීමත්් එම ආයතන වල සේවය කරනු ලබන නිලධාරී සංඛ්‍යාව වැඩිකරලීමත්ය. මෙය සෑම වසරකම ජිනිවා වැනි මානව හිමිකමි කවුන්සල වෙත ධූත පිරිසක් යැවීම තරමි වියදමි සහිත වූවක් ද නොවන අතර පැලැස්තර විසඳුමක් ද නොෙවී. මෙවැනි විනිවිචභාවයක් ඇති කර ලීම තූලින් මෙරටට ජාත්‍යන්තරව එල්ල වන චෝදනා බොහෝමයකට ස්ථීර විසඳුමි ලබා දිය හැකිය.

පසුගිය කාල වකවානුව තූල මෙරට ත්‍රස්තවාදී කි්‍රයා වලින් පසුව ඇති වී තිබුනු ජාතීන් අතර වූ යමි යමි කලහකාරී සිද්ධීන් පිළිබඳව අත්ඩඅංගූවට ගනු ලබන පුද්ගලයන් හට ද නීතිය මගින් සමාන ලෙස කටයුතූ කිරීම ඉදිරියේ දී මෙරටට එල්ල වන චෝදනාවන් වලක්වා ගැනීමට සහ මානව හිමිකමි ආරක‍ෂා කිරීම සඳහා මෙරටට පැමිනෙතැයි බියෙන් පසුවන විදේශ හමුදා සේනාංක වලට ද මෙමගින් සාර්ථක ලෙස වැට බැඳිය හැක. නොඑසේ නමි හයිබ්‍රිඩි අධිකරණ, විදේශ විනිසුරුවරුන් සහ විදේශ හමුදාවන් පිලිබඳව සදාකාලික බියෙන් අපෙන් පසු පරමිපරාවන් හට ද සිතෙන්නට සිදුවනවා ඇත.

 

/ April

Share the Post

Comments

No comment yet.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *